ඒෂියන් එලායන්ස් සන්නාමය ක්‌ෂේත්‍රයේ පෙරමුණට පැමිණෙමින් පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා නවීන තාක්‍ෂණය නිර්මාණශීලී ලෙස යොදා ගැනීමට ද සමත් ව සිටී. මේ අතර ක්‌ෂේත්‍රයට මුල් වරට හඳුන්වා දුන් සේවා රැසක පුරෝගාමී නාමය දරනු ලබන්නේ ඒෂියන් එලායන්ස් රක්‍ෂණ සමාගම විසිනි. මෑතකදී හඳුන්වාදුන් Click4Life යෙදවුම මීට ආසන්නතම නිදසුනකි. මෙමගින් සමාගමේ ජීවිත රක්‍ෂණ පාරිභෝගිකයින්ට මහත් පහසුවක් සැලසෙන අතර ජංගම දුරකථනය ( APP) හරහා රක්‍ෂණ වාරිකය ගෙවීම ඇතුළුව තමන්ගේ රක්‍ෂණ සැලසුමට අදාළ සේවා රැසක් සිදු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි. මීට සමාන්තරව සමාගම විසින් හඳුන්වාදුන් ස්‌වයං සේවා දසදින යන්ත්‍ර මගින් රක්‍ෂණ නියෝර්තවරයකු හමුවීමෙන් තොරව පාරිභෝගිකයාට තනිව සේවා ලබා ගැනීමේ පහසුවද සලසා ඇත. නිශ්චිත පරාමිතීන්ට අනුව සෞඛ්‍ය නොවන සහ මූල්‍ය රක්‍ෂණ සේවාවන් හි ඉහළ ප්‍රතිරක්‍ෂණ සීමාවන් තම විශිෂ්ට විකුණුම් බලකාය වෙත ලබා දෙන්නට සමාගම පියවර ගත් අතර සෞඛ්‍ය නොව රක්‍ෂණ සේවා සඳහා සමාගම විසින් සංවර්ධනය කරන ලද තොරතුරු තාක්‍ෂණීක සේවාවන් උපයෝගී කර ගන්නා ලදි.
ඒෂියන් එලායන්ස් රක්‍ෂණ සමාගමේ ප්‍රමුඛතම රථ වාහන සන්නාමය වන Click2Claim සේවාව ඉහළ උද්යෝගයක් පාරිභෝගිකයින් විෂයෙහි ඇති කරනු ලැබූ අතර මෙම ක්‌ෂේත්‍රයේ පෙරළිකාර සේවාවක් ද විය. අනතුරකදී එම සිද්ධියට අදාළ ඡායාරූප 5 ක් තමන්ගේ ජංගම දුරකථනයට භාගත කළ යෙදවුම හරහා සමාගම වෙත එවීමෙන් කිසිදු පමාවකින් තොරව වන්දි මුදල් ළ`ගම ඇති ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය හරහා ලබා ගැනීමට මෙහිදී පහසුකම් සැලසේ. සංචාරක රක්‍ෂණ ක්‌ෂේත්‍රයට මෑතකදී ඇතුළුවෙමින් එම ක්‌ෂේත්‍රයේ 20% ක වෙළෙඳපොළ කොටසක් අත්කර ගැනීමට සමත් වෙමින් මෙම සේවාව අන්තර්ජාලය ඔස්‌සේ ලබා ගැනීමට පහසුකම් සලසන ලදි. සුවසේවා රක්‍ෂණ ක්‌ෂේත්‍රය ඒෂියන් එලායන්ස් රක්‍ෂණ සමාගමට ඉහළ දායකත්වයක් ලබා දෙන අතර ඒ සඳහා සමූහයට අයත් සුවසේවා ක්‌ෂේත්‍රයේ පෙරමුණේ සිටින ආසිරි රෝහල් ජාලයේ සහාය සමාගමට හිමිවෙයි. සුවසේවා රක්‍ෂණ ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගම් 5 අතර රැඳීමට ඒෂියන් එලායන්ස් රක්‍ෂණ සමාගමට හැකිව තිබෙන අතර ඒෂියන් හෙල්ත් එලායන්ස් වැඩසටහන ඉන්දියාවේ ඇපලෝ රෝහල් ජාලය සමගද සන්ධාන ගතවී ඇත.
''සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති උපයාමාර්ගයන් විශේෂයෙන්ම පාරිභෝගිකයින් ඉලක්‌ක කර ගෙන දියත් කරන තොරතුරු තාක්‍ෂණික පහසුකම් තුළින් ජීවිත රක්‍ෂණ ක්‌ෂේත්‍රයේ අඛණ්‌ඩ වර්ධනය මනාව තහවුරු වෙනවා. අභියෝගාත්මක ආර්ථික සහ ව්‍යාපාරික තත්ත්වයක් තුළ කරන ලද මෙම කාර්යසාධනය සැබවින්ම අගය කළ යුතු බව මගේ හැඟීමයි. ජීවිත රක්‍ෂණ ක්‌ෂේත්‍රයේ වර්ධනය මගින් මෙම ක්‌ෂේත්‍රය සඳහා රටේ පවතින ඉල්ලූම මැනවින් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ජීවිත රක්‍ෂණ ක්‌ෂේත්‍රයේ දළ වාරික ආදායමේ වර්ධනය මෙම ක්‌ෂේත්‍රය සඳහා හොඳ දිරිමත් කිරීමක් ලැබෙනවා'' යනුවෙන් ඒෂියන් එලායන්ස් රක්‍ෂණ සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්‌වන සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඉµaතිකාර් අහමඩ් මහතා '' සේවකයින් වෙනුවෙන් සිදු කරන අඛණ්‌ඩ ආයෝජනයත්, ක්‌ෂේත්‍රය වෙත හඳුන්වාදෙන තාක්‍ෂණික පහසුකම් තුළින් කෙටි කාලීනව සහ දිගු කාලීනව ශක්‌තිමත් අඩිතාලමක් මේ වන විට ගොඩනගා ගන්නට අප සමත් වී සිටිනවා. මෙම අඛණ්‌ඩ වර්ධනය ඉදිරියේදීත් එලෙසම පවත්වා ගෙන යමින් අනාගතයේදී අප ලබන ඉහළ මූල්‍ය කාර්ය සාධනයට මහත් පිටුබලයක් වන බව මට විශ්වාසයි''.
Courtesy: Divaina 2 September 2015