පසුගිය 2012 වසරේ ඹක්තොම්බර් මාසයේදි ක්‍රියාවට නැගි තුන් අවුරුදු ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධන සැලැස්මේ ප්‍රගතියද සැලකිල්ලට ගෙන වෙළෙඳ පොළ ද්‍රවශීලතාවය ඉහළ නැංවිමේ සහ නියාමන විෂය පථය ශක්තිමත් කිරිම මෙන්ම මානව සම්පත් හා තාක්ෂණික සම්පත් වලින්ද අංග සම්පුර්ණ වු දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රාග්ධන වෙළද පොළක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැංව්මේ ඉලක්ක ගතව මෙම සැලසුම් මෙසේ එළි දක්වන බව ඔවුන් කියයි.
කොළඹ කොටස් හුවමාරුව ආසාමූහීකරනය වැඩ පිළිවෙළ යටතේ එහි අයිතිකාරත්වය මූලික පාර්ශවකරුවන් අතර සාධාරණව බෙදා හැරීම සඳහා නිවැරදි අගය තක්සේරු කිරිමට අර්නස්ට් ඇන්ඩ් යන් ආයතනයේ සේවාව ලබා ගෙන ඇති බවත් එම වාර්තාව ඉදිරියේදි නියාමන කොමිසම වෙත ලැබිමට නියමිත බවත් කියයි.
වසර 25 ක් පැරණි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතෙහි යෝජිත සංශෝධනයන් අදාළ කැබිනට් අනුමැතිය ලැබ මුදල් අමාත්‍යාංශ විශේෂ 14 පුද්ගල කමිටුවක් විසින් නිරික්ෂණය කරමින් සිටින බවද සදහන්ය.මේ යටතේ වඩාත් ඵලදායි හා කාර්යක්ෂම නියාමන රාමුවක් සඳහා පහසුකම් සැලසිම අරමුණු කර ඇත.
එලෙසම,කොළඹ කොටස් වෙළෙඳ පොළ අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිම සදහා මධ්‍යම ප්රතිපාර්ශවකරුවකු හදුන්වාදිමට පියවර ගන්නා බවද පවසයි.මේ සදහා නියාමන කොමිසම,ශ්‍රී ලංකා මහ බැංකුව,කොළඹ කොටස් හුවමාරුව සමඟ සාමුහිකව ඒකාබද්ධ මධ්‍යම ප්‍රතිපාර්ශවීය ආයතනයක් සකස් කිරිම පිළිබඳ කටයුතු ආරම්භ කර ඇති බව කියයි.
මෙයට අමතරව ණය සුරැකුම්පත් ගනු-දෙනු සම්බන්ධ ආවේක්ෂණ පද්ධතිය සකස් කිරිම අදාළ කටයුතු අවසන් කර ඇති බවද කියයි.
එසේම,නියාමන කොමිසම විසින් මේ වන විට දේපල ආයෝජන භාර සහ විනිමය හුවමාරු අරමුදල් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළට හදුන්වා දිමට පියවර ගනිමින් සිටින බවත් එසේම,කලාපයේ වෙළෙඳ පොළවල් වල දේපල ආයෝජන භාර පිළිබඳවත් එහි ආයෝජන කරන්නන් ආරක්ෂා කිරිමට අවශ්‍ය නියාමන රාමුව පිළිබඳවත් අධ්‍යයනය කරමින් සිටින බවත් නිවේදනය කරයි.
නියාමන කොමිසම මහ බැංකුව සහ සම්බන්ධ වෙමින් රජයේ සුරැකුම්පත් යන අර්ථ දැක්විමට ඒකක භාරද ඇතුළත් කිරිමට පියවර ගෙන ඇත.ඒ අනුව,බැංකු හා මුල්‍ය ආයතන විසින් මහ බැංකුව තුළ අනිවාර්යෙන්ම පවත්වා ගත යුතු ගණනය කරන ලද ද්‍රවශීලතා වත්කම් අතරට ඒකක භාරද ඇතුළත්කර ඇත.
ඉතුරුම් ඵලදායි ආයෝජන වලට පරිවර්තනය කෙරෙන කාර්යක්ෂම ප්‍රාග්ධන වෙළෙඳපොළක් මත ආර්ථීක වර්ධනය රඳා පවතිනවා.පශ්චාත් යුද සමයෙහි ඇති වු ආකර්ෂණීය වර්ධනයට ප්‍රධාන දායකත්වයක් සැපයු අංශයක් වුයේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළයි. යැයි නියාමන කොමිසම පවසයි.
අත්පත් කැ ගැනීමේ සහ ඒකාබද්ධ වීමේ සංග්‍රහය තවදුරටත් උසස් කිරිම,මුලික මහජන නිකුත්න්ට පෙර පුද්ගලික නිකුතුන් සඳහා රඳවා තැබීමේ කාලයක් හදුන්වා දීම,සම්බන්ධිත පාර්ශවයන්ගේ සහ අධ්‍යක්ෂකවරුන්ගේ අනාවරණයන් නව්‍යකරණය කිරිම,තාවකාලික ප්‍රතිපත්ති වෙනුවට දිගුකාලීන ක්‍රියාමාර්ග ස්ථාපිත කිරිම,ආයෝජන ආරක්ෂාව තහවුරු කරමින් ලැයිස්තුගත කිරිමේ යාන්ත්‍රණයක් ලෙස හදුන්වාදීමේ ක්‍රමය නැවත ස්ථාපනය කිරිම,විනිවිදභාවයෙන් යුතු මුල්‍ය වාර්තාකරණය අරමුණු කර ගනිමින් තක්සේරුකරුවන් මඩුල්ලක් හඳුන්වාදිම,ස්වාධීන තක්සේරුකරුවන්ගේ මතයන් ඇතුළත් කරමින් මුලික මහජන නිකුතු යාන්ත්‍රණය සඳහා වු අනාවරණයන් උසස් කිරිම,හොංකොං,මුම්බායි,ඩුබායි,සිංගප්පූරුව,ලන්ඩන් සහ නිවියෝර්ක් ආයෝජන වැඩමුළු හරහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ ගෝලීය දෘෂ්‍යතාවය උසස් කිරිම,ප්‍රාථමික වෙළෙඳුන් සඳහා ණය සුරැකුම්පත් ගනු-දෙනු කිරිමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම,ඒකකභාර අරමුදලක පවත්වාගෙන යා යුතු අවම ඒකකහිමියන් ප්‍රමාණය නියම කිරිම ආදිය 2012 වසරේ ඹක්තොම්බර් මාසයේදි ක්‍රියාවට නැගි තුන් අවුරුදු ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධන සැලැස්මේ ක්‍රියාවට නැගි අංශ අතර වන බවද සදහන්ය.