රුපියලේ අර්බුදය සැඟවීමට ගොස් ආණ්ඩුව තවදුරටත් ආර්ථික අර්බුදයේ ගිලෙමින් ඇති සෙයකි. 2018 වසර ආරම්භයේදී මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 8ක් වූ අතර පසුගිය මාස 8 තුළ එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගියේය. 2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිත වත්කම ඩොලර් මිලියන 8,590.87කි. එයින් ඩොලර් මිලියන 768.69ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්රන් සංචිතය වේ. සරලව කිවහොත් වෙළෙඳපොළට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9ක් පමණ විය.
පසුගිය දින කිහිපය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දිනකට ඩොලර් මිලියන 25 - 30 අතර ප්‍රමාණයක් වෙළෙඳපොළ වෙත පොම්ප කරනු ලැබීය. ඒ අනුව සැප්. 20 දිනය අවසන් වන විට මුදා හරිනු ලැබූ මුදල ඩොලර් මිලියන 450කි. නමුත් සැප්. 20 වනවිට මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල 8%කින් අවප්‍රමාණය වී තිබේ. සැප්තැම්බර් 21 දින උදේ 9ට කොමර්ෂල් බැංකුවේ ඩොලරයක විකුණුම් අගය රු. 172ක් විය.
මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි (සංචිත විදේශ මුදල් (ජ්පඥඥ අඥඵඥපමඥ) ඩොලර් බිලියන 7.2න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම් සඳහා තවත් ඩොලර් බිලියන 6.4ක් අවශ්‍යය. ඒ අනුව, ඉතිරිය ඩොලර් බිලියන 0.8කි.
වීඩියෝ පටයක් නිකුත් කරමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ ණය වාරිකය ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් දිගටම පවත්වාගෙන යනු ඇති බවයි. එයින් කියැවෙන්නේ, රජයට රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වෙළෙඳපොළට අතහැරිය හැකි ඩොලර් බිලියනයකට මඳක් අඩු සංචිතයක් පමණක් ඉතිරිව ඇති බවයි. නැතිනම් රජය ණය වාරික ගෙවීම ගැන නොතකා සිය සංචිත වෙළෙඳපොළට දැමිය යුතුය.
සැප්. 21 දින ඩොලර් මිලියන 50ක් පොම්ප කොට රුපියලේ අගය තවදුරටත් පහත වැටීම (එනම් 170 සීමාවේ තබා ගැනීම) සිදුකිරීමෙන් පසුව ඉදිරි සති කිහිපයේදී තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800 - 1000ක් අතර ප්‍රමාණයකි.
එසේ නොවේ නම්, ණය ගෙවීම පසෙකට දමා ඉතිරි සංචිත මුදලට අත ගැසිය යුතුය. රජය විද්‍යාත්මක නොවන, ඩොලර් සංචිතය වෙළෙඳපොළට මුදාහැරීමේ දේශපාලන තීරණයට එළැඹීමට ඇති ඉඩ වැඩිය. "රුපියල දැඩි පාලනයකට යටත් කිරීම" යන තාක්ෂණික යෙදුම ලබන සතියේ කරළියට පැමිණෙනු ඇත.
එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද..?
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ මෙවැනිම තත්ත්වයක් 2012 හා 2015 දීද ඇති විය. මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4ක් 2012 දී වෙළෙඳපොළ වෙත පොම්ප කළ නමුත් රුපියලේ අවප්‍රමාණය වීම 13%ක් විය. එය රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති කළේය.
වත්මන් රජය යටතේ මහ බැංකු කොල්ලයෙන් පසුව, 2015දී ද මෙවැනිම තත්ත්වයක් උදාවිය. මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඩොලර් මිලියන 3ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙඳපොළට අතහරිනු ලැබූ නමුත් එදා ද, 9% කින් රුපියල අවප්‍රමාණය විය.
වෙනත් වචනයකින් කිවහොත් 2015 පාර්ලිමේන්තු ඡන්දයට පෙරද, රජය කෘත්‍රිම ලෙස රුපියලේ අගය අවප්‍රකාශනය වීම වළක්වා ගැනීමට ගොස් ඩොලර් මිලියන 3ක් විනාශ කර ගත්තේය. රජය නැවත වරක් සූදානම් වන්නේ ඒ මාවතේ යෑමට බව නම් ඉතා පැහැදිලියි.
https://www.facebook.com/197921813559709/photos/a.319823581369531/2082550411763497/?type=3&theater