
May 22
නව මුදල් ඇමති මංගල - විදේශ රවී උසස් අධ්‍යාපන විජේදාස - අධිකරණ කිරිඇල්ල ඉඩම් ගයන්ත වෙනස්කම් කිහිපයක් පිටවේ
22 සඳුදා උදෑසන සිදු කරන්නට නියමිත කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලන ආරංචි මේ වනවිට අපට ලැබෙමින් පවතී. ඒ අනුව පසුගිය කාලයේ විවිධ ආකාරයේ විවේචනයන්ට බඳුන්වූ එජාප ඇමැතිධූර 8 ක් ද ශ්‍රීලනිප ඇමැතිධූර 6 ක් ද වෙනස්වන්නට නියමිත බව වාර්තාවේ.
දැනට ලැබෙන ආරංචි අනුව
මේ සියලු වෙනස්කම්
අපට දැනගන්නට ලැබෙන්නේ නැති නමුත් මේ දක්වා මුදල් ඇමති ධූරය දැරූ රවීද උසස් අධ්‍යපන ඇමති ධූරය දැරූ කිරිඇල්ලද අධිකරණ ඇමති ධූරය දැරූ විජේදාසද ජනමාධ්‍ය ඇමති ධූරය දැරූ ගයන්තද නව වෙනස්කම් වලට ලක් වන බව වාර්තා වේ.මෙම වෙනස්කම් අගමැති හා ජනපති එක්ව ගත් තීරණ අනුව ප්‍රකාශයට පත්ව ඇත.
දැනට වාර්තාවන සංශෝධිත ඇමති ධූර කිහිපයක් මෙසේය
මුදල් සහ ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීර
විදේශ ඇමැති - රවි කරුණානායක
උසස් අධ්‍යාපන හා බුද්ධ ශාසන ඇමැති -විජේදාස රාජපක්ෂ
අධිකරණ හා මහාමාර්ග ඇමැති- ලක්ෂ්මන් කිරිඇල්ල
ඉඩම් ඇමති - ගයන්ත කරුණාතිලක
මෙයට අමතරව පෙට්‍රොලියම් හා ගෑස් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ඇමති ධූරයද වෙනස්වන බවත් එම ඇමති විෂය පත දුමින්ද දිසානායක ඇමතිවරයාට භාරදෙන බවත් දැනගන්නට ලැබේ.
මින් පෙර ඇමති ධූරයකින් ඉල්ලා අස්වූ තිලක් මාරපනට මෙවර යළි ඇමති ධූරයක් ලබාදෙන්නටද නියමිතය. සංශෝධිත විෂයපථ සමග