එසේම මේ වසරේ (2016) පළමු කාර්තුවේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය සියයට 22.1 කින් වර්ධනය වී ඇති අතර, මේ කාලයේදී චීනය සහ ඉන්දියාව පිළිවෙලින් සියයට 46.6 ක හා සියයට 32.2 ක වර්ධනයක් වාර්තා කරමින් සංචාරක පැමිණීම්හි ප්‍රමුඛස්‌ථානය ගත් අතර, කලාපීය ආර්ථික හා දේශපාලනික අර්බුදයන් හමුවේ වුවද යුරෝපා සහ මැද පෙරදිග කලාප වෙතින් සංචාරක පැමිණීම් පිළිවෙලින් සියයට 20.6 කින් සහ සියයට 13.7 කින් අඛණ්‌ඩව වර්ධනය වූ බවද මහ බැංකුව කියයි.
පළමු කාර්තුවේ සංචාරක ඉපයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 969.3 ක් දක්‌වා සියයට 22.1 කින් වර්ධනය වූ බවද මහ බැංකුව කියයි.