1. බදු බර සියයට 20කින් කප්පාදු කිරීම: ඒ සමඟම සමහර විනාශකාරී බදු අහෝසි කිරීම.
2. ඉතා ඉක්මණින්, සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට ගෙවීමට සිදුවන පොලි අනුපාතය 20% කින් පමණ අඩු කිරීම.
3. රුපියලේ අගය වහාම ස්ථාවර කොට 2021 වන විට එය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 150ක මට්ටමකට වත් අඩු කර ගැනීම.
4. ඊළඟ මාස 18 තුළදී පොලිය අනුපාතය පමණක් ගෙවමින් ප්‍රාග්ධන ණය මුදල ඒ ආකාරයටම රදා පවත්වා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන්ට අවසර ලබා දීම. ඒ තුළින් බැංකුවලට හෝ මූල්‍ය ආයතන වලට කිසිදු හානියක් සිදු නොවන අතර, ඒ හරහා ගනුදෙනුකරුවන්ට විශාල සහනයක් ලැබෙන නිසා ඒ අයගේ ව්‍යාපාර සහ ව්‍යාපෘති සාර්ථකව කරගෙන යැමට අවකාශය ලැබෙනු ඇත. ඒ සමගම මූල්‍ය අපහසුතාවයට පත්වී ඇති ගනුදෙනුකරුවන්ට යම් සහනයක් ලබාදීම පිණිස CRIB ආයතනයේ රෙගුලාසිවලට අවශ්‍ය වෙනස්කම් කිරීම.
5. පසුගිය වසර හතරක කාලය තුලදී ආර්ථිකයේ පරිහානිය නිසා දරුණු මූල්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වූ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර සහ ව්‍යාපෘති නැවත නංවාලීම පිණිස මූල්‍යමය සහයෝගයක් ලබාදීමට රුපියල් බිලියන 50 ක් රජය විසින් බැංකු සහ මූල්‍ය ආයතන හරහා ප්‍රෙරේෂණය වන පරිදි ලබා දීම. ආසියානු ආර්ථික අර්බුදය කාලයේදී මැලේසියාව විසින් "ධනහර්තා" යන නමින් හැඳින්වූ ආයතනික ස්වභාවයෙන් යුත් නීති හා සමාන නීති හරහා එම මුදල් ලබා දීම.
6. පසුගිය වසර හතරක කාලය තුලදී රජයේ සහ මහ බැංකුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ පාලනය නිසා අවදානමට පත් වී ඇති බැංකු නොවන මූල්‍ය ආයතන ස්ථාවර භාවයට පත් කිරීම සඳහා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අරමුදලෙන් (deposit insurance and liquidity support fund) රුපියල් බිලියන 25 ක් වෙන්කොට ඒ මුදල හරහා එම ආයතන ශක්තිමත් කිරීම. ඒ හරහා අද පවතින අවදානම් තත්ත්වය සහ ආයෝජක බිය ජය ගැනීමට හැකිවනු ඇත. ඒ සමගම 2013/2014 කාලය තුළදී කියාත්මක වෙමින් පැවති බැංකු සහ මූල්‍ය ආයතන consolidation සැලසුම නැවත ක්‍රියාත්මක කිරීම.
7. මුළු ආර්ථිකයම නැවත පණ ගැන්වීම සඳහා දැවැන්ත යටිතල පහසුකම් ඉදිකිරීම් මාලාවක් ආරම්භ කිරීම. ඒ සමඟම රට වටා පිහිටුවනු ලබන කිලෝමීටර් 600 කින් සමන්විත ඉලිප්සාකාර අධිවේගී මාර්ග පද්ධතිය ආරම්භ කිරීම.
8. සමෘද්ධී බැංකුවේ ගිණුම් ඇති සියලුම ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති මුදලෙන් 25% ක ප්‍රමාණයක් ඔවුනට වහාම මුදවා හැරීම. එම මුදල පාවිච්චි කරමින් ඒ අය තමන්ගේ ගම් දනව්වල විවිධ ආර්ථික කටයුතු වල යෙදෙන නිසා, ඒ හරහා ගැමි ආර්ථිකයේද යම් පිබිදීමක් සිදුවනු ඇත.
9. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමුකෙරෙන සියළුම ආයෝජන අනුමැතිය සඳහා ලැබෙන ඉල්ලුම් පත්‍ර සති හතරක් තුළදී අනිවාර්යෙන්ම අනුමත කෙරෙන ආකාරයේ වැඩි පිළිවෙලක් ස්ථාපනය කිරීම. ඒ අතරම, නාගරික සංවර්ධන අධිකාරිය සහ සියලුම නගර සභා සහ ප්‍රාදේශීය සභාව මගින් අනුමැතිය ලබා දෙන්නට නියමිත සියලුම ඉදිකිරීම් සැලසුම්, සති දෙකක් තුළදී අනුමැතිය ලබා දෙන ආකාරයට පසුබිම සැකසීම. ඒ හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඉක්මනින්ම ගැම්මක් ලැබෙනු ඇත.
10. 2025 වසර වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 5ක සංඛ්‍යාවක් ගලා එන ආකාරයට සැලසුම් ක්‍රියාත්මක කිරීම. ඒ අතරම, airbnb වැනි කුඩා සහ මධ්‍යම පරිමාණයේ සංචාරක ක්ෂේත්‍රයේ යෙදී සිටින සියලුම ආයතන වලට යම් ප්‍රමිතියක් හරහා රාජ්‍ය අනුග්‍රහය සහ සහයෝගය ලබා දීම.
11. වර්තමාන රජය විසින් විදේශිකයන්ට පවරා ඇති හම්බන්තොට වරාය සහ අනිකුත් සම්පත් ශ්‍රී ලංකා රජය යටතට නැවත පවරා ගැනීම සඳහා සාකච්ඡා ඇරඹීම. ඒ සමඟම විවිධ රාජ්‍ය සම්පත් විකිණිම සඳහා අරඹා ඇති සාකච්ඡා වහාම නතර කිරීම සහ රටට අහිතකර යැයි සැලකෙන ශ්‍රි ලංකා-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සහ යෝජිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැනි ගිවිසුම් වහාම නැවත සලකා බැලීමට කටයුතු කිරීම.
12. ශ්‍රී ලංකාව නැවත සන්නාම (re-brand) කිරීම: එසේ කරද්දී සැලකිය යුතු ඉලක්ක නම් යහපත් ආයෝජනයක්, නැගී එන ආර්ථිකයක්, සුරක්ෂිත සංචාරක ගමනාන්තයක්, නවීන යටිතල පහසුකම් සහිත රටක්.