එජාප නායක රනිල් වික්රමසිංහද, කරු ජයසූරියද එජාප නායකයන් අතර සාකච්ඡාවකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට කැමැති බව, මේ සම්බන්ධයෙන් මැදිහත් කාර්ය භාරය ඉටුකරන 'සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ' මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත දැනුම් දී තිබිණ.
අද රැස්වන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත.
ජවිපෙ, ජාහෙඋ, ෆොන්සේකා පමනක් නොව දෙමළ ජාතික සන්ධානයද මුස්ලිම් කොන්ග්‍රසයද මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවාට මේ වන විට කැමැත්ත පළ කර තිබේ