02 July 2015
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂනායක රැස්වීමට සහභාගී වූ සාමාජිකයෙකු සඳහන් කළේ මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ විරුද්ධ වූ බවයි.
තීරණාත්මක සාකච්ඡාවක් :
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයෙන් හෝ නිදහස් පක්ෂයෙන් නොවන වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) රාත්‍රියේ පැවැත්වෙන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කරන ආකාරය අදාළ රැස්වීමේදී තීරණය කරන බවයි.
කෙසේවුවද, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සුළු පක්‍ෂ කිහිපයක එකතුවෙන් සන්ධානයක් ගොඩ නගා වෙනම ලකුණකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වනු ඇති බවයි.
අගමැති අපේක්ෂකත්වය චමල්ට :
මේ අතර, කථානායක චමල් රාජපක්ෂ මහතා වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන ඔහු මේ බව සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ගෙන් අද (02) මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියේය. ඒ පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීය.
එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු එහිදී කියා සිටියේය.
Last modified on Thursday, 02 July 2015 20:36
So no need more talk on this topic but he has a right to come to politics. I think most don't want him as a key leader what I personally believe he needs to wait at least one term at home