FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි Vote_lcap68%මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි Vote_rcap 68% [ 178 ]
මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි Vote_lcap18%මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි Vote_rcap 18% [ 47 ]
මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි Vote_lcap13%මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by C.THARANGA Today at 12:38 am

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Captain Yesterday at 11:12 pm

» EXPO/BILL/LOLC
by Stockbull Yesterday at 9:39 pm

» EDEN HOTEL LANKA PLC (EDEN.N0000)
by Stockbull Yesterday at 2:06 pm

» The fate of NIFL .. CLC .. LOFC under LOCH
by svkiruba8@gmail.com Yesterday at 1:39 pm

» LOFC AND CLC Target Price??
by svkiruba8@gmail.com Yesterday at 1:36 pm

» Bitcoin could trigger financial meltdown, warns Bank of England deputy
by Sunimal Yesterday at 10:21 am

» VFIN super performance
by chandike73 Fri Oct 22, 2021 6:03 pm

» Today is the Best - Day to buy CLC ..!
by Sapudev Fri Oct 22, 2021 5:45 pm

» Thoughts on SINS
by Bakka1988 Fri Oct 22, 2021 2:52 pm

» LGL.N_UPDATES
by thananjey Fri Oct 22, 2021 2:43 pm

» Rubber prices hit 4-month high; here are key driving factors
by ResearchMan Fri Oct 22, 2021 2:13 pm

» Lubricant oil Prices increases for third time.. Keep eye on Industry
by rukshan1234 Fri Oct 22, 2021 1:40 pm

» Bad news, bulls: Bank of America sees stocks flatlining through 2022
by ResearchMan Fri Oct 22, 2021 1:28 pm

» Dusit Thani Sri Lanka project halted?
by js71 Fri Oct 22, 2021 12:59 pm

» China-US freight rates plunge
by ResearchMan Fri Oct 22, 2021 12:16 pm

» Europe Gas: Prices fall as drop in coal markets offsets higher demand
by ResearchMan Fri Oct 22, 2021 12:13 pm

» Maharaja after long time
by Wickyz Fri Oct 22, 2021 11:59 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by Wickyz Fri Oct 22, 2021 11:50 am

» LOLC gets balance $ 225 m from Cambodia PRASAC stake sale
by stockchaser Fri Oct 22, 2021 10:45 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි

මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතුයි

3 posters

Go down  Message [Page 1 of 1]

fireshelter

fireshelter
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන ණය වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබුණත් ග්‍රීසිය මුහුණ දුන් ආකාරයේ අර්බුදයකට පත්වීමේ අවදානමෙන් බේරීමට නම් රටේ මීළඟ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගත යුතු යැයි ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන්පාත්ෆයින්ඩර් ආයතනය සංවිධානය කළ සංවාදයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දා ඒ බවසඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.“අපි දැන් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. එවිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන, ජාත්‍යන්තරප්‍රාග්ධන වෙළෙඳපොළවල් අප දෙස බලන්නේ ඒ මට්ටමෙන්. එහෙත් අපට පෙනෙන්න තිබෙන අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟහොඳ සබඳතාවක් පවත්වාගන්න ඕනේ. මගේ අදහස එහෙම විය යුතුයි යන්නයි
අපි නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නැහැ.එහෙත් ඉදිරි වසර 3ත් 5ත් අතර කාලයේදී අපි ජාත්‍යන්තර මූල්‍යඅරමුදලත් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගන්න ඕනේ. අපට ණයගෙවන්න තියෙනවා. අපට සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් තියෙනවා.

ඒ නිසා අපට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් වසරකට ඇමෙරිකානුඩොලර් බිලියන 3ක් (ආසන්න වශයෙන් වසරකට රුපියල් බිලියන550ත් 560ත් අතර ගණනක්) ගන්න වෙනවා.
දේශපාලන නායකයන් මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඔවුන් යථාර්ථවාදී වෙන්න ඕනේ. මොකද අපට ආසන්න අනාගතයේදී, අපටපෙනෙන්නට තිබෙන අනාගතයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමඟඅත්හළ නොහැකි බැඳීමක් තිබෙනවා. අපේ ආර්ථික ස්වෛරීත්වයේ සැලකිය යුතු ප්‍රමාණයක් පවරා දී තිබෙනවා. ඒ සත්‍ය, ඒ යථාර්ථය අපිතේරුම් ගන්න ඕනේ. කවුරුවත් ඇවිත් ඒක අපෙන් අරගෙන ගිහින් නැහැ. අපි අපේ දේවල් කළමනාකරණය කරගත් ආකාරය අනුව අපිඑවැනි තැනකට පත්වෙලා ඉන්නවා.
අරගෙන ගිහින් නැහැ. අපි අපේ දේවල් කළමනාකරණය කරගත් ආකාරය අනුව අපිඑවැනි තැනකට පත්වෙලා ඉන්නවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ඇතිව අපි සාර්ව ආර්ථිකප්‍රතිපත්ති රාමුවක් ඇති කළා. අපට එයින් ඉවත් වෙන්න ඉඩක් නැහැ. අපට පැහැදිලි මාර්ගයක් තිබෙනවා. අපි ඒ මාර්ගයේ යන්න ඕනේ. කවුරුහරි ඒ මාර්ගයෙන් ඉවත් වුණොත් ඒ සල්ලි හොයාගන්න විදියක් අපට නැහැ. එහෙම වුණොත් අපි දරුණු අවදානමකට පත්වෙනවා. අපට දරුණු සීමාකාරී පියවර ගන්න වෙනවා. අපට දැඩි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න වෙනවා.

ඇමෙරිකානු ඩොලර් බිලියන 3 (රුපියල් බිලියන 550ත් 560ත් අතරගණනක්) නැතිවුණොත් අපට විශාල වශයෙන් වියදම් කපාහරින්න වෙනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා දේශීය (ගෘහස්ථ) ඉල්ලුම පාලනය කරන්න වෙනවා. වෙනත් විදියකට කිව්වොත් ග්‍රීසියේ වුණා වගේ තත්ත්වයක්.
 
එය සිද්ධ වෙන්න ඕනේ නැහැ. අපට අපේ තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ බලයේ ඉන්න කාට වුණත් තියෙන්නේ ඉතාම පටු මාර්ගයක්. ඔබට අංශක 10ක් එහාට යන්නත් පුළුවන් මෙහාට යන්නත් පුළුවන්, හැබැයි මාර්ගය පැහැදිලියි.
 
දේශීය හා විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට දිගින් දිගටම සහයෝගය ලබාදෙන්නත් අපගේ ණය අවශ්‍යතා සපුරාගන්නත් ප්‍රධාන හේතුවක් වුණේ මූල්‍ය ප්‍රතිපත්ති සහ අයවැය ප්‍රතිපත්තිය වෙන් කිරීමයි. මූල්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව සහ අනාවැකි පළ (පුරෝකථන) කළ හැකි අයුරින් ක්‍රියාත්මක වනු ඇතැයි දෙස් විදෙස් ආයෝජකයන් බලාපොරොත්තු තබා සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමඟ එම ඔවුන් මූල්‍ය ප්‍රතිපත්තිවල නිශ්චිත බව හා අඛණ්ඩබව බලාපොරොත්තු වෙනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව මුදල් නීතිපනත පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පවතින මුදල් නීති පනත ප්‍රතිසංස්කරණය කරමින් අලුත් පනත් කෙටුම්පත ඉදිරිපත්කර තිබෙන අතර එහි වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම තිබෙනවා.

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වන අවසන්ඡන්දය තියේවි. ශ්‍රී ලංකාවට ඉහළ වැටුප් ගෙවන ගුණාත්මකබවින් ඉහළ රැකියා උත්පාදනය කිරීමටත් සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමටත් තිබෙන එකම විකල්පය අපනයනවල පරිවර්තනයක් ඇතිකර ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම පමණයි.
අපට ඉහළ වැටුප් ගෙවන ගුණාත්මකබවින් ඉහළ රැකියා උත්පාදනය කරන්න ඕනේ නම්, ණය ගෙවන ගමන්ම සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්න නම් අපි අපනයනවල පරිවර්තනයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා සෘජු විදෙස් ආයෝජන අත්‍යවශ්‍යයි. අපිටසිංගප්පූරුව වගේ පොඩි රටවලින් මෙන්ම චීනය වගේ ලොකු රටවලින් ද සෘජු විදෙස් ආයෝජන අත්‍යවශ්‍යයි.

එහෙත් කනගාටුවට කරුණ නම් ප්‍රධාන පෙළේ ජනාධිපතිවරණඅපේක්ෂකයන් කිසිවකුත් මේ ගන කතා කරලා නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල තිබෙන්නේ අපනයනවලට විරුද්ධ බවක් පෙන්වන ප්‍රතිපත්ති රාමුවක්. කිසිවකුත් අපනයන පරිවර්තනය ගැන කතා කරන්නේ නැහැ.

අපනයන පරිවර්තනය ගැන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල වැඩි යමක් දකින්න නැහැ. මට හිතෙන හැටියට නම් ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. බාහිරින් ඉල්ලුමක් ඇති කරන්නේ නැතිව මිලියන 20ක්සිටින වෙළෙඳපොළක වර්ධනයක් ඇති කිරීම ගැන කතා කරලා වැඩක් නැහැ.

ආනයනවලට විරුද්ධ ප්‍රතිපත්ති රාමුවක් තමයි අපට ඕනේ. එහෙත්එවැන්නක් දකින්න නැහැ. විනිමය අනුපාත සහ විශේෂයෙන්ම තීරුබදු යනාදිය හරහා පලදායී ආරක්ෂාව (ආරක්ෂණවාදය) වැඩිවීම නිසා අපේ වෙළෙඳාම් කළ හැකි භාණ්ඩ ක්ෂේත්‍රය සියයට 60 සිට 38ක් දක්වාඅඩුවුණා.1980 දශකයේ සිට කතා කරපු දේවල් ගැන නැවත නැවත කතාකරන්න වීම කනගාටුවට කරුණක්. හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ කාලයේ කතාකරපු දේවල් අපි නැවත කතා කරනවා. අපි එදත් හොඳ ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම ගැන කතා කළා. ආයෝජනප්‍රවර්ධනය, වෙළෙඳ පහසුකම්, වෙළෙඳ ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහපුහුණුවීමේ කුසලතාගැන එදත් කතා කළා.

අපි තවමත් ඒ ගැන කතා කරනවා. මේ ප්‍රතිසංස්කරණ ගැන අවුරුදු ගණනාවක් තිස්සේ අපි කතාකරනවා. මේ ආණ්ඩුව යටතේ ඇතැම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවෙමින් තිබෙනවා.

එය සතුටට කරුණක් වුවත් ඒවා සිදුවෙන්නේ ගොළුබෙලි ගමනින්. අපි ආරම්භයක් ගෙන තිබෙනවා. එය ධනාත්මක කරුණක්. එහෙත් වැඩ සිද්ධ වෙන්නේ ඉතාම සෙමින්. මොනවද කරන්න ඕනේ කියලා දැනගත්තත් ඒවා ක්‍රියාත්මක කරද්දි දුෂ්කරතා තිබුණා සහ ඒවාට මුහුණදෙන්න වුණා. අපි මේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න ඕනේ.
 
කරද්දි දුෂ්කරතා තිබුණා සහ ඒවාට මුහුණදෙන්න වුණා. අපි මේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න ඕනේ.

නොනවත්වා පවත්වාගෙන යන්න ඕනේ. මේවා ක්‍රියාත්මක කිරීමේදී අපි තව තවත් ආක්‍රමණශීලි වෙන්න ඕනේ. අපි ඉන්නේ ඉන්දීය සාගරයේ ඉතාමත් වැදගත් භූ ස්ථානයක. එයින් උපරිම ප්‍රයෝජන ගන්න, උපරිම ප්‍රතිඵල නෙළා ගන්න නම් අපි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ජපානය සමඟ අපි ඉතාම හොඳ සබඳතා පවත්වාගන්න ඕනේ”.

dhaneenja


Equity Analytic
Equity Analytic
බයත් හිතනවා stock market එක ගැන....

Teller

Teller
Moderator
Moderator
Next year is the debt year... we should have a proper plan to win as a country.


_________________




Teller said is said..

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum