නව සමාගමේ ප්‍රධාන විධායක ලෙස රසික කළුආරච්චි මහතා (Rasika Kaluarachchi, CEO – TKS Finance) කටයුතු කරන බවද නිවේදනය විය.
මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ පියවර යටතේ මෙම ඒකාබද්ධ විම සිදු වන අතර මොවුන් මේ ඒකාබද්ධ කිරිමත් සමගින් ද ෆීනෑන්ස් සමාගම සදහාද රුපියල් බිලියන 2-4 ක මුදලක් යෙදවිමට අදහස් කර ඇති බව රන්දොර මෙයට පෙර වාර්තා කළේය.
නව්‍යතාවයෙන් යුතුව ස්වකිය මුල්‍ය සේවා ශක්තිමත්ව දිප ව්‍යාප්ත කිරිමට නව අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවද සදහන්ය.
නව සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට ද ෆීනෑන්ස් සභාපති S H A M අබේරත්න හා වරලත් ගණකාධිකාරි ටී.ධර්මරාජා ,අයි.ඩි.විරසේන යන දේශිය අය සමඟ Dato’ Seri Tiong King Sing, JP (Chairman), Dato’ Seri Abdul Azim Zabidi (Deputy Chairman), Ling Chui Zhen (Executive Director), Lee Chong Pa (Executive Director) යන මැලේසියානුවන් කටයුතු කරනු ඇත.
මැලේසියාවේ ප්රමුඛ පෙලේ ආයෝජකයෙකු,ව්‍යාපාරිකයෙකු හා දේශපාලනඥයෙකු වන Tiong King Sing ආයෝජන මෙරටට හදුන්වා දිම සදහා එවකට ප්රමුඛව කටයුතු කළේ ප්‍රකට කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරිකයින් වන වන අසංග සෙනෙවිරත්න හා නිෂාන් සුමණධීර යන පාර්ශ්වයන්ය.
TKS කොටස් තැරුවිකාර සමාගමේද ප්‍රධානත්වය දරණ ඔහු මැලේසියාවේ Wijaya Baru Group of Companies හිද ප්‍රධානත්වය දැරු අතර වත්මනෙහි ඔහු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වේ.