රැස්වීම පැවැත්වීගෙන යද්දී මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් අද ප්‍රකාශයක් කරන බව කලින් නිවේදනයක කී බව කථානායකවරයාගෙන් ඇසුවේය.
කථානායක -
එය අලුත් අත්දැකීමක්. ඉතා හොඳින් අධ්‍යයනය කර ප්‍රකාශයක් කරන්න ඕනෑ.
මන්ත්‍රී විමල් වීරවංශ මහතා -
එහෙනම් පාර්ලිමේන්තුව විසුරුවනතුරුම ප්‍රකාශය කල් යාවිද ?
කථානායක -
අලුත් අත්දැකීමක් නිසා ඉතා හොඳින් අධ්‍යයනය කරන්න කල් යාවි. කොතරම් කාලයක් ගතවේදැයි කියන්න බැහැ.
මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා -
එතෙක් විපක්ෂ නායකවරයා කවුද?
කථානායක -
විපක්ෂය එක්වී විපක්ෂ නායකවරයකු තෝරා දුන්නොත් හොඳයි නේද?
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාවේ සිටියේ නැත.