මගේ නව පත්විමේ මුල්ම කටයුත්ත වන්නේ ආයතනගත තත්ත්වයන් ගැන විමර්ශණය කිරිමයි.මම කලින් වර මෙහි සභාපතිත්වය දැරු කාලයට වඩා යම් යම් පත් කිරිම් එහි සිදුව තිබෙනවා.
ඒ ඇරෙන්න,මේ දිනවල කොටස් වෙළෙඳ පොල බිද වැටිමට තුඩු දි ඇති හේතු සාධක ගැන විමර්ශනයක් කර ඒ පිළිබඳව යම් මැදිහත් විමක් සිදු කළ යුතු නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නත් මම බලාපොරොත්තු වෙනවා .
මම දන්න විදියට යම් දේශපාලන කාරණා හා සමපේක්ෂණ කරුණු මත ඉහළ ගිය සමාගම් වල කොටස් මිල කඩා වැට්ම මෙම සමස්ත කඩා වැට්මට වැඩිපුර බලපා තිබෙනවා.
මම හිතන්නේ 29 දාට යෝජිත රජයේ අතුරු අය-වැය සමගින් යම් දේශපාලන කරුණු මත වෙළෙඳ පොල බිද වැට් ඇත්නම් ඒ සඳහා බලපා හැකි ගැටළු වලට විසදුම් ලැබේ කියා මම හිතනවා.
මම දැන් එහි සිටින සේවකයින්ට කියන්න කැමතියි,තමන් ආයතන ගත නීතියට අනුව කටයුතු කර ඇත්නම් මම අලුතින් ආපසු ආවා කියා විශේෂ තැති ගැම්මක් ඇති කර ගැනිම අනවශ්‍ය බව යැයිද කීය.
මහින්ද රාජපක්ෂ රජය යටතේ 2011 දෙසැම්බර් 08 දා සිට 2012 අගෝස්තු 17 දා දක්වා ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධූරයේ කටයුතු කළේය.මෙම කාලයේ කෘතිම ලෙස කොටස් මිල ඉහළ දැම්මට අදාලව කටයුතු විමර්ශනය කරමින් තිබියදි ඇති වු දේශපාලන මැදිහත් විම් මැද ඔහු සිය ඉල්ලා අස්විම ලබා දුන්නේය.
තමාට මෙම තනතුර අහිමිව යාමට බලපෑ හේතු පදනම් කර පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වේදිකාවට එක් විය.
Ref-Randora.lk