මෙලොව සියක් අවුරුදු එහි එක දවස යැයි ඉපැරණි බෞද්ධ සංකල්පයක් තිබේ.
එහි තෙරුම මේ ලොව වසර සියයක් ගත වෙද්දි සමහර ලෝක වල කාලය ගතවන්නේ දවසක් පමණක් බව ය.
බුදු දහමේ සඳහන් දේව බ්‍රහ්ම ලෝක වල කාලය ගතවන නියම ප්‍රමාණ බණ පොත් වල දක්වා ඇත.
මෙය වත්මන් නවීන විද්‍යාවේ සංකල්පයක් ලෙස ගෙන ආවේ අයින්ස්ටයින් ය. දැන් එය ලොවම පිලිගත් විද්‍යාත්මක පර්යේශන වලින් තහවුරු වීගෙන යන සිද්ධාන්තයකි. කාලය වක්‍රවීමෙන් ඒ ඒ ප්‍රදේශ වල වෙනස් වේගයක් ලබන බව කියවේ.
මෙම අරුම පුදුම දෙය මිනිසාට පැහැදිලි කිරීම සඳ්හා මෙතෙක් ලොව ඉදිරිපත් වූ හොඳම විස්තර කිරීම කලේද බුදුන් වහන්සේය.
ඒ එක් දේව ලොවක සිටි කෙනෙක් චුතව (ඉන් ඉවත්ව) මෙලොව පැමිණ මිනිස්දරුවකු ලෙස උපත ලබා වැඩි වියට පැමින විවාහවී දරුවන් ලබා වසර 80 ක මහල්ලෙක් බවට පත්වී මිය ගොස් නැවත ඒ දෙවු ලොවම උපත ලැබීමේ කතාවකි. ඒ බණ කතාව අනුව ඔහු එම දෙවු ලොවට නැවත ගිය පසු ඔහුගේ දේවතාවිය ඔහුගෙන් ඇසූවේ "මම දැන් පැයක් තිස්සෙ හොයනව ඔබ කොහේ ගියාද" කියාලු. මෙම කතාවෙන් බුදුන් වහන්සේ මීට වසර 2600 කට ඉහත විසූ ජනතාවට පැහැදිලි කළේ වෙනත් ලොවක පැයක් මෙහි වසර 80 ක් බවය.
මට මේ කතාව මතක් වූයේ අපේ ජනපති තුමා ගේ මහ බැංකු අධිපති පත්කරන පැය කිහිපය සිහිවීමෙනි.
දේව කාලයෙන් පැය කිහිපයක් අපේ කාලයෙන් දින හෝ මාස කිහිපයක් විය හැකි බව අයින්ස් ටයින් ගේ සාපේක්ෂතා වාද න්‍යායයන් ගෙන් මෙන්ම බුදු දහමේ එන කාලය වෙනස් ලෙස ගතවන ඉගැන්වීමෙන් ද ඔප්පු වී ඇත.
ජනපති තුමාත් මහින්ද හොරා ගෙන් අප රට ගලවා ගන්න පැමිණි දෙවි කෙනෙක් ලෙස පසුගිය සමයේ බොහෝ දෙනා අප සමග පැවසුවා.