FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ලංකා බැංකුවට රු. බිලියන 4.4 ක බදු පෙර ලාභයක්‌

ලංකා බැංකුවට රු. බිලියන 4.4 ක බදු පෙර ලාභයක්‌

Go down  Message [Page 1 of 1]

Melissa Pereira


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ලංකා බැංකුව රු බිලියන 20.3 ක බදු පෙර ලාභයක්‌ ප්‍රශංසනීය ලෙස අත්පත් කර ගනිමින් සිය 75 වන සංවත්සර වර්ෂය නිමා කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා 15% ක වර්ධනයක්‌ අත්පත් කර ගනිමින් 2015 පළමු කාර්තුව සඳහා රු බිලියන 4.4 ක බදු පෙර ලාභයක්‌ වාර්තා කර ඇත. 15% වර්ධනය හේතුකොට ගෙන බදු පසු ලාභය රු බිලියන 3.0 ක්‌ විය. සමූහය රු බිලියන 4.3 ක බදු පෙර ලාභයක්‌ වාර්තා කරමින් පසුගිය වසරේ අනුරූප කාලසීමාවට වඩා 10% ක වර්ධනයක්‌ අත්පත් කර ගත් අතර සමූහයේ ඉපයීම්වලින් 96% කට සහ සමූහයේ වත්කම්වලින් 97% කට හිමිකම් කියමින් බැංකුව සමූහයේ ප්‍රතිඵලයෙහි ඉදිරියෙන් සිටී. 


ඉහළ ගිය ශුද්ධ පොලී ආදායම සහ ගාස්‌තු ආදායම හේතුකොට ගෙන බදු පෙර ලාභය ප්‍රධාන වශයෙන් වේගවත් වී ඇත. වර්ධිත CASA (ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් මුඵ තැන්පතුවල ප්‍රතිශතයක්‌ ලෙස) මිශ්‍රණය මගින් අඩු පොලී වියදම් අත්පත් කර ගැනීමට බැංකුවට හැකි වී ඇති අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2014 පළමු කාර්තුවට වඩා 34% ක ශුද්ධ පොලී ආදායමක්‌ ලබා ගෙන ඇත. ශුද්ධ ගාස්‌තු සහ කොමිස්‌ ආදායම මුඵ මෙහෙයුම් ආදායමෙන් 14% ක දායකත්වයක්‌ ලබා දෙමින් රු. බිලියන 2.1 ක්‌ ලෙස 25% කින් ඉහළ ගොස්‌ ඇත.



ණය සහ අත්තිකාරම් මත ණය හානි ප්‍රතිපාදන 2014 අනුරූප කාලසීමාව හා සංසන්දනාත්මකව ප්‍රධාන වශයෙන් කේවල හානිකරණය හේතුකොට ගෙන රු බිලියන 3.9 ක්‌ ලෙස 17% කින් ඉහළ ගොස්‌ ඇත. කෙසේ වුවද ණය කළමනාකරණයේදී යොදාගත් ඥානාන්විත ක්‍රමවල සහ ණය කලඹෙහි ගුණාත්මක තත්ත්වය පිළිබිඹු කරමින් සමූහ හානිකරණ ප්‍රතිපාදන 6% ක සුඵ වැඩි වීමක්‌ පෙන්නුම් කළේය.



ටි්‍රලියනයක වත්කම් සහිත ශේෂ පත්‍රයකට හිමිකම් කියන පළමු දේශීය බැංකුව යන තත්ත්වය ආරක්‌ෂා කර ගනිමින් 2015 මාර්තු අවසානය වන විට රු ටි්‍රලියන 1.4 ක්‌ ලෙස බැංකුවෙහි වත්කම් 5% කින් වර්ධනය විය. බැංකුවෙහි වත්කම් සංචිතයෙන් 58% කටම ණය සහ අත්තිකාරම් හේතු වූ අතර 2015 පළමු කාර්තුව අවසානයේ දළ ණය රු බිලියන 845.5 ක්‌ වූයේ පසුගිය වසර පුරා පැවති මන්දගාමී ණය වර්ධනයෙන් මිදී 9% ක සුඵ වර්ධනයක්‌ විදහා දක්‌වමිනි. 2015 පළමු කාර්තුවේ අවසානය වන විට බැංකුවේ වගකීම්වලින් 70% ක්‌ තැන්පතු වූ අතර එය 2014 අවසානය හා සැස» විට සුඵ පහළ යාමක්‌ පෙන්විය.



2015 පළමු කාර්තුවෙහි අවසානය වන විට බැංකුවෙහි සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ (ROAA) අනුපාතිකය 1.3% වූ අතර සාමාන්‍ය හිමිකම් මත ප්‍රතිලාභ (ROAE) අනුපාතිකය 15.7% ක්‌ වූයේ ප්‍රධාන වශයෙන්ම ඉහළ ගිය වත්කම් සංචිතය සහ 2014 දෙසැම්බර්හිදී සිදු කරන ලද රු බිලියන 5 ක ප්‍රාගAධනය එක්‌ කිරීම හේතුවෙන් 2014 අවසානයට සංසන්දනාත්මකව සුඵ අඩුවීමක්‌ විදහා දක්‌වමිනි. මේ අතරතුර මෙහෙයුම් කාර්යක්‌ෂමතාවයේ වර්ධනයට අනුරූපිව ආදායමට පිරිවැය අනුපාතිකය 42% සිට 39% දක්‌වා වර්ධනයක්‌ පෙන්නුම් කළේය.



2015 පළමු කාර්තුව අවසාන වන විට බැංකුවෙහි දේශීය ද්‍රවශීලතා වත්කම් අනුපාතිකය 26.6% ක්‌ වූ අතර අක්‌වෙරළ ද්‍රවශීලතා වත්කම් අනුපාතිකය 31.7% ක්‌ විය. මෙම අනුපාතිකයන් දෙකම මහ බැංකුව විසින් ලබාදී ඇති අවශ්‍ය සීමාව වන 20% ඉක්‌මවා ඇත. පසුගිය වර්ෂයෙහි පැවති අධික ද්‍රවශීලතා තත්ත්වයන් යටතේ ද්‍රවශීල හා පොලී උපයන වත්කම් අතර වඩා යහපත් අන්තර් සම්බන්ධතාවයක්‌ පවත්වා ගන්නට බැංකුව සමත් වී ඇත. ප්‍රාග්ධනයට බිලියන 5 ක්‌ එකතු කිරීම සහ රුපියල් බිලියන 8 ක ණයකර නිකුතුව 2014 අවසානයේදී ස්‌ථර I සහ ස්‌ථර II ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් (CAR) ඉහළ නැංවීමට සහාය විය. ශ්‍රී ලංකා බැංකුව විසින් නියමකර ඇති අවම අවශ්‍යතාවන් වන ස්‌ථර I 5% සහ ස්‌ථර II 10% වෙනුවෙන් 8.6% සහ 12.4% ලෙස පිළිවෙළින් පවත්වා ගනිමින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත (CAR) තිරසාරව පවත්වා ගැනීමට බැංකුව සමත් විය.



සුබදායක ප්‍රතිඵල මෙන්ම ශක්‌තිමත් මූලිකාංග හේතුවෙන් දැනට පවතින ශ්‍රේණිගත කිරීම් තිරසාර ලෙස පවත්වා ගැනීමට බැංකුවට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. ඉහළ යන ණය ඉල්ලුම ග්‍රහණය කර ගනිමින් 2015 වසර සඳහා වූ අපගේ ආයතනික සැලැස්‌ම ක්‍රියාවට නැංවීමට අප ක්‍රමෝපායන් යොදන අතරම බැංකුවෙහි සියලු අංශයන්හි ශක්‌තිමත් බව කාර්යක්‌ෂමතාවය සහ සඵලතාවය ඉහළ නැංවීම සඳහා මිනිස්‌ ප්‍රාග්ධනය සහ තාක්‌ෂණික යටිතල සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම අපි අඛණ්‌ඩව සිදු කරමු.
Courtesy: Diwaina 29 May 2015

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum