FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer


EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » කොටස් වෙළෙඳ පොළේ ප්‍රාග්ධන ලාභ බද්ද රජයට කෙතරම් ප්‍රයෝජනවත්ද?

කොටස් වෙළෙඳ පොළේ ප්‍රාග්ධන ලාභ බද්ද රජයට කෙතරම් ප්‍රයෝජනවත්ද?

Go down  Message [Page 1 of 1]

ravindu7silva


Stock Analytic
Stock Analytic
අග්රාමාත්යවරයා විසින් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී හඳුන්වාදෙනු ලැබූ නව බදු අතරප්රධාන බද්දක් වන්නේ ප්රාග්ධන ලාභ බද්දයි. මෙම ප්රාග්ධන ලාභ බද්ද කුමන ක්ෂේත් සඳහා අදාළ වන්නේදැයි තවම ප්රකාශයට පත්කර නැතත්, එම ප්රාග්ධන ලාභ බද්ද පිළිබඳව තොරතුරු දැනටමත් කොළඹ කොටස් වෙළෙඳ පොළට අහිතකරව බලපා ඇතැයි අනුමාන කළ හැකිය. කොටස් වෙළෙඳ පොළේදී නම්, ප්රාග්ධන ලාභ බද්දක් යනු කොටස් විකුණා ලැබෙන ලාභයෙන් බද්දක් අය කිරීමය. උදාහරණයක් වශයෙන්, රු.10/- කට කොටසක් මිලදී ගත් පුද්ගලයෙකු එම කොටස රු.15/- කට විකුණුවේ නම්ඉන් ඔහුට ලැබෙන රු.5/- ලාභය, ප්රාග්ධන ලාභය ලෙස හඳුන්වනු ලැබේ. මෙම ලැබෙන ලාභයට බද්දක් අය කිරීම ප්රාග්ධන ලාභයට බද්දක් අය කිරීම ලෙස හැඳින්වේ. කෙසේ වෙතත්, කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කරන්නන් හට වර්ෂ 1987 සිට ප්රාග්ධන ලාභ බද්දක් පැනවී නොමැත. පැවති සියලුම රජයවල් විසින් කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සඳහා ප්රාග්ධන ලාභ බද්දක් පනවනු නොලැබුවේ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජකයා ක්රියාකාරී කරවීමේ අදහසිනි


රජය ප්රඥාඝෝචරව ආදායම් උපයා ගැනීමේ කිසිදු වරදක් නැත
 
ආයෝජනවලින් ලැබෙන ප්රාග්ධන ලාභ සඳහාද බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙනි. පසුගිය සමයේදී එවකට රජය විසින් විවිධ වැඩකටයුතු සඳහා ලබාගත් අතිවිශාල විදේශීය ණය ප්රමාණය සහ එයට අදාළ පොලිය වර්තමාන රජය විසින් ගෙවිය යුතු වන අතර, ඊට අමතරව රජය ලෝක ආර්ථික අර්බුදයටද මුහුණදී සිටී. මෙම කාරණා දෙකම ඕනෑම රජයකට දැවැන්ත අභියෝගයකි. මෙම අභියෝගයට මුහුණදීම සඳහා විවිධ මාර්ගවලින් ආදායම ලබාගැනීමට රජය පෙළඹීම කිසිවෙකුටත් නිවැරදි නොවන තීරණයක් යැයි කිව නොහැකිය. එය වර්තමානයේ කළ යුතුව ඇති දෙයකි. එහෙත්, කොටස් වෙළෙඳ පොළ තුළට ප්රාග්ධන ලාභ බද්දක් පැනවීම කෙතරම් දුරට ප්රඥාඝෝචර දැයි සොයාබැලීම වටී.
 
අලුත් බද්දේ කතාව සමග කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම
 
ප්රාග්ධන ලාභ බද්ද පිළිබඳව තොරතුරු ලත් සැණින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු මට්ටමකින් පහළ වැටුණි. එහෙත්, ඉන්පසුව පසුගිය සතියේ අවසන් දින දෙකේදී කොටස් වෙළෙඳ පොළේ සැලකිය යුතු ඉහළ නැගීමක් වාර්තා විය. ඉන් අනතුරුව මෙම සතියේ සඳුදා සහ අඟහරුවාදා නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණි. රජය විසින් ප්රකාශයට පත්කර ඇත්තේ පසුගිය කාල වකවානුවේදී කොටස් වෙළෙඳ පොළේ කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ ගිය බැවින් සහ එමගින් ආයෝජකයන් විශාල මුදලක් උපයාගත් හෙයින් ප්රාග්ධන ලාභ බද්දක් පනවන බවය. නමුත්, මෙහිදී සඳහන් කළ යුතු කාරණය නම්, වර්ෂ 2009, 20102011 යන කාලවලදී කොටස් වෙළෙඳ පොළේ ඇති වූ විශාල වර්ධනයත් සමගම බොහෝ ආයෝජකයන් අඩු මිලට කොටස් මිලදී ගෙන ඉහළ මිලට විකුණා දැනටමත් ප්රාග්ධන ලාභ ලබාගෙන ඇති බවය.
 
සිදුකර ඇත්තේ අශ්වයා ගියපසු ඉස්තාලය වැසීමක්ද?
 
වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ රැඳී සිටින්නේ බොහෝවිට ඉහළ මිල ගණන්වලට කොටස් මිලදී ගත් ආයෝජකයන්ය. වර්ෂ 2008 දී ඉතා පහළ මිල ගණන්වලට කොටස් මිලදී ගත් ආයෝජකයන් වර්ෂ 2011 වනවිට ඉතා ඉහළ මිල ගණන්වලට කොටස් විකුණා ඉතා විශාල ප්රාග්ධන ලාභයක් ලබාගත් බව සියලු දෙනාම දන්නා කරුණකි. අනුව, ප්රාග්ධන ලාභ බද්දක් යෝජනා කළ යුතුව තිබුණේ එම කාලවකවානුවේදීය. වර්තමානය වනවිට කොටස් මිල ගණන් පවතින්නේ යම් ආකාරයක පහළ මට්ටමකය. අනුව, වර්තමානයේ සිටින ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළෙන් ප්රාග්ධන ලාභයක් ලබාගනීදැයි සිතීම උගහටය. මෙම ප්රාග්ධන ලාභ බද්ද අතීතයට බල නොපාන බැවින්, පසුගිය කාලවකවානුව තුළ ඉහළ ප්රාග්ධන ලාභ ලබාගත් ආයෝජකයන්ට එය බලනොපානු ඇත.
 
කොටස් ගනුදෙනු සඳහා රජයේ ගාස්තුව ඉවත් කිරීම
 
එමෙන්ම, පසුගිය නොවැම්බර් මාසයේදී රජය විසින් ඉදිරිපත් කරනලද අයවැය තුළින් කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සඳහා තිබූ 0.3% රජයේ ගාස්තුද ඉවත් කරනලදී. එය රජයට ලැබෙමින් තිබූ ආදායමකි. අනුවඑම රජයේ ගාස්තු තුළින් සෑම ගනුදෙනුවකින්ම රජය වෙත 0.3% ආදායමක් ලැබුණි. එය කොටස් මිලදී ගැනීමකට මෙන්මකොටස් විකිණීමටද අදාල විය. එහිදී, ඕනෑම පුද්ගලයෙක් කොටස් මිලදී ගන්නා විටද, කොටස් විකුණන විටද0.3% රජයේ ගාස්තුවක් ගෙවිය යුතු විය. ඉහළ මිලකට කොටස් මිලදී ගෙන, පහළ මිලකට කොටස් විකුණුවත්, එනම් ප්රාග්ධන අලාභයක් ලැබුණත් මෙම ගාස්තුව ගෙවිය යුතු විය. මෙම රජයේ ගාස්තුව ජනවාරි 01 වැනිදා සිට ඉවත්කර, සඳහා ප්රාග්ධන ලාභ බද්දක් යෝජනා කිරීම පුදුමය දනවන කරුණකි.
 
ප්රාග්ධන ලාභ බද්ද ගණනය කිරීමත් ව්යාකූල කටයුත්තක්
 
ප්රාග්ධන ලාභ බද්දකදී බදු අය කරන්නේ ප්රාග්ධන ලාභයක් ඇත්නම් පමණි. නමුත්, කලින් ජනවාරි 01 වැනිදාට පෙර රජයේ ගාස්තුව ප්රාග්ධන ලාභ ලැබුවත්, නොලැබුණත් ගෙවිය යුතු විය. එමෙන්ම, ප්රාග්ධන ලාභ බද්ද ගණනය කිරීම ඉතා ව්යාකූල කටයුත්තකි. යම් පුද්ගලයෙකු වසර කිහිපයක් පුරාවට එකම සමාගමේ කොටස් විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්නවා විය හැකිය. එමෙන්ම, සමාගම් කිහිපයකම කොටස් මිලදී ගන්නවාද විය හැකිය. ඉන් වසර කිහිපයකට පසු එම මිලදී ගත් කොටස් විකුණනු ලැබුවහොත් ප්රාග්ධන ලාභය ගණනය කිරීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇත. එය ඉඩමක් මිලදී ගෙන විකුණන තරම් සරල නොවනු ඇත. එවැනි ව්යාකූල තත්ත්වයක් පවතිද්දී, ප්රාග්ධන ලාභය ගණනය කිරීම බොහෝදුරට කාලය ගතවන සංකීර්ණ ක්රියාවලියක් වනු ඇත.
 
රජයේ ගාස්තුව සාධාරණ මට්ටමකට වැඩි කිරීම යෝග් නොවේද?
 
මෙහිදී තේරුම් ගැනීමට අපහසු කරුණ වන්නේ සෑම ගනුදෙනුවක් සඳහාම රජයේ ගාස්තුවක් පැවති විට එය ඉවත්කර ප්රාග්ධන ලාභ බද්දක් පැනවීමය. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ තුළින් කෝටිපතියන් බවට පත්වූ, බොහෝ ආයෝජකයන් දැනටමත් කොටස් වෙළෙඳ පොළ තුළින් එම ලාභය උපයාගෙන අවසන් බවද පැවසිය යුතුය. මෙහිදී, රජය කළ යුතුව තිබුණේඅවශ් නම් මෙම රජයේ ගාස්තුව නැවත ස්ථාපිත කිරීමය. 0.3% ප්රමාණවත් නොවේ නම්එය යම්කිසි මට්ටමකට ඉහළ දැමීමය. එය සංකීර්ණ ක්රියාවලියක් නොවන අතර, එය කොටස් වෙළෙඳ පොළට සිදුකළ හැකි බලපෑමද අවමය. පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළ තුළ සිදුවූ විශාල උච්චාවචනයට ප්රාග්ධන ලාභ බද්ද හඳුන්වාදීමට පියවර ගැනීම යම්කිසි ආකාරයක බලපෑමක් වූ බව තේරුම්ගත හැකිය. එහි බලපෑම තීරණය වන්නේ ප්රාග්ධන ලාභ බද්දේ ප්රතිශතය ප්රකාශයට පත්වූ විටය.

ravindu7silva


Stock Analytic
Stock Analytic
ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නේ ඇයි?
 
කොළඹ කොටස් වෙළෙඳ පොළට විශාල වශයෙන් විදේශීය ආයෝජකයන් පැමිණීමටද හේතුවක් වූයේ ප්රාග්ධන ලාභය බද්දෙන් තොරවීමය. ප්රාග්ධන ලාභ බද්දක් පැනවූ විට එය විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම අධෛර්යමත් කරනු නියතය. එය රටේ ආර්ථිකයටද, විදේශීය විනිමය සංචිතවලටද, රුපියලේ අගය පහළ වැටීමටද බලපානු ඇත.
පහළ වැටී තිබෙන කොටස් වෙළෙඳ පොළෙන් ප්රාග්ධන ලාභ බද්දක් ලබාගැනීමට උත්සාහ කිරීම එතරම් ප්රයෝජනවත් කාර්යයක් නොවනු ඇත. කලින් සඳහන් කළ ආකාරයට එය සංකීර්ණ කාර්යයක්ද වනු ඇත. පසුගිය කාලවකවානුවේදී කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණේ, සෘජුවම රජයේ වරදකින් යැයි කොටස් වෙළෙඳ පොළ පිළිබඳව අවබෝධයක් ඇති කිසිවෙකුත් නොපවසනු ඇත. මක්නිසාද යත්, මෙම පහළ වැටීමට විවිධ විදේශීය කාරණා (ලෝක ආර්ථික අර්බුදය, චීනයේ ආර්ථික ගැටලු, ලෝක තෙල් මිල ගණන් පහළ වැටීම, ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ නැගීම) සහ සමහර දේශීය කාරණාත් (පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ නැගීම) බලපා ඇත. පැවති රජය විසින් කළ කී දෑ පිළිබඳව වගකිව යුතුතේ වර්තමාන රජයයි. රජය එම වගකීම දරද්දී කොටස් වෙළෙඳ පොළට අනවශ් බරක් පැටවීම ප්රයෝජනවත් ක්රියාවලියක් නොවනු ඇත

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
මෙම රජයේ ගාස්තුව ජනවාරි 01 වැනිදා සිට ඉවත්කර, ඒ සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් යෝජනා කිරීම පුදුමය දනවන කරුණකි.

මේ හාදයෝ ආපු දා ඉඳල කරන්නේ පුදුමය දනවන දේවල් නේන්නම්. !

පීනන්න ටයි කෝට් දාගෙන යනවා. මගුල් ගෙදර ස්විම් සූට් එකෙන් යනව​.

රටම ඒකාලෝක කරන්න කියල ඇවිත් පැය 7-8 ලයිට් කපනව​.

එක්කෝ පැය 2 වගේ කොටස් වශයෙන් කපපන්.
කඩවල  ගෙවල් වල​ ශීතකරණ වල තියෙන මස් , මාලු , අයිස් ක්‍රීම් කුණු වෙනව විතරක්   නෙවි ඉන්සියුලින්, ප්‍රෝටීන් ඉන්ජෙක්ශන්, ප්‍රතිශක්‍ති කරන එන්නත් ඔක්කොම මැරෙනව​.
පැය ගානක් අයිස් දියවෙලා තියෙන විට ශීතකරනේ බැක්ටීරියා වලට ඉන්කියුබේටරයක් වෙනව​. මෙලෙක් මස් , මස් වතුර වල ඒවා කෝටි ගණන් වැවෙනව​.
නමුත් මේවා වීසි කරන කෙනෙක් නෑ. අද වෙන කොට මිනිසු කන්නෙ බොන්නෙ බාගෙට  කුණු උන ආහාර​, ගහන්නේ මියගිය එන්නත් .

පැය 2  - 2 1/2 වගේ කපල ලයිට් දෙනව නම් යන්තම් බේර ගන්න පුලුවන්.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum