2014 නොවැම්බර් 21 වෙනි සිකුරාදා, 06:37
0 COMMENTS
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ඒකාබද්ධ විපක්ෂ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයේ පොදු අපේකෂකයා ලෙස සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති බව වාර්තා වේ. ඇමතිවරයාද මේ සඳහා සිය එකඟතාවය පළකර තිබේ.
ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කාලයක් තිස්සේ කරගෙන ගිය සාකච්ඡා වට කිහිපයක් අවසානයේදී එජාපය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්වෙනවාත් සමඟ ඔහු සමග ඇමතිවරු ගණනාවක් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. ඒ වගේම මැතිවරණය අතරතුරදීත් අමාත්‍යවරුන් සිරිසේන මහතාට සහාය පිණිස ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12685:2014-11-20-11-40-08&catid=36:2011-10-17-04-27-38&Itemid=72
ආණ්ඩුවේ ප්‍රබල පිපිරීමක්
2014 නොවැම්බර් 20 වෙනි බ්‍රහස්පතින්දා, 17:09
1 COMMENTS
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවක් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඇතැම් වාර්තා සඳහන් කරන්නේ එම සංඛ්‍යාව 20ත් 28ත් අතර වන බවය.
විපක්ෂයේ ප්රබලයෙකු ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා දැරූ සියලු ප්රයත්න මේ වනවිට බිඳවැටී ඇති බවද ආණ්ඩුවේ පිරිස් ඉවත්වීමට සූදානම් වී ඇති බව තහවුරු වී ඇත. මේ අතර ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයින්ද සිටින බව අනාවරණය වේ.
ඉදිරි දින කිහිපය තුළදී මහින්ද රාජපක්ෂ මහතාට දරාගත නොහැකි මට්ටමේ බොහෝ සිදුවීම් සිදුවීමට නියමිත බව වැඩි දුරටත් හෙළි වේ.