වසර 2000 මුල කාලයේදී LTTE ජාත්‍යන්තර ප්‍රචාරණ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව මිනී කන්නන්ගේ දේශයක් ලෙස ලොව ප්‍රචලිතව තිබු බව අද බොහෝ දෙනකුට අමතකය.
මහින්දව පැරදවීමට රනිල්ට ඇමරිකාව ටියුෂන් දුන් බව පසුගියදා මාද්‍ය මගින් අනාවරණය විය . ඒ අතර චන්ද්‍රිකාද එංගලන්තයට වී තමනගේ CBK කේන්ද්‍රය හරහා ගෝලීය ද්‍රවිඩ සංවිධාන එක්කාසු කරමින් තමන්ගේ පුද්ගලික පලිගැනීම් සදහා LTTE හිතවාදී සහ ඍජුවම LTTE සංවිධානය නියෝජනය කරනු ලබන ජාත්‍යන්තර සංවිධාන වල සහය මහින්ද ගෙදර යැවීම සදහා පෙළගැසුණු බව මාද්‍ය මගින් අනාවරණය විය .
ඇමරිකාවේ ජෝන් කෙරී ඇමරිකාවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සදහන් කලේ ලංකාවේ බල පෙරලිය පිටුපස තමන් සිටින බවයි .තවද ඉන්දියාවේ සංචාරයක යෙදුන ඇමරිකාවේ ජනපති ඔබාමා ඉන්දියාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් , ශ්‍රී ලංකාව සහ මියන්මාරයේ බලපෙරලියට සහය දැක්වීම සම්බන්දයෙන් ඉන්දීය අගමැතිවරයාට සහ ඉන්දීය රජයට ස්තුතිය පල කරන ලදී .
සැබවින්ම සිදුවුයේ කුමක්ද ??, දශක 3ක් තිබ්බ යුද්ධය අවසන් කල මහින්ද සමග බද්ධ ක්‍රොදයකින් පෙළුන LTTE ඩයස්පෝර සහ මහින්ද සමග පුද්ගලික පලිගැනීමක නියතවූ චන්ද්‍රිකා යන අය එක්ව තනිකරම බොරුව පදනම් කර ගත් ප්‍රචාරක වියාපාරයක් දියත් කරමින් ,,,,,,මහින්ද චීනය සමග ලගින් කටයුතු කරන බව පෙන්නවමින් බටහිර රටවල් උසි ගන්වමින් කරනු ලැබූ දේශ ද්‍රෝහී ක්‍රියාවලියක ප්‍රතිපලයකි ,මේ සදහා සමලිංගික සංවිධාන වල සහයද ලබාගනිමින් ලංකාව තුල සමලිංගිකත්වය පිළිගැනීමට කටයුතු කිරීමට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ,එකී ජාත්‍යන්තර සංවිධාන වලින් ඩොලර් මිලියන ගණන් කඩා ගනිමින් කරනු ලැබූ ක්‍රියාවලියකි .
සැබවින්ම මහින්ද සමග තිබෙන ක්‍රෝදය පිරිමැහිමට චන්ද්‍රිකා සහ දෙමල ඩයස්පෝරා විසින් කරනු ලැබූ කුමන්තරණයකි .සැබවින්ම ජාත්‍යන්තරය රැවටීමකි .චීනය ..පෙන්නවමින් මහින්ද චීන වාදියෙකු ලෙස හුවාදක්වමින් කරනු ලැබූ රැවටීමකි .
තවත් අතකින් බොරුව වපුරවමින් රාජපක්ෂවරුන් හොරුන් ලෙස හංවඩු ගසමින් කරනු ලැබූ ක්‍රියාවලියකි , ඒ සදහා සෝභිත හිමිගේ රාජ්‍ය නොවන සංවිධානය ඇතුළු සියලුම සංවිධාන සදහා ලංකාව පුර යමින් රාජපක්ෂ වරුන් හොරුන් සහ වංචාකාරයින් ලෙස හංවඩු ගැසීමේ වියාපාරය සදහා ඉන්දියාවේ රෝ සංවිධානය කෝටි ගණන් මුදල් දී ඇති බව හෙලි වෙමින් පවතී, මිට අමතරව රාජපක්ෂ වරුනට එරහිව කටයුතු කිරීම සදහා වෙබ් අඩවි පවතවාගෙන යාම සදහා රෝ සංවිධානය කෝටි ගණන් මුදල් දුන් බව හෙලිවී ඇත .
වර්ෂ 1994 සිට රාජ්‍ය පාලනය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක රජයන් විසිනි .2002-04 පමණක් සුළු කාලයකට යලිත් එජාපය බලය ලබාගන්නා ලදී , සරලව බැලුවොත් 1990 දී උපත ලැබූ කෙනකුගේ වයස මේවන විට 25+ ය ,මෙම කණ්ඩායම තරුණ කණ්ඩායම වන අතර බහුලව අන්තර්ජාලය පරිහරණය කරනු ලබන කණ්ඩායමද මෙම වයස 25ට අඩු කණ්ඩායම වශයෙන් හැදින්විය හැක .
ඉහත තරුණ කොටස් කිසිදිනක එජාපයේ ක්‍රියාකාරකම් දැක නැත ,88.89 දී තරුණයන් මරපු ආකාරය දැක නැත ,රජය සේවකයිනට , නඩුකාරයින්ට ,කලාකාරයින්ට පහරදුන් ආකාරය දැක නැත . රජය සේවක මර්දනය කල ආකාරය දක නැත , කළු ජුලිය ඇති කල ආකාරය , යුද්ධය විකුණගෙන කාපු ආකාරය දැක නැත , ඉන්දීය හමුදා ලංකාවේ උතුරු නැගෙනහිර පාලනය කල බව දන්නේ නැත.77න් පසුව ලාංකීය ආර්ථිකය කාබාසිනියා කල ආකාරය දැක නැත ,ඇති නැති පරතර වැඩි කල ආකාරය දැක නැත ,77දී ඩොලරයට එරහිව රුපියලේ අගය රුපියල් 13 සිට 115 දක්වා ගෙන අවේ 77 සිට 94 තෙක් රට පාලනය කල එජාපය බව වර්තමාන තරුණ පරපුර දන්නේ නැත .
77 සිට 94 දක්වා පවත්වපු මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචණ්ඩත්වය හදුන්වාදෙමින් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ලංකාවට හදුන්වා දුන්නේ එජාපය බව තරුණ කොටස් දන්නේ නැත , අද එජාපය සමග දිග කන චන්ද්‍රිකාගේ සැමියා විජය කුමාරණතුංග ඉදිරි පත්වූ මහර අතුරු මැතිවරණය අදටත් ලංකාවේ තිබු දුෂිතම මැතිවරණයකි,
කලගෙඩි ලාම්පු සෙල්ලම් දමමින් ජනමතය කොල්ලකෑවේ එජාපය බව දන්නේ නැත .. චන්ද්‍රිකාගේ මවගේ ප්‍රජා අයිතිය නැති කරනු ලැබුවේ එජාපය බව නව පරපුර දන්නේ නැත .
චන්ඩි සහ මැරයින් සමාජ ගත කිරීම ආරම්භ කරනු ලැබුවේ එජාපය විසින් , එහි පෙරගමන් කරු වර්තමාන එජාප නායක රනිල්ය , කලක් රනිල්ගේ මර හමුදාවේ ප්‍රධානියා ගෝනවල සුනිල් නම් අය එකල සිටි අමතිවරුනටත් වද බලවත් විය ,ස්ත්‍රී දුෂණ සහ කොල්ල කෑම් වලට හිරේ ගිය සුනිල්ව එකල ජනපති ජයවර්ධන ඔහුගේ ජනපති බලතල භාවිතා කරමින් නිදහස් කරන ලදී , හිරෙන් නිදහස් වූ සුනිල් ගෙදර ගියේ ඇතෙකු පිටේ බව නව පරපුර දන්නේ නැත .සුනිල් එජාප මැර හමුදාවේ දහස් ගණනකින් කෙනකු පමණි ,එවැනි පුද්ගලියින් රාශියක් එකල එජාපයේ මර හමුදාව වශයෙන් ක්‍රියාකරන ලදී
වර්තමානයේ තරුණ පරපුර ඇබ්බැහිවී සිටින මත්කුඩු ලංකාව හදුන්වාදෙනු ලැබුවේ එජාප පාලන සමයේ සිටි මැරයින් සහ දුෂිත වියපාරිකයින් සහ දේශපාලකයින් විසින් බව නව පරපුර දන්නේ නැත .
අද උතුරේ වදකාගාර ගැන කතා කරන තරුණ පරපුර වර්තමාන එජාප නායකයා විසින් 88/89 කාලයේදී පවත්වාගෙන ගිය බටලන්ද වදකාගාර ගැන දන්නේ නැත .
ලංකාවේ ගමනා ගමන සේවාව වලපල්ලට ඇද දමමින් ලංගම වලලා දැමුවේ එජාපය විසින් බව තරුණ පරපුර දන්නේ නැත ,එකල පැය 24පුරා තිබු රජය ගමනා ගමන සේවය අඩාල කරදමමින් අදවන විට රාත්‍රී 8 පසුව ගමනක් යාමට බස් නොමැති තැනට ගමනා ගමන සේවය කඩාකප්පල් කරනු ලැබුවේ එජාපය බව තරුණ පරපුර දන්නේ නැත .පුද්ගලික taxi සේවය මෙවැනි පාලනය කල නොහැකි තැනකට තල්ලු කලේ එජාපය විසින් බව තරුණ පරපුර දන්නේ නැත .
1983දී ඇතිවූ කළු ජූලියේ ප්‍රතිපල ලෙස ශ්‍රී ලංකාව සුළු ජාතින් හට නොසලකන ජාතියක් වශයෙන් ලොව පුරා හංවඩු ගැසුණු බව නව පරපුර දන්නේ නැත. 1983 සිට 94 කාලය තුලදී ශ්‍රී ලංකාවේ ජීවත්වූ වියාපාර කල විවිධ තනතුරු දරු දෙමල ජාතිකයින් රට හැර ගිය බව නව පරපුර දන්නේ නැත .
ශ්‍රී ලංකාවේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරමින් අද්‍යාපන ක්‍රමය අචාචාරුවක් කරනු ලැබුවේ එජාපය බව නව පරපුර දන්නේ නැත .
රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් උදුරා ගත්තේ එජාප රජයන් බව නව පරපුර දන්නේ නැත .අදටත් ජුලි වර්ජකයින් හට වන්න්දී ලැබී නැති බව නව පරපුර දන්නේ නැත.
මනාප මැතිවරණය ක්‍රමය හදුන්වා දුන්නේ එජාපය බව බොහෝ තරුණ තරුණියන් දන්නේ නැත .
අද වන විට සියලුම දෙනා කියන විධායක ජනපති ක්‍රමය සහ එහි ඇති ඒකාධිපති ලක්ෂණ හදුන්වා දුන්නේ එජාපය බව තරුණ පරපුඅර දන්නේ නැත .
ඉහත කරනා එකින් එක ගෙන බැලු කල වැටහෙන කාරණය නම් ශ්‍රී ලංකාව විනාශ කරන ක්‍රියාදාමයන් සියල්ල පාහේ හදුන්වා දී ඇත්තේ එජාපය ප්‍රමුක රජයවල් බවයි ,එනිසාම 1994 පසුව පත්වූ රජයන් එම වැරදි නිවැරිදි කිරීමට කටයුතු කල බව අප දන්නා කරුණකි ,එනමුදු බොහෝ තරුණ පිරිස් එජාපය විසින් අතීතයේදී සිදුකල සමාව දිය නොහැකි වැරදි ගැන දන්නේ නැත ,එනිසාම සමහර දේශ ද්‍රෝහී කණ්ඩායම් දේශප්‍රේමී කණ්ඩායම් වලට එරහිව කටයුතු කරන විටදී නොදැනුවත්කම නිසා තරුණ කොටස් දේශ ද්‍රෝහී කණ්ඩායම් වලට සහය දක්වන බව මේ ලියුම්කරුගේ අදහසයි
ජිත්රෝ - දක්ෂිණ තරුණ පෙරමුණ