අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග සම්බන්ධ වෙමින් නිමල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ මෙසේයි.
“ගෆූර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස ලබන වසරේ ජුනි 20 වනදා විවෘත කිරීමට අපි දැනටමත් දින යොදාගෙන තිබෙනවා. මේ වනවිට එහි ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් තිබෙනවා.“
ක්‍රිෂ් ව්‍යාපෘතියේ අනාගතය, කොට්ටාව අධිවේගී නගරය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය, බ්‍රවුන්ස් සමාගම විසින් පිටකොටුවේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හෝටල් ව්‍යාපෘතිය ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නව සැලසුම් පිළිබඳව නිමල් පෙරේරා මහතා මෙම වැඩසටහනේදී හෙළිදරව් කරන අතර වැඩසටහන අද රාත්‍රී 9.30 ට ඩයලොග් රූපවාහිනියේ චැනල් 13 ඔස්සේ විකාශය කෙරෙන අද දෙරණ 24×7 නාලිකාවෙන් නැරඹිය හැකියි.
මෙම වැඩසටහනේදී නිමල් පෙරේරා මහතා සඳහන් කළේ ගෆූර් ගොඩනැගිල්ලේ පිහිටුවන හෝටලය කළමනාකරණය කිරීමද බොහෝ විට වෝටර්ස් එජ් කළමනාකරණය යටතටම පත්කරනු ඇති බවයි.
මෙම හෝටලය කාමර 70 කින් පමණ සමන්විත වන ලෙස ඉදිකරගෙන යන අතර මෙම ගොඩනැගිල්ල අයත්ව තිබූ භාරය වෙනුවෙන් ලබාදිය යුතු වන්දි මුදල් ගෙවීමට අදාළ කටයුතු මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරමින් තිබෙන බවද සභාපතිවරයා පැවසීය.