මෙහිදි රන්දොර කළ විමර්ශනයේදි ප්රත්යක්ෂ වුයේ ටච්වුඩ් කලක් විගණනය කළ KPMG අදාල ගිණුම් වාර්තා වල පවත්නා අඩු ලුහුඩුතා කලින් පෙන්වා දි තිබු බවක් අදාල වර්ෂ වල විගණන වාර්තා විමර්ෂනයේදි තහවුරු වෙතත්, CIFL විගණනය කළ K.K. Damboragama & Co අදාල ගිණුම් වාර්තා සාධනිය කරමින් පවසා ඇත්තේ අදාල සමාගම මහ බැංකුවේ අනිවාර්ය ද්‍රවශිලතා අනුපාත නිසි ලෙස පවත්වා ගෙන ගොස් නැති බව පමණි. ටච්වුඩ් පසුව විගණනය කළ දයානන්ද සමරවික්‍රම සමාගමට අදාල ගිණුම් වාර්තා වල කිසිදු දෝෂයක් පෙනි නැත.
කෙසේවෙතත්, වාර්ෂික වාර්තා වල ඉංග්‍රිසියෙන් සදහන් මෙම අතිශය තාක්ෂණික වගන්ති ඇතුළත් මෙම තොරතුරු හැරුණු කළ සාමාන්‍ය ආයෝජකයින්ට වැටහෙන වෙනත් හෙළිදරවි කිරිම් කිසිවක් මේ දක්වා කොටස් වෙලෙඳ පොළ ආශ්‍රීතව මිල සංවේදි මෙම කරුණු සම්බන්ධයෙන් මෙම සමාගම් විසින් සිදු කර නැති බව කොටස් වෙළෙඳ පොළ වෙබ් අඩව්ය පරිශිලනයේදි තහවුරු වේ.
පවත්නා තත්ත්වයන් මැද වුවද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂම වත්මනෙහි කොළඹ කොටස් වෙළෙඳ පොළ විනිවිද බව හා ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් පෙර නොවු විරු කාර්යක්ෂම බවත් උද්යෝගි බවක් පෙන්නුම් කරන බවත් මෙම ආයෝජක පිරිස රන්දොරට කියා සිටියහ.මේ සම්බන්ධයෙන් නියාමන කොමිෂමට ප්‍රණාමය පුද කරන ඔවුහු අතීතයේ සිදු වු මෙම වැරදි අක්‍රමිකතා වලටද සුදුසු දඩුවම් දිමටද ක්‍රියා කරන්න යැයිදි මහ බැංකුවද ඇතුළු සියළු නියාමන බලධරයන්ගෙන් ඉල්ලා සිටිති.
අදාල ලිපිය හා ඒ ආශ්‍රීතව අප අදාල සමාගම් බිදි වැට්ම් වලට අදාලව වගකිව යුතු පාර්ශ්ව දෙකක් සමඟ පැවැත්වු සංවාදයේ තොරතුරු මෙසේ ගෙන හැර දක්වමු.
KPMG ටච්වුඩ් ගැන මෙසේ කියයි- QUALIFIED ACCOUNTS
මේ වන විට ඈවර කිරිමකට ලක් ව ඇති ටච්වුඩ් සමාගමේ තමන් අවසන් වරට විගණනය කළ වාර්ෂික ගිණුම් වාර්තා දෙකක පවත්නා සැක සංකා සහ නොගැලපිම් පිළිබඳව (QUALIFIED ACCOUNTS) තම විගණන ආයතනය අදාල විගණන වාර්තා වල සදහන් කර සිට් බවත් අවසානයේ තෙවන වරටත් මෙම සැක සංකා නිවැරදි කිරිමට මෙහි පාලනාධිකාරිය අපොහොසත් වු නිසා තම ආයතනය ස්වකිය විගණන කාර්යයට 2012/13 මුල්‍ය වර්ෂයේ සමු දුන් බවත් ටච්වුඩ් සමාගමේ විගණක වරුන්ව සිට් KPMG ආයතනයේ ප්‍රධානියෙක් රන්දොරට කීය.
අපි කඩා වැටුණු ප්රමුඛ බැංකුවේ අත්දැකිම් පදනම් කර දෙවන වර ටච්වුඩ් සමාගමේ විගණන කාර්යෙන් ඉවත් වුණා.මන්ද ප්රමුඛ බැංකුවේ තෙවතාවක් අපි අදාල සැක සංකා සහ නොගැලපිම් පිළිබඳව පෙන්වා දි එහි විගණන කාර්යෙන් ඉවත් නොවු තැන අපිට එවර විවිධ චෝදනා එල්ල වුණා.මෙම චෝදනා වලින් බැහැරව් අපේ කීර්තිනාමය සුරකින්න ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් අපි තෙවන වර ටච්වුඩ් ගිණුම් විගණනය කරන්න ගියේ නැහැ යැයි මෙම ප්‍රධානියා කීය.
ඊට පසුව 2012/13 ටච්වුඩ් විගණන කටයුතු භාර ගත් දයානන්ද සමරවික්‍රම විගණකයින්ට අපට තිබු ප්‍රශ්ණ නොතිබ්ම ගැන තම ආයතනයට කිසිවක් කිව නොහැකි බවත් යම් විගණක වාර්තාවක අන්තර්ගත අඩු ලුහුඩුතා සොයා බැලිම ශ්‍රී ලංකා විගණන හා ප්‍රමිත මණ්ඩලයේ වගකිම බවද ඔහු කියා සිටියේය.
QUALIFIED ACCOUNTS- IF A COMPANY'S ACCOUNTS ARE QUALIFIED BY ITS AUDITORS IT MEANS THEY DOUBT THAT THE PICTURE OF THE COMPANY'S ACTIVITIES PRESENTED IS TRUE, COMPLETE AND FAIR. SOMETIMES REFERRED TO AS A QUALIFIED OPINION.
දයානන්ද සමරවික්‍රම විගණකයින් ගේ වාර්තා හරිද?
දයානන්ද සමරවික්‍රම විගණකයින් ටච්වුඩ් සමාගමේ අවසන් වරට විගණක කටයුතු සිදු කළ 2013 ජුනි කාර්තුවට හා ඊට පෙර මුල්‍ය වර්ෂයට අදාල ගිණුම් වාර්තා සාවද්‍ය බව මෙයට පෙර රන්දොරට විශේෂ ප්‍රකාශයක් කරමින් ටච්වුඩ් සමාගමේ සභාපති ධුරය භාරගත් විජන් ලංකා කිවුලේගෙදරද පවසා සිටි අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කළ විමසිමකදිද ඔහු ඒ ගිණුම් වාර්තා සාවද්‍ය බවට කළ ප්‍රකාශ වල වගකිම තමා භාර ගන්නා බව සදහන් කර තිබිණි.
දයානන්ද සමරවික්‍රම නිගමනය හරිද? -Annual Report 2012/13 පිටුව 61
කෙසේවෙතත්, ශ්‍රී ලංකා විගණන හා ප්‍රමිත මණ්ඩලයේ එවකට අධ්යක්ෂ ජෙනරාල් වරයා වු අජිත් රත්නායක මහතා මෙම ටච්වුඩ් වත්කම් අගය කිරිමේ ක්‍රියාදාමය අධිකරණය හමුවේ කිහිපවතාවක් අභීයෝගයට ලක් කර සිටි අතර එයින් දෙවතාවකදි ශ්‍රී ලංකා විගණන හා ප්‍රමිත මණ්ඩලයේ නීතිඥවරු නැගු තර්ක අධිකරණය හමුවේ පරාජය වි තිබිණි.කෙසේවෙතත්, මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අවසන් ඈපලක්ද මෙම මණ්ඩලය ගොනු කර තිබු අවස්ථාවක මෙහි කටයුතු ඈවර කිරිමට වෙනත් අධිකරණ නියෝගයක් ලැබුණේ මෙහි තැන්පත් කරුවන්ට අදාල පියවිම් සිදු කිරිමට සමාගම අපොහොසත් වු පසුබිමකය.
ටච්වුඩ් සමාගමේ අභ්‍යන්තර තත්ත්වයන් හරි හැට් විමර්ශණය නොකර මෙහි ගස් වල හා කොටස් වල ආයෝජනය කළ විශාල පිරිසක් මේ වන විට අමාරුවේ වැට් සිටිති.
පී.සී හවුස් ගැන එන්.ඩි.බී ආයෝජන බැංකුව මෙසේ කියයි.
මේ අතරේ පී.සී හවුස් සමාගමේ කඩා වැට්මට අදාලව එහි මුළික කොටස් නිකුතුවේ කළමණාකරුවන්ගෙන් කළ විමසිමකදි ඔවුන් පවසා සිටියේ එදා පැවති තත්ත්වය අනුව තම ආයතනය අදාල තත්ත්ව විශ්ලේෂණය කළ බවත් පසුව මෙහි හිමිකරුවන් ස්වකිය අරමුණු වෙනස් කරමින් වැරදි ව්‍යාපාරික උපදෙස් මත වැරදි ඉලක්ක පසුපස හඹා යාම නිසා එහි කඩා වැට්ම සිදු වු බවයි.
මේ හිමිකරුවන්ගේ පසුව සිදු වු චර්යාත්මක වෙනස්කම් ගැන අපට වගකිමක් නැහැ.එදා අපේ තක්සේරුව නිවැරදි බව එහි කොටස් මිල රුපියල් 30 කට ආසන්න ගණනකට පත් විමෙන් පෙනි යනවා යැයි ඔහු කීය.
CIFL ගිණුම් කියන දෑ
මේ අතරේ CIFL විගණකයින් වු K.K. Damboragama & Co හි විගණන වාර්තාද මේ වන විට දැඩ් ආන්දෝලනයකට ලක් වි තිබේ.කෙසේවෙතත්,ඔවුන්ද මෙම මුදල් සමාගම මහ බැංකුවේ ඇතැම් විධි විධානයන් උල්ලංඝනය කර ඇති බව ස්වකිය විගණන මතය ප්‍රකාශ කරමින් පවසා තිබිණි.
CIFL, සමිබන්ධයෙන් මේ වන විට KPMG විගණකයින්ද පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව සියළු තතු නුදුරේදිම පවසන බවත් මේ අතරේ KPMG අදාල ප්‍රධානියා පවසා සිටියේය.
මෙහිදි කණගාටුවට කරුණ වන්නේ මෙම ගිණුම් වාර්තා නිසි ලෙස පරිශිලනය නොකර අන්ධ භක්තියෙන් යුතුව ඇතැම් තැරුවිකාර ප්රජාවද අදාල අර්බුදයට ලත් සමාගම් වල කොටස් මිලදි ගැනිම සදහා අයෝජකයින් දිරි ගැන්විම බව මධ්‍යස්ථ විචාරකයෝ කියති.
අදාල සමාගම් වල සිට් සුදුසුකම් ලද ගණකාධිකාරිවරුන්ගේ කටයුතුද මේ වන විට ප්‍රශ්ණකාරි වි ඇත.
මේ සියළු කරුණු පාදක කර කුරූණෑගල ආයෝජක පිරිස යොමු කළ ලිපිය.
ගරු සභාපති,
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය,
මලලසේකර මාවත,
කොළඹ-07.
ගරු සභාපතිතුමණි,
CIFL,ටච්වුඩ් හා පී.සී හවුස් ලයිස්තුගත සමාගම් කඩා වැට්ම් වලට අදාල විගණක වගකිම.
මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ මුල්‍ය පාලන විෂයෙහි විනිවිද බව හා ස්වාධීනත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තිය ගණකාධිකාරි ආයතනය ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය පසුගිය කාලයක් මුළුල්ලේ කරන ලද සේවාව ,ඉහළ වෘත්තිය නිපුණතාවය අපි ඉහළින්ම අගය කරමු.
නමුත්,කොළඹ කොටස් වෙළෙඳ පොළ සුළු පරිමාණ ආයෝජකයින් නියෝජනය කරන අප පසුගිය කාලයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත ඇතැම් සමාගම් කිහිපයක බිද වැට්ම් හමුවේ ඇතැම් ගණකාධිකරණ හා විගණන වෘත්තිය වේදින් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය ගැන අප දැඩි කණස්සල්ලකටත්,සංවේගයකටත් පත් වි සිටින්නෙමු.
මෙරට පසුගිය කාලයේ සිදුවු ගෝල්ඩන් කී ප්රමුඛ සෙලින්කෝ සමුහයේ කඩා වැට්ම්,CIFL මුදල් සමාගමේ කඩා වැට්ම් මෙන්ම ටච්වුඩ් හා පී.සී හවුස් වැනි ලයිස්තුගත සමාගමේ කඩා වැට්ම් විෂයෙහි ඒවායේ සිට් විගණකයින්/වරලත් ගණකාධිකරුවන් දැඩ් දෝෂ දර්ශණයට මේ අනුව ලක් විය.එසේම ටච්වුඩ් සමාගමේ දැනට පත් කර ඇති ඈවරකරු විසින් මෙන්ම එහි හිටපු සභාපතිවරයාද මාධ්‍ය හමුවේ මෙහි අතීත විගණන වල බරපතල වැරදි සමිබන්ධයෙන් මේ වන විට ප්‍රසිද්ධ හෙළි දරවි කිරිම්ද සිදු කර ඇත.
යමි සමාගමක මූල්‍ය ක්‍රියාකාරිත්වය කෙරෙහි සෘජුව හෝ වක්‍රව බල පෑ හැකි දෙයක් තමන්ට ඉදිරිපත්වන වාර්තා ,තොරතුරු හා සංඛ්‍යා අනුව කෙළින්ම හෝ අනියම් ලෙස හෙළි වේ නම් ඒ බව සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට පෙන්වා දි එය තම වාර්තාවට ඇතුළත් කිරිමට විගණන සමාගම සාමාන්‍ය යෙන් සිදු කරයි.
යම් සමාගමක අනාගතය පිළිබඳව පුරෝකතනය කිරිමට අනතුරු සංඥා වටහා ගැනිමට මෙම තොරතුරු ඉතා වැදගත්ය.
මේ ආකාරයෙන් විගණකයින් හා එහි මුල්‍ය බලධාරින් තම කාර්යය කාර්යක්ෂමව හා සෘජුව සහ සදාචාරාත්මකව ඉටු කරනු ලබන්නේ නම් එය දිගු කාලින ආයෝජන අරමුණින් සමාගම් කොටස් මිළදි ගන්නවුනට මෙන්ම කොළඹ කොටස් වෙළෙඳ පොළ විනිවිද බව ආරක්ෂා කිරිම උදෙසාත් ඉතා වැඩ දායක වේ.
එබැවින් ,අප ගරු කටයුතු වෘත්තිය ආයතනයක් ලෙස ඔබ ආයතනයෙන් ඉල්ලා සිටින්නේ අදාල සමාගම් බිද වැට්මට හේතු වු කරුණු කාරණා විමර්ශනය කර එළඹෙන සාක්ෂිමත පදනමි කර අදාල විගණන හා ගිණුම්කරණ ආයතන හා පුද්ගලයින් වෙත වෘත්තීය සාරධර්ම හා නීති රීති පදනම් කර සුදුසු දඩුවම් නියම කර අනාගතයේ මෙවැනි නොසැලකිලිමත් කමි හා වංචනික ක්‍රියා සිදු නොකිරිමට සෙසු වෘත්තිකයින්ටද ආදර්ශවත් පියවරක් ගන්නා ලෙසයි.
ස්තුතියි,
පිටපත්
01.අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු
02.සියළු මාධ්‍ය ආයතන
03.සියළු වරලත් ගණකාධිකාරි ආයතන
04.සියළු ගණකාධිකාරි වෘත්තිය ආයතන
05.විද්වත් වෘත්තිකවේදින්ගේ සංගමය
06.පාර්ලිමේන්තු සියළු ප්‍රධාන පක්ෂ නියෝජිතයින්.