එදා ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ අද මන්ත්‍රීව තමා ඉදිරිපිට සිටින බවත් දැන් තමා ඇමැති බවත් කී ෆොන්සේකා මහතා ‘දුක සැප නිති පෙරැළේ - රිය සක ලෙස ලෝකේ‘ යනුවෙන් ගීතයක කොටසක්ද සිය කථාවට එකතු කළේය.
මම එකහෙල්ලේ කියා සිටිනවා යුද්ධය කරපු හමුදාපති හැටියට විදේශීය නිරීක්ෂකයන්ට මෙරටට පැමිණ පරීක්ෂණ කිරීමට ඉඩ දිය යුතුයි. වැරදි කරපු අය සිටිනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බවත් සුදු කොඩි කතාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු කීවේය.