08/04/2014 15:17
අගෝ 04, 2014 (විමසුම) – Prime Grameen Micro Finance සමාගමේ නිකුත් කළ හා සම්පූර්ණයෙන් ගෙවූ ඡන්ද බලය සහිත කොටස්වලින් සියයට 51ක් රු.මි. 660කට පවරා ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකුවේ කැමැත්ත පළ වේ.
පසුගිය ජූලි 31 වන දා හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් මෙම තීරණයට අනුව අවශ්‍ය නීතිමය හා කොටස්කරුවන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 30 වන දා හෝ ඊට ප්‍රථම අදාල ගනුදෙනුව සිදු වනු ඇත.
මෙම ගනුදෙනුව සාර්ථක වුවහොත් හැටන් නැෂනල් බැංකුව විසින් සිය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය (Microfinance Business) මෙසේ පවරා ගන්නා සමාගම හරහා සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් කොටස් වෙළඳපල වෙත ගිය වසරේ නිවේදනය කළ පරිදි සිය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා වෙනම සමාගමක් පිහිටුවීම සිදු නොවනු ඇත.