FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post

Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Shares to Buy
by Bakkabwoi Yesterday at 11:12 pm

» EXPOLANKA HOLDINGS PLC Interim Financial Statements quarter ended 30th June 2021
by Accountant Yesterday at 10:09 pm

» Successful investment strategies require an understanding of the forces of stock market nature, and disciplined rules of portfolio management.
by Asoka Samarakone Yesterday at 9:12 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by Niwa Yesterday at 8:53 pm

» Directors' Dealings today
by SAGA Yesterday at 6:02 pm

» Top Foreign Trading today
by SAGA Yesterday at 5:59 pm

» CHEVRON LUBRICANTS LANKA PLC (LLUB.N0000)
by Antonym Yesterday at 5:37 pm

» Boga unusual Collection....
by Wickyz Fri Jul 30, 2021 1:14 pm

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by jehan008 Fri Jul 30, 2021 1:11 pm

» Sri Lanka FOB prices for black tea highest in the world
by samaritan Fri Jul 30, 2021 12:18 pm

» DPL Take over
by Vishwanarth Fri Jul 30, 2021 12:12 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Fri Jul 30, 2021 11:02 am

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
by dayandacool Fri Jul 30, 2021 10:09 am

» CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC(CDB.N0000)
by engineer Fri Jul 30, 2021 7:06 am

» RENUKA CAPITAL PLC . KZOO.N
by Pbv Fri Jul 30, 2021 12:22 am

» What will happen to AMF¿??????
by Tissa Thu Jul 29, 2021 11:46 pm

» Expert view on AMF??
by Tissa Thu Jul 29, 2021 10:12 pm

» Sell EXPO Buy EDEN sentiment changed to Exit EXPO Enter EDEN
by Bakkabwoi Thu Jul 29, 2021 8:57 pm

» What are the short term profit stocks you are planning to buy on this Monday? (Only honest ppl please)
by Hope123 Thu Jul 29, 2021 7:04 pm

» Discussion on mechanism to aid investors, Conducted BY Hon Finance Minister
by D.G.Dayaratne Thu Jul 29, 2021 6:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » යහපාලන ආර්ථිකයේ තිත්ත ඇත්ත

යහපාලන ආර්ථිකයේ තිත්ත ඇත්ත

Go down  Message [Page 1 of 1]

MalcolmTurnbull


Equity Analytic
Equity Analytic
Link: http://www.mawbima.lk/print20170101MB20170331.php?id=10996

2015 ජනවාරි 8දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ඡන්දය භාවිත කළ ලක්ෂ 62ක් පුරවැසියන්ට එම තීරණය ගැනීමට විවිධ හේතු තිබෙන්නට ඇත. එසේම 2015 අගෝස්තු මස එක්සත් ජාතික පක්ෂයට ආසන 105ක් ලබාදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යළිත් වරක් හවුල් ආණ්ඩුවක අගමැති වන්නට අවස්ථාව දුන් ඡන්ද දායකයන්ටත් ඒ සඳහා හේතු තිබෙන්නට ඇත.
විවෘත සාකච්ඡාවලදී මතුකරනු ලබන සමහර හේතු සමඟ එකඟ වන්නට ස්වාධීන පුරවැසියකු වශයෙන් මටද සිදුවේ. එහෙත් එම හේතු මොනවා වුණත් ඒ රාජ්‍ය වෙනසත් සමඟ මෙතෙක් ලංකාවේ පැවැති ආර්ථික සංවර්ධනය තවත් ඉදිරියට යනු මිස ආපසු හැරවෙන තත්ත්වයක් තම ඡන්දය නිසා උදා වනු ඇතැයි ඔවුන් බොහෝ දෙනකු සිහිනයකින්වත් සිතන්නට නැත.

නව රජයක් පත් කර ගැනීමේදී බහුතර ජනතාව ඡන්දය භාවිත කරන්නේ බොහෝ ගැඹුරට සිතා බලා නොව ඒ ඒ පක්ෂ කෙරෙහි ඇති බැඳීම හා කාලීන තොරතුරු තුළින් බලපෑමට ලක්වූ යම් දේශපාලන ආකල්ප හා විශ්වාසයන් අනුවය. ඒ කෙසේ වෙතත් බලයට පත්වූ රජයකින් ජනතාව බලාපොරොත්තු වන දේවල් පක්ෂ භේදයකින් තොරව බොහෝ දුරට සමාන වේ.

ඒ අතර ප්‍රමුඛතම අපේක්ෂාවන් නම් ආණ්ඩුව ජනතාවට හොඳ ජීවන මට්ටමක් හා සුරක්ෂිත වටපිටාවක් සඳහා අවස්ථාවන් ලබාදෙනු ඇතැයි යන්නය. මේ අරමුණු ඉටුකරදීමට නව රජයට ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යය. තමන් එකඟ වුවත් නොවූවත් පවතින රජයේ මූලික ආර්ථික ප්‍රතිපත්ති මොනවාදැයි ජනතාව දැන සිටීමද වැදගත්ය.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාවට තවමත් පැහැදිලි නැත. 2015 එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ ප්‍රකාශයේ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යන නම භාවිත වුවද තවදුරටත් එය අපට අසන්නට නොලැබේ. 2015 ජනවාරි මස සිට මේ වන තුරු අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන ගණනාවක් කියවා ඇති අතර විවිධ වේදිකාවලද විටින් විට ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිපත්තීන් ගැන නොයෙකුත් අදහස් පළකරනු දක්නට ලැබේ.

හොඳින් විමසා බලන්නකුට මේ ප්‍රකාශන අතර යම් යම් පරස්පරයන් දක්නට ලැබෙන අතර යහපාලන රජය මෙතෙක් ඉදිරිපත් කර ඇති අය - වැය ලේඛන තුන හා අගමැතිවරයා විටින් විට කරන ප්‍රකාශ අතර පැහැදිලි සම්බන්ධීකරණයක්ද දක්නට නොමැත. මීට අමතරව ජනාධිපතිවරයාද මෑතක සිට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීමට පටන් ගෙන ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන කඳවුරු දෙක එක්ව ආණ්ඩු කරනවා යැයි කීවද ඔවුන් දෙපිරිස අතර ආර්ථිකය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව එකඟතාවක් නොමැති බව නම් ඔවුන්ගේ ප්‍රකාශ අධ්‍යයනය කරන්නකුට ඉතාමත්ම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
මේ අනුව වත්මන් ආණ්ඩුවේ වසර දෙකක කාල අවසානයේ ජනතාව ඉදිරියේ දක්නට ලැබෙන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය පිළිබඳ ප්‍රශ්න රැසක් පමණි. සංවර්ධනය පැත්තෙන් ජනතාව වත්මන් පාලකයන් ගැන තැබූ බලාපොරොත්තු බොහෝමයක් පැහැදිලිවම කඩවී ඇත. බඩු මිල අසීමිත ලෙස ඉහළ යමින් පවතින අතර සාමාන්‍ය මිනිසුන් මෙන්ම බොහෝ ව්‍යාපාරිකයන්ගෙන්ද දිස්වන්නේ අපේක්ෂා භංගත්වයක ලකුණුය.

2005-2014 මහින්ද රාජපක්ෂ යුගය බොහෝ දෙනකු මතක තබාගෙන සිටින්නේ 30 වසරක ත්‍රස්තවාදය අවසන් කළ පාලන සමය ලෙසය. යුද ජයග්‍රහණය නිරතුරුව ජනතාවගේ මතකයේ රැඳවීම සඳහා පසුගිය රජය දැක්වූ විශේෂ අවධානයද මෙයට මූලික හේතුවකි. ඒ නිසාම මේ කාල පරිච්ඡේදය තුළ සිදුවූ සංවර්ධන ක්‍රියාවලියට යම් ආකාරයක අසාධාරණයක් ඉතිහාසඥයන් අතින් සිදු වීමට ඇති ඉඩකඩ බොහෝය.

රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණය කළ ආකාරය පිළිබඳව මගේ කොතෙකුත් පෞද්ගලික විවේචන තිබුණද සමස්තයක් වශයෙන් ගත් කල 2015දී ආණ්ඩුව මාරු වන විට ලංකාවේ ආර්ථිකය මනින බොහෝ දර්ශකවල දක්නට තිබුණේ ධනාත්මක ප්‍රවණතාවන්ය. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය මුලින්ම භාරගත් 2005 වසරට සාපේක්ෂව එතුමා ජනාධිපති වශයෙන් සිටි අවසාන වසර වන 2014දී මෙම ආර්ථික දර්ශක බෙහෙවින්ම යහපත් අතට හැරී තිබිණි.
2009 මැයි මාසයේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වූවාට පසු පුරා වසර 4 1/2ක් කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් රට තුළින් වාර්තා නොවූ අතර එය සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර සංවර්ධනයටද හේතු විය. යුද්ධය අවසානයට පෙර 2008 වසරේ ලංකාවට පැමිණි සම්පූර්ණ සංචාරකයන් ප්‍රමාණය 4,38,475ක් වූ නමුත් 2014 වසර වන විට සංචාරකයන්ගේ පැමිණීම 248%කින් වර්ධනය වී තිබූ අතර 1,527,153ක් වූ සංචාරකයන් විසින් 2014 වසරේ රටට රුපියල් කෝටි 31,750ක් වටිනා විදේශ විනිමයක් උපයා දී තිබිණි.

මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ව්‍යාපෘතීන් සමහරක් මතක් කර බලමු. මාගම්පුර වරාය නිර්මාණය, ඔලුවිල් වරාය නිර්මාණය, දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීම, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය වැනි වරාය නිර්මාණයන් හා සංවර්ධනය කිරීම්.
මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය, ඉරණමඩු ගුවන්තොටුපොළ සංවර්ධනය වැනි ගුවන් තොටුපොළ නිර්මාණය හා සංවර්ධනය කිරීම්.
ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම, ඇතුළු පාලම් රැසක් ඉදි කළේය. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, ඇතුළු අධිවේගී මාර්ග රැසකි. කාපට් මාර්ගද රැසකි.

නොරොච්චෝලේ බලාගාරය, ඇතුළු බලාගාර කිහිපයක් ඉදි කෙරිණි. අධ්‍යාපන පහසුකම් සංවර්ධනය. කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිකළ තට්ටු නිවාස යෝජනාක්‍රම, අභිමංසල රණවිරු නිවාස යෝජනා ක්‍රමය වැනි නිවාස යෝජනා ක්‍රම. කොළඹ නගරය නවීකරණය, හම්බන්තොට නගර සංවර්ධනය, තුරඟ තරග පිටිය ගොඩනැඟිලි සංකීර්ණය නවීකරණය, ලන්දේසි රෝහල නවීකරණය, ආර්කේඩ් ගොඩනැඟිලි සංකීර්ණය නවීකරණය, නෙලුම් කුලුන. නෙලුම් පොකුණ කලාගාරය, මාගම්පුර, සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රී ජයවර්ධනපුර නවීකරණය හා ජල පාලනය, බෙල්ලන්විල සංවර්ධන ව්‍යාපෘතිය, ගාල්ල ලන්දේසි බළකොටුව නවීකරණය වැනි නාගරික සංවර්ධන කටයුතු මේ අතර වෙයි. ඉහත දක්වා ඇත්තේ 2005-2014 සමය තුළ වැඩ අවසන් කළ ව්‍යාපෘතීන්ගෙන් කොටසක් පමණි. තවත් බොහෝ වැඩ අවසන් වෙමින් හෝ අතරමැද අවස්ථාවල තිබිණි. 2020 දක්වා දිවෙන පැහැදිලි සංවර්ධන සැලැස්මක් එදා තිබුණු බව මුදල් අමාත්‍යාංශය විසින් පළ කොට තිබුණු උව්ඉඊර්ණීර්ථීඒඕඹ්ඡ් ඉඅධ් ඹ්ඒව්ම්ඒ 2020 යන ප්‍රකාශනය අධ්‍යයනය කරන්නකුට පෙනී යනු ඇත.

2014 වන විට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබිණි. කොළඹ කොටස් වෙළෙඳපොළ 2014 වර්ෂයේ 29%ක ඉහළ ප්‍රතිලාභයක් ආයෝජකයන්ට ලබාදුන් අතර 2008 වසරේ රුපියල් කෝටි 46.4ක් පමණක් වූ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම 2014 වන විට රුපියල් කෝටි 141.5 දක්වා ඉහළ ගොස් තිබිණි. 2008 වසරේ රුපියල් කෝටි 48,880ක් පමණක් වූ කොටස් වෙළෙඳපොළ සමස්ත ප්‍රාග්ධනීකරණය 2014 වන විට රුපියල් කෝටි 310,490 දක්වා ඉහළ ගොස් තිබිණි. අනෙක් අතට ලංකාවට පැමිණෙන ඍජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 1,600 හෙවත් රුපියල් කෝටි 20,800 දක්වා ඉහළ ගොස් තිබිණි.

පසුගිය රජය මේ සියල්ල සිදුකරන ලද්දේ ලෝක තෙල් මිල රටට ඉතා අවාසිදායක තත්ත්වයක තිබියදීය. 2011-2014 කාලයේදී ලංකාවේ ආනයන වියදමින් 25% පමණ වැය වූයේ රටට අවශ්‍ය කරන තෙල් මිලදී ගැනීම සඳහායි. එයට හේතුව මෙම කාලයේ ලෝක තෙල් මිල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 110ක් වැනි ඉතා ඉහළ අගයක පැවැතීමයි.

නව රජයේ වාසනාවකට මෙන් 2014 අගෝස්තු මාසයේ සිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගත් අතර 2011-2014 කාලයේ බැරලයකට ඩොලර් 110ක් පමණ වූ තෙල් මිල 2015 ජනවාරි මස අග වන විට බැරලයකට ඩොලර් 40 දක්වා පහත වැටී තිබිණි. මේ නිසා 2015 මැතිවරණයකට සූදානමින් සිටි නව රජයට උදාවූයේ බලාපොරොත්තු නොවූ වාසනාවකි.

තෙල් මිල 2014 ජනවාරිවලට සාපේක්ෂව 60%කින් පහත වැටීම නිසා රජයට දළ වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් කෝටි 200ක් පමණ ඉතුරු කර ගැනීමේ අවස්ථාව සැලසිණි. මෙම ඉතිරිය රුපියල්වලින් කියනවා නම් රුපියල් කෝටි 30,000 පමණ විය. එය හම්බන්තොට වරාය චීනයට 99 අවුරුදු බද්දකට පවරා දී වත්මන් රජය උපයන්නට බලාපොරොත්තු වන මුළු මුදල මෙන් දෙගුණයක් පමණ විශාල වූවකි.
වත්මන් රජයට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයද බොහෝ දෙනකු විශ්වාස කළේ නව රජය මෙම වාසිදායක තත්ත්වයෙන් උපරිම පල නෙළාගෙන රට ආර්ථික වශයෙන් වඩාත් යහපත් මට්ටමකට ඔසවා තබනු ඇත කියාය.
එහෙත් වසර දෙකකට පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස විමසිලිමත් වන අයකුට පෙනෙන්නට තිබෙන්නේ බලාපොරොත්තු වූවාට වඩා ඉඳුරාම වෙනස් කනගාටුදායක චිත්‍රයකි.

යුද්ධයෙන් පසු ඉහළ මට්ටමක පැවැති ආර්ථික සංවර්ධනය වේගය 2015දී 4.8% දක්වා අඩු විය. 2016 අවසන් වන විට එය 4.4% දක්වා පහත බැස තිබිණි. මෙය ආර්ථික වර්ධන වේගයේ 8.3%ක අඩු වීමකි.

2014දී 4.3% වූ කෙමෙන් අඩුවෙමින් පැවැති විරැකියාව 2016 සැප්තැම්බර් වන විට 4.6% දක්වා වැඩි විය. මෙය 7%ක විරැකියාවේ වැඩිවීමකි.
2014දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,635ක් වූ විදේශ ආයෝජන 2016 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 450 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙය 72%ක පහත බැසීමකි. 2014-2016 කාලය තුළ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය 7,299 සිට 6,140 දක්වා පහත වැටුණු අතර 2014දී ලබාදුන් 26.3% ප්‍රතිලාභ වෙනුවට 2015දී කොටස් වෙළෙඳපොළ ලැබුවේ 5.5%ක අලාභයකි. 2016 වසරේදී තවත් 9.7%ක අලාභයක් සිදුවිය. මේ අනුව වසර දෙකක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ 15.2%කින් කඩා වැටිණි. 2017 අප දකින්නේ මෙම තත්ත්වය තවත් නරක අතට හැරෙන බවකි.

රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 739,100ක් වූ අතර 2016 සැප්තැම්බර් වන විට එය රුපියල් කෝටි 940,200ක් දක්වා රුපියල් කෝටි 201,100කින් වැඩි වී තිබිණි. මාස 21ක් තුළ රාජ්‍ය ණය 27%කින් ඉහළ ගොස් තිබුණු අතර 2016 අවසන් වන විට මෙම වැඩිවීම 32% ඉක්මවන්නට ඇතැයි ඇස්තමේන්තු කළ හැකිය.
2014 අවසන් වන විට රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතය 70.7% දක්වා අඩු වී තිබුණද 2016 අවසන් වන විට එය යළිත් 81% දක්වා වැඩි වී ඇත.
2014දී 3.3% දක්වා අඩු වී තිබුණු උද්ධමනය 2017 ජනවාරි වන විට දී 7% දක්වා වැඩි වී තිබිණි.
2015-2016 වසර දෙක තුළ විදේශ සංචිත මහ බැංකු අධිපතිවරයාම පිළිගන්නා ආකාරයට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.3 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා අඩු වී ඇත. මෙය 40%ක පමණ අඩු වීමකි.

2016 මාර්තු - ජුනි කාලය තුළ ලෝකයේ පිළිගත් ෆිච්, මූඩීස්, එස් ඇන්ඩ් පී යන ශේ‍ර්ණිගත කිරීම් ආයතන 3 විසින්ම ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ශේ‍ර්ණිගත කිරීම්වලින් ලංකාවේ ශේ‍ර්ණිය පහත දමන ලදී.
ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් 2017 ජනවාරි වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරුදායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ. විරැකියාව ඉහළ යෑම හා විදේශ සංචිතවල කඩාවැටීම ඔවුන් විශේෂයෙන්ම සඳහන් කොට තිබිණි.

නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දේශපාලනඥයෙක් නොවේ. මට හැඟෙන ආකාරයට ඔහු උගත් අවංක නිලධාරියෙකි. දේශපාලනඥයන් පිළිනොගන්නා ඇත්ත තොරතුරු ඔහුගේ ප්‍රකාශවලින් එළියට එන්නේ ඒ නිසාය. පසුගිය ජනවාරි මාසයේ මහ බැංකුවේ ඉදිරි වසර සඳහා වූ සැලසුම් ඉදිරිපත් කරමින් ඔහු කීවේ ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් වී නැතත් නිසැකවම එය ඇත්තේ ඉස්පිරිතාලයේ බවයි.
දේශපාලනඥයෙක් වූ මුදල් ඇමැතිට මින් හොඳටම තරහ ගොස් ඔහු කුමාරස්වාමි මහතාට ප්‍රසිද්ධියේ ‍ෙදාස් පවරා තිබිණි. කෙසේ වෙතත් මේ වන විට බළලා මල්ලෙන් එළියට පැන අවසානය.

2014 ජනවාරිවල සෑම අතින්ම වාසිදායක තත්ත්වයක් තුළ රට භාරගත් වත්මන් ආණ්ඩුව මෙතරම් කෙටි කලක් තුළ රටේ ආර්ථික ගැටලු රැසකට මැදිවූයේ කෙසේද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. වත්මන් පාලකයන් කුමන තර්කයක් ගෙනාවත් ඔවුන් අද මුහුණ පා ඇති ගැටලුවලට වගකිවයුත්තේ පසුගිය ආණ්ඩුව පමණක් නොවේ. ඒ බොහෝ ප්‍රශ්න වත්මන් ආණ්ඩුව විසින්ම ඇති කර ගත් ඒවාය.
එමෙන්ම ලෝක ආර්ථිකය අද තිබෙන්නේ දැනට වසර කිහිපයකට පෙර තිබුණාට වඩා ස්ථාවර මට්ටමක නිසා ඔවුන්ට බාහිර බලවේගයන්ට ‍ෙදාස් නඟා ප්‍රශ්නයෙන් පැන යෑමට අවස්ථාවක්ද නොමැත. අවශ්‍ය වන්නේ අවංකවම ස්වයං විවේචනයක යෙදී තමුන්ට වැරැදුණේ කොතැනදැයි සොයාබැලීමයි. වැරැදි නිවැරැදි කර ගැනීමට තවමත් ප්‍රමාද නැත.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum