ඔරියන්ට් ෆිනෑන්ස් ප්‍රධානීන් හොර එෆ්.ඩී නිකුත් කරලා; ඇත්ත මුදලින් කැසිනෝ ගහලා;
නිලධාරීන්ගේ කැසිනෝ ඇබ්බැහිය නිසා අද ලංකාවේ තවත් මුල්‍ය ආයතනයක් බරපතල අර්බුදයකට මුහුණ පා ඇත. ‘ශාෆ්ටර්’ පවුලට අයත් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම අනතුරට මුහුන දී ඇති ආයතනයයි. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධානියෙකු වන ‘සංජීව සෙනෙවිරත්න’ කැසිනෝ කාරයෙකි. ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන්ගෙන් 70 කට පමණ මොහු විසින් ලබා දී ඇත්තේ ව්‍යාජ ‘එෆ්.ඩී’ සහතිකය. සමහර එෆ්.ඩී වල වටිනාකම කෝටි ගණනකි . පසුගිය අවුරුද්දක පමණ කාලය තුල මොහු විටින් විට ව්‍යාජ එෆ්.ඩී සහතික නිකුත් කර ඇත. ව්‍යාජ සහතික වුව කල් පිරෙන විට තැන්පත් කරුවාට රෝලක් දමා මුදල් ලබා දුන්නද කොයි මොහොතක හෝ පුපුරා යාම නියතයකි. මෙම සටහන ලිවීමට පෙර ලියුම්කරු ආයතනයේ ඉහලම පාලන අධිකාරියෙන් විමසීමක් කළේය. වංචාව පිළිබඳව ඔවුන් දැනුවත් නමුත් එය පොලීසිය දක්වා ගෙන නොයන්නේ ඔවුන් විසින්ම බව එහිදී පැහැදිලි විය.
100% වගකීමෙන් කරන හෙලිදරව්ව
----------------------------------
ඔරියන්ට් ආයතනය දත කන්නේ හොර එෆ්.ඩී නිකුතුවට කිසිදු සේවකයෙකු ගෑවී නොමැති බව පෙන්වීමට ය. හොර එෆ්.ඩී තෙවන පාර්ශවයක වංචාවක් ලෙස පෙන්වා අහිංසක තැන්පත් කරුවන්ට පොලු තැබීමටය. ලියුම්කරු මෙම වංචාව පිලිබඳව හෙළිකරන්නේ 100% වගකීමෙනි. ඔරිජිනල් එෆ්.ඩී වලට සමාන හොර එෆ්.ඩී සහතික මුද්‍රණය කළේ මට්ට්ක්කුලියේ හොර කච්ච්චේරියකිනි. හොර කච්චේරිය එෆ්.ඩී ප්‍රින්ට් කළේ 5% ක කොමිස් මුදලකට යටත්ව ය. එනම් කෝටියක එෆ්.ඩී සහතිකයක් ප්‍රින්ට් කිරීමේ පිරිවැය ලක්ෂ 5 කි. එලෙස ප්‍රින්ට් කර ඇති හොර එෆ්.ඩී සහතික ගණන 71 කි. ලක්ෂ ගණනින් ගෙවා හොර එෆ්.ඩී ප්‍රින්ට් කොට ගෙදර තබා ගැනීමට ඔරියන්ට් ආයතනයේ කැසිනෝ ගහන ලොක්කන්ට පිස්සු විය යුතුය . මෙම වංචාව පිලිබඳව හෙලිදරව් නොකරන ලෙස ඔරියන්ට් ආයතනය ලියුම්කරුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් සන්තෝසම් මුදල් ගෙවීමටද ඉදිරිපත් විය. නමුත් ලියුම්කරු ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ මුදලට ලියන්නෙකු නොවන බවට මේ ලිපිය සාක්ෂි දරණු ඇත. ඔරියන්ට් පාලකයන් සමග කළ සියළු සංවාද පටිගතය.
වැටත් නියරත් ගොයම් කන රටක අස්වැන්න
----------------------------------
ඔරියන්ට් ආයතනයේ AGM - Fund Mobilization ගීතිකා වික්‍රමසිංහගේ තර්කය වන්නේ ජනතා සේවයක් ලෙස සත්‍ය හෙලිදරව් කළද අවසානයේ සිදුවන්නේ ආයතනය බංකොලොත් වීම බවයි. බැංකු කරණයේ කෙළපැමිනියා යැයි කියන ඇය යක්ෂයෙකුට බියව ඇති බව පැහැදිලිය. මේ දීර්ඝ ලිපිය ලියූවේ එකී යක්ෂයා හෙලිදරව් කිරීමටය. එකී යක්ෂයා අන් කිසිවෙකු නොව දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය බව දැන් පැහැදිලිය. නමුත් එකක් කිව යුතුමය. ඔරියන්ට් ආයතනයේ දූෂිත ප්‍රධානීන්ට එරෙහිව අද පොලීසියට යා හැකිය. එසේ ගියා කියා ශාෆ්ටර් පවුල හිර කොට ඔරියන්ට් ආයතනය මංකොල්ල කන්නේ නැත. හොරා සමග ඩීල් දමා ශාෆ්ටර් කූඩුවට දාන්නේ නැත.
වෙනස සැපද?
=68.ARCOPB8gxoxjEM30rcdQAMurb8ejvy8w4_wahnXqDsUFDKf3BkpFaYZMkkbxx_b7oLrrufFSEjlLFFHAWAp9UnZo3zmgAbx0PCtzAkv27jBqPp9MmSB_OfDiUC2JCj9fEtyQzFA7V8EjSNjXNVzM9e4hSZZXwkLtVUSAKKsbRsJfxbcFbqx1n-fZmiJl6iCS4T551ssQermS9K7Pcgj8uI2kvzBDMc7xdDrcV3YYyb3dCvBftp_JUXUCgjDZcJiTGBPTYIXWOT4i2GOQmZXwI7gZ9Y-lcoY1UXNfrN53cnCC4SHUDD3WBMAW8QddFnV-4UXcWcE1UDqY7Uo9dtUF_DE9CA&__xts__[1]=68.ARC3JKqGIzvK7iVluf61gAa9wNfYR-Vt2FHJf6j4LgUay2uc3pRBJy7Rt1iRdPRnbJ8BfQNbI3vHcQcs9Iwi5iY-sB4h8GIJ7j4bMfguA3EMlUJAK_s3pgfZ0t3qC4N6yBoTX54qfbz9EWrf-tYhe4hxFTSwTxMNQCSAkIMa4sR3jFGQvdz1VXbSbOrebznTbF8P84qafNSYPhLzzDGnYJk0yfBGnLxbv4p6k9GnTXwzJUQPy743IpF9W3gajD4ZQVTLuAbG5jxrUZXwjbg_YxvM9L5Yntl0Mu41kBPakQkJL9ELBFofClddH7mFkMrSgKIjLQVtKgbpVyoxmBaaAtEAJA&__tn__=kC-R&eid=ARC14kZYpwrnJOZ-Lbw87KUBIAK_eroUMe3uWWS0-ltw9FxB61eHbZ0fLn-Fm2PCoygQoaRbC1rXkEsG&hc_ref=ARTyus59UvCbSeHWSYVLjWscYtJKyKYlJhtNxlPZD9OAiVYZv0bxt3PiY0Ebecpzu3E&fref=nf]Lankaenews
=68.ARC3JKqGIzvK7iVluf61gAa9wNfYR-Vt2FHJf6j4LgUay2uc3pRBJy7Rt1iRdPRnbJ8BfQNbI3vHcQcs9Iwi5iY-sB4h8GIJ7j4bMfguA3EMlUJAK_s3pgfZ0t3qC4N6yBoTX54qfbz9EWrf-tYhe4hxFTSwTxMNQCSAkIMa4sR3jFGQvdz1VXbSbOrebznTbF8P84qafNSYPhLzzDGnYJk0yfBGnLxbv4p6k9GnTXwzJUQPy743IpF9W3gajD4ZQVTLuAbG5jxrUZXwjbg_YxvM9L5Yntl0Mu41kBPakQkJL9ELBFofClddH7mFkMrSgKIjLQVtKgbpVyoxmBaaAtEAJA&__tn__=-R]2 March at 07:40 ·
ඔරියන්ට් ෆිනෑන්ස් ප්‍රධානීන් හොර එෆ්.ඩී නිකුත් කරලා; ඇත්ත මුදලින් කැසිනෝ ගහලා; ආයතනය කඩා වැටීමේ ගැට්ටේ..! ප්‍රමුඛ ,ගෝල්ඩන් කී, සක්විති, දඬුවම් ආදීන් බංකොලොත් කරවීමේ ඇත්ත කථා සහ වෙනස සැපද?
-හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ හෙළිදරව්ව-
(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.02, පෙ.ව.7.30) පසුගියදා මහ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්’ ආයතනය කෙරේ බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැනවූයේය. ඊට හේතු වූයේ ‘ද ෆිනෑන්ස්’ ආයතනයේ සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම වඩා විශාල ව්‍යසනයකට අත වැනීමක් නිසා ය. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම මුළුමනින්ම අත්හිටැවූයේ ය . වාණිජ ණය දැඩි සීමාවන්ට ලක් කළේය. කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම දැඩි කොන්දේසි වලට යටත් කළේය. තැන්පතු රු ලක්ෂ 6 ට වඩා ආපසු ලබා ගැනීම තහනම් කළේය. එනම් අවශ්‍යතාවය කුමක් වුවත් තැන්පතු හිමියෙකුට තමන්ගේ මුදල් ආපසු ලබා ගත හැක්කේ ලක්ෂ 6 ක් පමනි.
මූල්‍ය සමාගම් බුන්වත් වීම සහ පොලු ඉතිහාසය
----------------------------------
ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ බැංකු සුද්දය වනචර දශකයේ තවත් එක් දායාදයක් බවයි. වනචර දශකයට පෙර යුගයේ බෑන්ක් රොබරි ගැන ලියැවුනු කතා අල්පය. ලංකාවේ ප්‍රථම මහා පරිමාන බැංකු පොලු කාරයා ලෙස ඉතිහාස ගතව ඇත්තේ බඩී වෙත්තසිංහය’. මහජන මුදල් කෝටි ගණනින් ගසා කා රට පැන්න ප්‍රථමයා මොහුය. බඩී වෙත්තසිංහ යනු ලටෙක් බස් කර්මාන්තශාලාව කොල්ල කෑ ‘රවි වෙත්තසිංහගේ’ පියාය.
මෑත භාගයේ මූල්‍ය ආයතන කඩා වැටීම ආරම්භ වූයේ ප්‍රමුඛ බැංකුවෙනි . 2002 වසරේදී ප්‍රමුඛ බැංකුව බුන්වත් වූයේය. ප්‍රමුඛ බැංකුවට රොබරිය දුන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ රෝහාන් පෙරේරාය. රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් විසිකිරීමේ අනුහසින් රෝහාන් පෙරේරා නීතියේ රැහැනින් පලා ගියේය. නමුත් රොහාන් පෙරේරා ගොඩ ගැසූ මුදල් ඔහු අත රැඳුනේ නැත. එංගලන්තයේ සිටි ඔහුගේ දියණිය හෙරොයින් වලට ඇබ්බැහි වූවා ය. රොහාන් සොරකම් කළ මුදල් ඇය කාබාසිනීයා කළේ පොලියත් සමගය.
බැසිල් - කොතලාවල විරසකය සහ ඵල විපාක
----------------------------------
2005 මැතිවරණ කටයුතු සඳහා ලලිත් කොතලාවල ගෙඩි පිටින් ලක්ෂ 50 ක් බැසිල්ට දුන්නේය. නමුත් රාජපක්ෂලා බලයට පත්වීමත් සමගම කොතලාවලගේ ව්‍යාපාර ගරිල්ලා ප්‍රහාරයන්ට ලක් වූයේය. මේ පිලිබඳව සාකච්ඡා කිරීමට ඔහු බැසිල් හමුවූයේය. කෙලින් කථාකරන කොතලාවල එහිදී අමුතු කථාවක් කියුවේය. තමා පැමිණියේ මැතිවරණයට දුන් මුදල් මතක් කිරීමට නොව නිදහසේ ව්‍යාපාර කරගෙන යාමේ තම අයිතිය ඉල්ලීමට යයි කොතලාවල කීවේය.
'' ඔව්, මට ලක්ෂ 50 රනිල්ට ලක්ෂ 100 යි, හිතුවද මම මේව දන්නේ නෑ කියලා'' යි පිළිතුරු දුන් බැසිල්, කොතලාවලගේ ව්‍යාපාරික නිදහස රනිල්ගෙන් ඉල්ලා ගන්නා ලෙස දැන්වූයේය.
මේ අතර ගෝල්ඩන් කී ආයතනයේ ප්‍රධානියා වූ කාවන් පෙරේරාට මුදල් අව භාවිතා කිරීම පිලිබඳව චෝදනාවක් එල්ල විය. එය සැලවූ ලලිත් කොතලාවල කාවන් පෙරේරාට එරෙහිව පොලීසියට පැමිණිලි කළේය. නමුත් සිදුවූයේ අනෙකකි. රාජපක්ෂලා කොතලාවල අත් අඩංගුවට ගෙන කාවන් පෙරේරා සමග ඩීල් දැමුවේය.
ගෝල්ඩන් කී ආයතනය ආරම්භයේ දී ඒ තුල රු බිලියන ගණනක කළු මුදල් තැන්පතු විය . ගෝල්ඩන් කී ආයතනයේ තැන්පතු පිලිබඳ විස්තර රටට හෙලි වූයේ නම් එය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීමට ඉඩ තිබුනි. අහිංසකයන්ගේ මුදල් වලට වඩා එහි තිබුනේ දේශපාලකයන්, ආගමික නායකයන්, ආරක්ෂක ප්‍රධානීන් හොරකම් කළ මුදල්ය. රාජපක්ෂලා මුලින්ම කළේ මෙම ලැයිස්තුව තම අතට ගැනීම ය. ඉන්පසුව කළු සල්ලි හිමිකරුවන් බ්ලැක් මේල් කළේ ය.
තැන්පතුකරුවන් කළු සල්ලි සහ බ්ලැක් මේල් කලාව
----------------------------------
ගෝල්ඩන් කී හි මුදල් පියවන්නේ කාගේද, ගල් කරන්නේ කාගේද යන්න තීරණය කළේ රාජපක්ෂලාය. වැන්දඹු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට රාජපක්ෂලාගේ අනුකම්පාව හිමි වීම නිසා තැන්පත් කළ මුදල් ආපසු ලැබුනි. ගාන පොඩි නැත. ගෙඩි පිටින් ලක්ෂ 3000කි. එම ලක්ෂ 3000 උපයා ගත් ආකාරය සුදර්ශනීගෙන් විමසා සිටියේ නැත. නමුත් සුදර්ශනීට ලද අනුකම්පාව අනෙක් තැන්පත් කරුවන්ට හිමි නොවිනි. දෙමළ ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 4100 ක තැන්පතුව කොටි මුදල් යයි චෝදනා කළේය. මුදල් කෙසේ වෙතත් ඔහු ජීවිතය බේරාගත්තේ ද අනූ නවයෙනි. රාජපක්ෂලාගේ ක්‍රමය දන්නා ලක්ෂ 1200 ක තැන්පත් හිමි රේගු නිලධාරියෙකු වාසය කළේ ‘මුදල් මගේ නෙවේ’ ලීලාවෙනි. මිනිසුන් බ්ලැක් මේල් කොට රඳවාගත් මුදල් යලි මහ බැංකුව වෙත ගියේ නැත. ඒවා ගියේ රාජපක්ෂලාගේ එකවුන්ට් වලට ය. නැති බැරි අංහිසකයින්ට ඉතුරු වූයේ වස බෝතලය පමණි.
මූල්‍ය ආයතන මං කොල්ල කෑම සදහා පත් කල කල්ලිය සහ සක්විතිට දුන් සුද්දය
----------------------------------
මුලදී සක්විතිගේ මූල්‍ය ආයතනයට රාජපක්ෂලාගෙන් රාජ්‍ය සම්මාන හිමි විය. ජේ. ආර්.පී සූරියප්පෙරුම , එඩ්වින් ආරියදාස වැනි රාජපක්ෂ බත් ගොට්ටන් එහි අධ්‍යක්ෂකයන් වූහ. නමුත් සක්විති ව්‍යාපාරයේ මූල්‍ය අර්බුදයක සේයාව මතුවන විට රාජපක්ෂලා සුපුරුදු වෘත්තියට බැස්සාහ. රාජපක්ෂලා කළේ අර්බුදයෙන් ගොඩ ඒමට අත දීම නොව කඩා වැටීම ඉක්මන් කෙරෙන තැනට කටයුතු යෙදීමය. මක්නිසාදයත් මූල්‍ය ආයතනයට සුද්දය දිය හැක්කේ එය හොඳින් පවත්නා විට නොව ඈවර කරන විටය . අජිත් කබ්‍රාල් සහ මොහාන් පීරිස් ගෙන් සමන්විත කල්ලියක් මූල්‍ය ආයතන මංකොල්ල කෑම සඳහාම පත් කොට තිබුනි. සක්විති ආයතනය ද්‍රවශීලතා අර්බුදයට ලක්වූ මූලික අවදියේදී මේ කල්ලිය ඔහු බ්ලැක් මේල් කොට කෝටි 400 කට වැඩි මුදලක් කඩා ගත්තේය. සක්විති ආයතනය නියත කඩාවැටීමකට ලක් ලක් වූයේ ඉන් අනතුරුව ය.
දඬුවම් මුදලාලිගේ මූල්‍ය අධිරාජ්‍ය
----------------------------------
දකුණු පලාත කේන්ද්‍ර කොට ගනිමින් බිහිවූ දඬුවම් මුදලාලීගේ මූල්‍ය අධිරාජ්‍ය වනචර දශකයේ කොල්ල කෑ තවත් නිල නොවන මූල්‍ය ආයතනයකි. දඬුවම් මුදලාලි කරළියට පිවිසියේ රාජපක්ෂලා ලෝකල් රොබරි දෙන අවදියේදී ය. දඬුවම් මුදලාලි මුල් කාලයේ මාළු දැල් වලට අඬුවම් දැමූ අයෙකි. (ඉරුණු තැන් පිරියම් කිරීම හෙවත් අණ්ඩ දැමීම) අඬුවම් මුදලාලි පසුව දඬුවම් මුදලාලි වූයේය. මුදල් ණයට දීමෙන් මුදල් වෙළඳ පොලට පිවිසි ඔහු කෙටි කාලයක් තුලදී දකුණ, සබරගමුව, ඌව සහ බස්නාහිර ප්‍රදේශ තුල සිය අනසක පැතිරවූයේය. දඬුවම් මුදලාලීගේ ව්‍යාපාරයේ මූල්‍ය වත්කම සක්විතිගේ ව්‍යාපාරයේ මූල්‍ය වත්කම මෙන් දස ගුණයකටත් වඩා වැඩිය. දඬුවම් මුදලාලීගේ ව්‍යාපාරයේ දිග පලල සහ නියම වත්කම් වසන් කළේ රාජපක්ෂලා ය. මක් නිසාදයත් ඒවා කොල්ල කෑවේ ඔවුන් නිසාය.
දඬුවම් මුදලාලිට කැසිනෝ පුරුදු කළ කපටි ආරක්ෂකයා
----------------------------------
දඬුවම් මුදලාලිගේ මූල්‍ය අධිරාජ්‍යය ගැන කණ වැකුනු නාමල් ඔහු සොයා පැමිනියේය. ඔහු හා මිත්‍ර වූ නාමල් දඬුවම් මුදලාලිට කොළඹ සිරි පෙන්වූයේය. දඬුවම් මුදලාලිට කැසිනෝ පුරුදු කළේ නාමල් විසිනි. දඬුවම් මුදලාලි කැසිනෝවලට ඇබ්බැහි වීමත් සමගම ඔහු මූල්‍ය අර්බුදයකට ලක් වූයේය. එවිට දඬුවම් මුදලාලිගේ කපටි ආරක්ෂකයා වූයේ නාමල්ය. නාමල් දඬුවම් මුදලාලි සහ ඔහුගේ දියණියන් රටින් පිට කළේ ය. නාමල් දඬුවම් මුදලාලිට පිහිට වූයේ ආදරයට නොව වත්ත පුරා වළලා තිබූ වස්තුව කොල්ල කෑමටය. රන් ආභරණ පමනක් නොව නිධන් වලින් ගොඩගත් දඹරන් කිලෝ ගණනක් එහි විය . දඬුවම් මුදලාලී මුදල් තැන්පත් කළේද බැංකු වල නොව වත්තේ පොළොව යටය.
දඬුවම් මුදලාලි රටින් පන්නා රත්‍රන් වලට දුන් සුද්දය
----------------------------------
දඬුවම් මුදලාලී රටින් පිට කල නාමල් ඔහුගේ වත්ත පුරා වළලා තිබූ රත්‍රන් සහ මුදල් ගොඩ ඇද්දේය. ඒ සඳහා පොළොව යට රත්‍රන් හඳුනාගත හැකි ඉලෙක්ට්‍රොනික මෙවලම් නාමල් ගෙන්වා ගත්තේ ය. රත්‍රන් වළලා තිබුනේ හුංගම කහඳ ගෙවත්තේය . රාත්‍රීයේ වත්ත හාරනවා දුටු ගමේ තරුණයින් දෙදෙනෙකු ඒ පිළිබඳව විමසිල්ලෙන් පසු වූයේය. වළලා තිබූ රත්‍රන් ඩිෆෙන්ඩර් දෙකකින් නාමල්ලා විසින් රැගෙන ගියේය. ගමේ තරුණයින් දෙදෙනා මොටර් සයිකල් වලින් ඩිෆෙන්ඩර් රථ ලුහු බැන්දේය. අහෝ ඒ තරුණයින් නාමල්ගේ ටීම් එක අතින් මරණයට පත් විය. ඒ සමගම කුරුවිට ප්‍රදේශයේ වත්තක ඝාතනය කොට ගිනි තැබු සිරුරක් හමු වූයේය. එම ඝාතනය මෙහෙය වූයේ කැප්ටන් මූර්ති විසිනි. කුරුවිට වත්තේ පිළිස්සුන සිරුර දඬුවම් මුදලාලීගේ යයි ප්‍රකාශ විය. නමුත් සැබෑව වූයේ ඒ වන විටත් නාමල්ලා විසින් දඬුවම් රටින් පිට කර තිබීම ය. ඉන්පසුව දඬුවම්ගේ සල්ලි ඉබේම ගල් විය. දඬුවම් මුදලාලිට සුද්දය දීම වෙනුවෙන් පමණක් සිදු කළ ඝාතන ප්‍රමානය 11 කි.
මූල්‍ය ආයතන කඩාවැටීමේ ඇත්ත කථාව
----------------------------------
මූල්‍ය ආයතන කඩාවැටීමේ ඇත්ත කථාව හිතනවාට වඩා භයානකය. ගිනී පොලී ගසමින් මහජනයාගේ මුදල් සමග සෙල්ලම් කරන මූල්‍ය ආයතන ප්‍රධානීන් ලක්ෂ ගණනින් වැටුප් ලබන්නේය. ඇතැම් මාස වල වැටුපට අමතරව ඉන්සෙන්ටිව් ලබන්නේය. ඇතැමෙක් ලැබීම් වල අතිරික්තයෙන් නයිට් ක්ල්බ් ගොස් කැසිනෝ ගසන්නේය. එය ඇබ්බැහියක් වූ පසු අහිංසක මිනිසුන්ගේ තැන්පතු ටිකද රැගෙන ගොස් කැසිනෝ ගසන්නේය. ප්‍රමුඛ බැංකුවේ රෝහාන් පෙරේරා, සක්විති රණසිංහ , ගෝල්ඩන් කී කාවන් පෙරේරා, දඬුවම් මුදලාලි, ඊ.ටී.අයි එදිරිසිංහලා ඇතුළු සියල්ලන් කළේ ඔය ටිකය.
කැසිනෝ ඇබ්බැහිය ආයතන වල ''එෆ්.ඩී'' ටිකටත් කෙලීම දක්වා දුර ගිය පසු මුල්‍ය ආයතනයට පොලිසි යාම හැර විකල්පයක් නැති වන්නේය. නමුත් මූල්‍ය ආයතනයක් පොලිසි යාම යනු ඇහැට කනට පෙණෙන ගෑනියෙක් පොලිසි ගියා හා සමානය. දූෂිත දේශපාලනඥයන්, විණිසොරුන්, පොලීසිය වැඩ අරඹන්නේ එතැන් සිටය. එය කෙළවරන්නේ මූල්‍ය ආයතනයට පිහිටක් ලැබීමෙන් නොව ආයතනය බංකොලොත් වීමෙනි. බංකොලොත් ආයතනයෙන් ලොකුම කුට්ටිය කඩා ගන්නේ දේශපාලනඥයන්ය. මෙම ත්‍රාඩ මංකොල්ලයේ වින්දියන් වන්නේ අංහිසක ජනතාව ය.
කැසිනෝ ඇබ්බැහිය නිසා අනතුරට පත්වූ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම
----------------------------------
නිලධාරීන්ගේ කැසිනෝ ඇබ්බැහිය නිසා අද ලංකාවේ තවත් මුල්‍ය ආයතනයක් බරපතල අර්බුදයකට මුහුණ පා ඇත. ‘ශාෆ්ටර්’ පවුලට අයත් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම අනතුරට මුහුන දී ඇති ආයතනයයි. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධානියෙකු වන ‘සංජීව සෙනෙවිරත්න’ කැසිනෝ කාරයෙකි. ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන්ගෙන් 70 කට පමණ මොහු විසින් ලබා දී ඇත්තේ ව්‍යාජ ‘එෆ්.ඩී’ සහතිකය. සමහර එෆ්.ඩී වල වටිනාකම කෝටි ගණනකි . පසුගිය අවුරුද්දක පමණ කාලය තුල මොහු විටින් විට ව්‍යාජ එෆ්.ඩී සහතික නිකුත් කර ඇත. ව්‍යාජ සහතික වුව කල් පිරෙන විට තැන්පත් කරුවාට රෝලක් දමා මුදල් ලබා දුන්නද කොයි මොහොතක හෝ පුපුරා යාම නියතයකි. මෙම සටහන ලිවීමට පෙර ලියුම්කරු ආයතනයේ ඉහලම පාලන අධිකාරියෙන් විමසීමක් කළේය. වංචාව පිළිබඳව ඔවුන් දැනුවත් නමුත් එය පොලීසිය දක්වා ගෙන නොයන්නේ ඔවුන් විසින්ම බව එහිදී පැහැදිලි විය.
100% වගකීමෙන් කරන හෙලිදරව්ව
----------------------------------
ඔරියන්ට් ආයතනය දත කන්නේ හොර එෆ්.ඩී නිකුතුවට කිසිදු සේවකයෙකු ගෑවී නොමැති බව පෙන්වීමට ය. හොර එෆ්.ඩී තෙවන පාර්ශවයක වංචාවක් ලෙස පෙන්වා අහිංසක තැන්පත් කරුවන්ට පොලු තැබීමටය. ලියුම්කරු මෙම වංචාව පිලිබඳව හෙළිකරන්නේ 100% වගකීමෙනි. ඔරිජිනල් එෆ්.ඩී වලට සමාන හොර එෆ්.ඩී සහතික මුද්‍රණය කළේ මට්ට්ක්කුලියේ හොර කච්ච්චේරියකිනි. හොර කච්චේරිය එෆ්.ඩී ප්‍රින්ට් කළේ 5% ක කොමිස් මුදලකට යටත්ව ය. එනම් කෝටියක එෆ්.ඩී සහතිකයක් ප්‍රින්ට් කිරීමේ පිරිවැය ලක්ෂ 5 කි. එලෙස ප්‍රින්ට් කර ඇති හොර එෆ්.ඩී සහතික ගණන 71 කි. ලක්ෂ ගණනින් ගෙවා හොර එෆ්.ඩී ප්‍රින්ට් කොට ගෙදර තබා ගැනීමට ඔරියන්ට් ආයතනයේ කැසිනෝ ගහන ලොක්කන්ට පිස්සු විය යුතුය . මෙම වංචාව පිලිබඳව හෙලිදරව් නොකරන ලෙස ඔරියන්ට් ආයතනය ලියුම්කරුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් සන්තෝසම් මුදල් ගෙවීමටද ඉදිරිපත් විය. නමුත් ලියුම්කරු ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ මුදලට ලියන්නෙකු නොවන බවට මේ ලිපිය සාක්ෂි දරණු ඇත. ඔරියන්ට් පාලකයන් සමග කළ සියළු සංවාද පටිගතය.
වැටත් නියරත් ගොයම් කන රටක අස්වැන්න
----------------------------------
ඔරියන්ට් ආයතනයේ AGM - Fund Mobilization ගීතිකා වික්‍රමසිංහගේ තර්කය වන්නේ ජනතා සේවයක් ලෙස සත්‍ය හෙලිදරව් කළද අවසානයේ සිදුවන්නේ ආයතනය බංකොලොත් වීම බවයි. බැංකු කරණයේ කෙළපැමිනියා යැයි කියන ඇය යක්ෂයෙකුට බියව ඇති බව පැහැදිලිය. මේ දීර්ඝ ලිපිය ලියූවේ එකී යක්ෂයා හෙලිදරව් කිරීමටය. එකී යක්ෂයා අන් කිසිවෙකු නොව දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය බව දැන් පැහැදිලිය. නමුත් එකක් කිව යුතුමය. ඔරියන්ට් ආයතනයේ දූෂිත ප්‍රධානීන්ට එරෙහිව අද පොලීසියට යා හැකිය. එසේ ගියා කියා ශාෆ්ටර් පවුල හිර කොට ඔරියන්ට් ආයතනය මංකොල්ල කන්නේ නැත. හොරා සමග ඩීල් දමා ශාෆ්ටර් කූඩුවට දාන්නේ නැත.
වෙනස සැපද?
----------------------------------
මක්නිසාදයත් අද මහින්ද නැත දැන් ඉන්නේ රනිල්ය. මුදල් ඇමැති මංගල ය. මහින්ද මහජන මුදල් අමානුෂික අයුරින් කොල්ල කෑවේය. පුද්ගලයන් තනි තනිවත් සාමූහික ලෙසත් යන දෙආකාරයෙන්ම කොල්ල කෑවේය . තනි තනිව අගතියට පත් මිනිස්සු වස බීවෝය. නමුත් රනිල්ගේ ක්‍රමය ඊට වෙනස්ය. රනිල් හොරකමක දී වුව පට්ට සමාජවාදියෙකි. මහ බැංකුව මංකොල්ල කෑවා යයි කියන ප්‍රශ්නයේ දී වුව කිසිවෙකු වස නොබීවේ එහෙයිනි. රනිල්ගේ සහ රාජපක්ලාගේ වෙනස එයයි. සැපයි කියන වෙනස මෙයයි. එබැවින් ඔරියන්ට් ආයතනයේ දූෂිත ප්‍රධානීන්ට එරෙහිව අද පොලීසියට ගියා ප්‍රශ්නයක් නැත.
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී
----------------------------------
ලියුම්කරුගේ ලිපි එකතුව පහත දිගුවෙන් කියවිය හැකිය
https://www.lankaenews.com/category/48