marusira wrote:Chinwi මොකද්ද මේගැන හිතන්නේ?
උනන්දුවක් නොතුබුන නිසා බැලුවේ නැහැ. නමුත් PM ආපු නිසා හා මෙහි ඔබ ඇහුව නිසා ටිකක් මේ ගැන බැලුව. මේ ගැන කියනවනම්,
මේක දැනට ජනප්රිය තරු තුනේ හෝටලයක්. කලින් Amaya Reef . ( CONN සමාගමට අයත් ව තිබුනේ)
කාමරයක් යන්නේ ඩොලර් 60-80 අතර. නවීකරණය කළ කාමර 90 ක්, හෝල් 2 ක් , නාන තටාකය හා අනෙකුත් පහසුකම් තිබේ.
පසුව දිවැස මෙය මිලට අරන් REEF (Citrus leisure ) ලෙස තිබු මෙහි වත්කම් වෙනම HBRL ලෙස වෙන් කළා.
REEF වලින් HBRL වෙත මාරු කලේ කොටසක් රු 10 බැගින්. 2010 දී. වත්මන එම කොටස් ප්රමාණය 70% පමණ.
ගිය අවුරුද්දේ පුද්ගලිකව මෙහි අලුත් කොටස් 30% ක් රු 20/- බැගින් විකිණුවා . .ඒවා ලබන පෙබරවාරි මුල වෙනකම් විකුනන්න බැහැ. (locked)
මමත් නිකමට ඉතා සුළු ප්රමාණයක් ගත්ත.
එකෙත් වැඩි ප්රමාණය 20/- බැගින් අරන් තියෙන්නේ REEF මයි. ( නිකුත් කළ ප්රමාණයෙන් 96% ක්ම)
* එමනිසා දැනට HBRL කොටස් 98.67% ක්ම අයිති REEF ට.
* දැන් IPO එකේ දෙන්නේ මුළු කොටස් ප්රමාණයෙන් තව 10% ක් පමණයි. ( රු මිලියන 115 ක් පමණ)
දැනට කොටසක අගය රුපියල් 13.50 ක් විතර පොත් වලට අනුව. නමුත් නවීකරණයෙන් පසුව හා ටුවරිසම් ඉල්ලුම හා ස්ථානීය වටිනාකම නිසා අගය වැඩිවී තිබිය හැකියි.
පසුගිය කාර්තුවේ අදායම නම හිතු තරම් ලාබ නැහැ. එය ඉදිරියට කුමක් වේවිද දන්නේ නැහැ.
HBRL ට අනුව මේ මිලියන 115 : පුටු 120 ක් දාන්න පුළුවන් තව හෝල් එකක් හදන්න, අලුත් රෙස්ටුරන්ට් එකක් හදන්න, නව වයින් බාර් එකක් හා මුහුදේ ජල ක්රීඩා පහසුකම් ලබාදෙන්න වැය කිරීමට නියමිතයි.
Important:නිකුතුවෙන් පසු මාකට් එකට එන සමස්ත කොටස් ප්රමාණයෙන් 11% ක් පමණයි පිට අයට අයත් වන්නේ.
මේ හේතුව නිසා මාකට් එකේ මිල කෙසේ හැසිරේවි ද කියා හිතා බැලිය යුතුයි.