එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුරුද්ධ පොල්ගම්පොල මහතා කියා සිටියේ රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයාවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවරයන්ට මුහුදු ගමන් වලදි අවශ්‍යය වන ජිවිතාරක්ෂක කබා සදහා ටෙන්ඩර් කැදවා ඇති අතර ඒ සදහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය.ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696 කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.
පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිතා කරමින් චීනයෙන් ජිවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සදහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72 ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද ආනාවරණය වී ඇත.............
මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000 ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10 කට අධික වංචාව පිළිබදව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.
මෙම තත්ත්වයෙන් පසු කැන්ගරු ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ගොඩකන්ද ආරච්චි මහතාට රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසින් මැර තර්ජන එල්ල කොට ඇති බවත් අනුරුද්ධ පොල්ගම්පොළ විසින් හෙළිදරව් කරන ලදි.
http://www.119gossiplanka.com/539/2014/12/accusations-to-ex-fisheries-minister.html