මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරයකුට මිලියන 200ක්, නි. අමාත්‍යවරයකුට මිලියන 150ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මිලියන 100ක්, පළාත් සභා මන්ත්‍රීවරයකුට මිලියන 50ක්, ප්‍රාදේශීය සභා සහ නගරසභා මන්ත්‍රීවරයකුට මිලියන 25ක් බැගින් ලබාදීමට සිරිසේන සහ චන්ද්‍රිකා එකඟ වී ඇත.
මේ සඳහා සියලු මුදල් සැපයෙන්නේ බටහිර තානාපති කාර්යයාල වලින් බවත් එම මුදල් ලබාගැනීම සහ විදේශ රටවල බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා දැනටමත් මුස්ලිම් කොංග්‍රස සාමාජිකයින් සිංගප්පුරුවට යාමට නියමිත බවත් අපට වාර්තා වෙයි. මේ අනුව ඉදිරි දින කිහිපය තුල හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසය සිරිසේනට නිල වශයෙන් සහයෝගය දෙන බව වාර්තා වෙයි.
2005 සහ 2010 වර්ෂ වලදී පවත්වන ලද ජනාධිපතිවරණවලදී මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගය නොලැබුණු බවත්, 2010දී මුස්ලිම් කොංග්‍රස සහාය නොමැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18 කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ බවත් අපි ඔබට මතක් කර දෙන්නෙමු.
මෙම විදේශීය කුමන්ත්‍රණ වලින් රට බේරාගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම රටට ආදරය කරන සියලු දෙනාගේ පරම යුතුකම බව අපි මතක් කර දෙන්නෙමු.
http://www.119gossiplanka.com/527/2014/12/slmc-to-back-maithripala.html
.