වෙළඳපොළ වැටෙනවා පහළට
ඇයි යන්නෙ කොට කොට
වැටහෙන්නෙ නෑ මට.
හිතට දැන වූ සැක
අකටයුතුකම් දැක
අපේ "මෝරා" ගිය එක
මා හිතට දනවයි දුක
මාකට් බහින තැන
හොඳ දේ බලා දැන
මිළට ගත්තොත් අද දින
ඉහළ යන විට සතුටු වෙති දන.
අපි නොවී කළබළ
"සුමනේට" දී බලතල
සාත්තර බල බල
ඉඳිමු දැල්වෙන තුරා එළි කොළ