October 29, 2020 at 1:20 pm | lanka C news
කළුතර දිස්ත්රික්කයේ ගම්මාන කිහිපයක් සඳහා පනවා ඇති හුදකලා කිරීමේ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ දැනට සංචාරන සීමා පනවා ඇති ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොඨාශයේ බදුගම ගම්මානය හැර අනෙක් සියලු ගම්මාන වල හුදෙකලා කිරීම ඉවත් කරන බවයි.
කොරෝනා ආසාදිතයන් තව දුරටත් වාර්තා නොවීම මත මෙම තීරණය ගෙන ඇත.
එසේ නමුත් බස්නාහිර පළාතට පනවන නිරෝධන ඇඳිරි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා එම ප්‍රදේශයන්ට ද බලපාන බව ඔහු සඳහන් කළේය.