මේ අනුව කොළඹ යුනියන් බැංකුවේ, වත්මන් සභාපති හා කොළඹ යුනියන් බැංකුවේ ටීපීජී කැපිටල් ( TPG Capital) හි ඩොලර් මිලියන 113 ක ආයෝජනය මෙරටට ගෙන එමට පුරෝගාමිව කටයුතු කළ අලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල් මහතා ස්වකිය ධුරයට සමුදෙනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.
කෙසේවෙතත්, ඔහු තවදුරටත් මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇති බවද පැවසේ.
යුනියන් බැංකු ප්‍රධාන විධායක අනිල් අමරසුරිය මහතා ස්වකිය ධුරයට මෙම 14 දා සමු දීමට නියමිත අතර 15 දා සිට ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා මෙම ධුරයේ පත් විමට නියමිතය.
ඉන්දිය සුප්‍රසිද්ධ බැංකු කරුවෙකු වන පී.ජේ. නායක් ( PJ Nayak)මහතා ස්වකියමෝර්ගන් ස්ටැන්ලි (Morgan Stanley)හි ඉන්දිය ප්‍රධානියා ලෙස කළ සේවයෙන් ඉවත්ව මාස 17 ක ඈවැමෙන් ටීපීජී කැපිටල් ( TPG Capital)හි උපදේශක ධුරයක් පසුගියදා භාර ගත්තේ යුනියන් බැංකුවේ කටයුත්තට උර දිමට බවද සදහන්ය.
source = www.lankamirror.com