අන්තගාමීව මත පතුරන්න එපා හිතන්න කොළඹ කොටස් වෙළදපොළ පසු ගාමී නම් දේශීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් කෝටි ගණන් තම මුදල් ආයෝජනය කරාවි ද ?
ඔව් සමහර බ්‍රෝකර් වරු පවා හිතුවා කිවා කොරෝනා සමයේ කොටස් වෙළද පල විශාල පසු ගාමී බවක් පෙන්නාවී කියල එහෙම හිතපු අය තව වැටෙනකම් බලන් හිටියා මට මතකයි සමහරු කිව්වා සියලු කොටස් මිළ දර්ශක අගය 3750 දක්වා වැටේවි කියල
මෙම මතයම විදෙස් අයෝජකයන්ගේ මනසටත් මෙම අදහස් දමලා ඔවුන් එක්ක දක්ස ලෙස සාකච්ච කරල COMB- JKH -SAMP -LOLC වගේ සමාගම් වල විදෙස් ආයොජකයන් සමහරු අඩු මුදලට COMB 55 -JKH 85 ඔවුන්ගේ කොටස් විකුණා ගියා - ඔබට අපට මතක ඇති .. එහෙත් අපේ දේශීය ව්‍යාපාරිකයන් -යුහුසුලු ව එම කොටස් මිලයට ගන්නත් - පටන් ගත්තා ඒ එක්කම ලොකු පිබිදීමක් ඇති වී දෙශීය ආයෝජකයන්ගේ ඉල්ලුම වැඩිවී සැපයුම ටිකක් අඩුවීම නිසා සමහරුන් තව තවත් අඩුමුදලට කොටස් ගන්න පෙළබුනා
එයින් සමහරු බලාපොරොත්තු වුනු ලෙස සියලු කොටස් මිළ දර්ශක අගය 3750- 4000 දක්වා පහල ගියේ නැහැ - ඔවුන් පසු තැවෙන්න ගත්තා
ඔවුන්ට සහ ඔවුන් හා ආයෝජනය කරන කුඩා සහ මැද සහ විශාල ආයෝජකයන් වෙනුවෙන් ඔවුන් සැලසුම් කර මිල ගණන් වලට කොටස් ගන්න බැරි විම ගැන - උදාහරණයක් ලෙස සමහරු කීවා COMB 55 ගණන් වල බැස්සාම තවත් ටිකක් බහීවී කියල JKH 85 බැස්සාම හිතුවා එයත් 70 -75 බහීවී කියලා
ඒත් සිදුවුනේ ඔවුන් සිතූ ලෙස නොවෙයි
බැන්කු පොළී අනුපාත පහල ගියා
අපේ රටේ කොරෝනා ප්රශන්සාත්මක ලෙස පාලනය වුනා
දසක ගානකට පස්සේ එන අතිශය ස්තාවර දේශපාලන වට පිටාවක් බිහිවුනා
මොන ප්රශ්නය ආවත් තමන් ශ්‍රී ලන්කාවට ශක්තිය වන බව පෝර්ට්සිටි ආදී මහ විශාල ආයෝජන අපේ රටේ තියන නිසා අපට ආදරේට නොවෙයි ඔවුන්ගේ ආයෝජන ස්තාවර කරගන්න චීන රජය කියන්න පටන් ගත්තා
ඒ එක්කම අපේ රටේ ආනයන පාලනය වුනා අපනයන වැඩි වුනා
කොරෝනා නිසා අපේ සමහර අන්ශ වලට වාසිදායක වුනා
අපේ තේ දිනෙන් දින වැඩිමිලට වැඩි ප්‍රමාණයක් අපෙන් අපනයන වෙන්න පටන් ගත්තා
කාලයක් පාඩු ලබපු අපේ වතු සමාගම් ලාබ ලබන්න පටන ගත්තා මිනිස්සු ආපහු ඒවා මිලයට ගන්න පෙළබෙන්න පටන් අරන්
ඒ එක්කම අපනයන සම්බන්ධ කොළඹ කොටස් වෙළදපලේ ලැය්ස්තු ගත සමාගම් මහ විශාල ලෙස ලාභ ලබන්න වුනා
තව තවත් ආයෝජක ආකර්ශනය කොටස් වෙළදපලට යොමු වුනා
රූසි කැප්ටන් - නිමල් පෙරේරා - ඩේවිඩ් පීරිස් -අරවිද පීරිස් - එන් ඩී බී ෆන්ඩ් - ශ්‍රිලන්කා ඉන්ශුවරන්ස් ෆන්ඩ් - හැරී ජයවර්දන ආදී විශාල පරිමාණයේ ආයෝජකයන ද තවත් මැද ප්‍රමාණයේ ආයෝජකයන් ද කොටස් වෙළදපල තුල දිගින් දිගටම කොටස් අත්පත් කර ගන්න ට පටන් අරන් තියනවා
දිනයක පිරිවැටුම දිගින් දිගටම බිලියන 1 ඉක්මවන්නට පටන් ගත්තා .
.මේ තත්වය එක්ක ඉතිහාසයේ ප්‍රතම වතාවට කොටස් වෙළදපල කටයුතුත් ප්‍රවර්ධනයට ඇමතිවරයෙකුත් පත් වුනා
සමහර විදෙස් ආයෝජකයන් විකුණුම් අඩු කරා එහෙත් සමහරු වික්කා තවමත් විකුණනවා -අපේ අය ගන්නවා - ගන්න පෙළ ගැසී සිටිනවා ..
එහෙත් කොටස් වෙළදපල සියලු මිල දර්ශකය 3750 දක්වා වැටෙන බව කියූ අඩුවට ගන්න හිටපු කණ්ඩායම් පසු තැවෙන්න පටන් ගත්තා ඔවුන් දැනුත් කොටස් වෙළදපල කඩා වැටේවී කියන මතය පතුරුවනවා තවමත් දැන් ඔවුන් ගෙ මතය විදෙස් අය යන නිසා මාර්කට් එක සුවර් ත්ව ටික කාලෙකින් වැටෙනවා කියලා - අපට මතක විදිහට විදෙස් ආයෝජකයන් වැඩිපුර ආයෝජනයට පෙළබෙන්නේ 1992 සී ටී ස්මිත් බ්රෝර්කර් ආයතනය එක් වුනාට පස්සෙ එවකට ජනපති ප්‍රේමදාස මහත්මා කොටස් වෙළදපල ගැන කාර්යක්ශමව සොයා බැලූ නිසාත් බවයි විචාරක මතය .... එහෙත් ඉන් පෙරත් කොළඹ කොටස් වෙළදපල කඩා වැටුනේ නැ ... ඒ නිසා මෙම විදෙස් නික්ම යාම නිසා කොටස් වෙළදපල ඉදිරියේ කඩා වැටේවී කියන එක පිලිගන්න අමාරුයි නේද ?
අනෙක සමහර විදෙස් ආයෝජකයන් යද්දි සමහරු එන්නත් ක්‍රියා කරනා බවක් පෙනෙන වා IFC විශාල සුවිශාල ආයෝජන COMB - JKH ඒ සදහා උදාහරණ
.ඒ එක්කම ජූනී කාර්තුවේ එන්න ගත්තු ලැයිස්තු ගත සමාගම් වල වාර්තා පවා සමහරක් විශමය ජනක ලෙස ලාභ වාර්තා කරා ඒ වගේම අලාභ බලාපොරෙත්තු වුනු බොහෝ සමාගම් වල අලාබ කවුරුත් සිතනවාට වඩා අඩු වුනා එන්න එන්නම තේ අපනයන වැඩි වෙමින් පවතිනවා
අපනය අන්ශයේ සමාගම් ඉතා සතුටුදායක ලෙස වර්ධනයක් පෙන්වනවා .. මේ සියල්ලම එක්ක දිනෙන්දින දින පතාම ඉතා ඉහල දෛනික පිරිවැටිමක් පවත්වා ගනිමින් කොළඹ කොටස් වෙළදපල ඉදිරියට යමින් තියනවා
එහෙත් අර සියලු මිල දර්ශක අගය 3750-4000 දක්වා පසුබසී කියපු අය තවමත් කොළඹ කොටස් වෙළදපල ඉදිරියේදී කඩා වැටෙනවා එය සැප්තැම්බර් මාසේ සිට කඩා වැටීම් පටන්ගන්නවා කියා මත පතුරුවමින් සිටිනවා .
වෙනදා මෙන් දර්ශක අගයන් 100-200 ලෙස මැතිවරණ වලන් පසුව ඉහල නොයැම ඔවුන් දකින්නේ මෙම කඩා වැටීමේ පෙරනිමිති ලෙසයි
එහෙත් අන් පිළ එය දකීන්නේ ධනාත්මක ඉතා යහපත් තත්වයක් ලෙසයි - තාක්ශණික ලෙස ර්Sඓ අගය ත් 70 න් යම් තරමක් පහලට ඇවිත් ආපහු - ඒ අනුව කඩා වැටීමක් ඉතා ඉහල බලාපොරොත්තු නොවිය හැකියි
අප අමතක නොකල යුතුයි අපේ රටේ කොරෝනා තත්වය 90% වාගේම පාලන තත්වයේ තියනා බවත්
අපේ අපනයන වර්ධනය - ස්තාවර දේශපාලනික වටපිටාව - දේශීය ව්‍යාපාරික පිබිදීම - බැන්කු පොළී අනුපාත රට තුල ඉතා පහළ මට්ටමක පවත්වාගෙන යාමට රජය තීරණය කිරීම - පෙර්ට් සිටි - සිනමන් ලයිෆ් -ආදී දැවැන්ත ආයෝජන ක්‍රියාත්මක වීම එක්ක හෙට දවස හිතන තරම්ම කියන තරමටම නරක් වෙන්න බැ -
මිල දර්ශක අගය කොරෝනාවට පෙරත් තිබුනේ 6000 වඩා ඉහලින් ඒ බවත් අප මතක තබා ගත යුතුයි
ඒ නිසා සියලු කොටස් මිළ දර්ශක අගය 6000 පසු කරාවි ..කියල අපි පුරෝකථනය කරනව
පරිසරය ධනාත්මකයි - තමන් ට අඩුමිලට කොටස් ගන්න බැරි වුනු - වගේම දේශපලනික බැදීම් ඇති අන්තගාමීන් පතුරුවන මත එහෙමපිටින්ම පිළිනොගෙන ණයට ගන්න එක අඩු කරල 65% ආයෝජන ලෙසත් 35% ට්‍රේඩින් කොටස් ලෙසත් ආයෝජනය කරන්න
විවිධ ක්ශේත්‍රවල පැතිරුනු සමාගම් 10-15 ක වත් ආයෝජනය කරන්න - සමාගම් 3-4 කට සීමා වෙන්න එපා ..අනාගතය සර්වම සුබවාදීවත් සමහරු කියනවා වගේ සර්වම අසුබ ලෙසත් දකීන්නේ නැතුව ආයෝජනය කරන්න මැද මාවතේ සිට ..ජය
https://www.facebook.com/groups/838377613229654/permalink/1135403586860387/