මේ අනුව,ණයපත් ඇතුළු සෙසු සියළු උකස් ණය මත පදනම් නොවු සෙසු ණය සදහා අදාල ණය ලබා ගන්නා පුද්ගලයාගේ වාර්ෂික ආදායම මෙන් තුන් ගුණයක් දක්වා පමනක් ණය නිකුත් කිරිමටත් ණයපත් සදහා ස්ථාවර පොලි අනුපාතයක් හදුන්වා දිම සදහාත් අවධානය යොමුව ඇතැයි අධිපතිවරයා කියයි.
මෙහිදි මහ බැංකුවේ ණය උපදේශන සේවා පුළුල් කිරිමටත් කටයුතු යොදා ඇත.
මිලියනයක් පමණ වන මෙරට ණයපත් අතුරින් රුපියල් මිලියන 56 ක පමණ ණය පසුගිය පෙබරවාරිය වන විට ගෙවිය යුතුව තිබිණි.
අක්‍රමවත් ණයපත් හා අධි පොලි හා දඩ පොලි නිසා අමාරුවේ වැටුණු විශාල පිරිසක් මහ බැංකුව වෙත විශාල පැමිණිලි ගොනු කර තිබු බව හෙතෙම කියයි.
සියයට 4/5 ක ඉතුරුමි පොලි අනුපාතයක් ඇති රටක් සමහර බැංකු වල ණයපත් පොලි අනුපාතය සියයට 24 කි