FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post
Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

 
 
 

View results

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer

Latest topics

» DVP යනු කුමක්ද? Explained
by kanishkaecomm Today at 8:39 pm

» AMF will reach its high again?
by Equity Win Today at 7:49 pm

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
by SAGA Today at 7:10 pm

» Browns price down
by Dilip Today at 6:41 pm

» LLUB=BULL Chevron Lanka Lubricant Target Price Rs 150..
by samansilva Today at 5:10 pm

» Concened Investor writes to CSE regarding new DVP
by God Father Today at 2:00 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Mr. X Today at 1:15 pm

» Colombo Stock Market poised for growth - Webinar
by dayandacool Today at 12:43 pm

» DVP - හදුන්වාදීම කොටස් වෙළදපලේ අධිකාරීන් ඔබට පැහැදිලි කරන්න සූදානම් - කතාකරන්න අන්ක.මෙන්න
by Mr. X Today at 9:35 am

» No static policies hurting SL
by dayandacool Today at 2:41 am

» Investing in Sri Lanka in ‘The New Normal’ - Nimal Perera
by CHRONICLE™ Today at 12:43 am

» Daily Foreign Transactions update
by Pradeep90 Yesterday at 9:01 pm

» HATTON NATIONAL BANK PLC
by judecroos Yesterday at 8:55 pm

» LANKA ALUMINIUM INDUSTRIES PLC (LALU.N0000)
by dulans Yesterday at 8:35 pm

» Directors' Dealings 18/06/2021
by SAGA Yesterday at 7:28 pm

» Top Foreign Tradings today - 18/06/2021
by SAGA Yesterday at 7:00 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by SAGA Yesterday at 4:40 pm

» NIFL going up
by SAGA Yesterday at 4:19 pm

» L B FINANCE PLC (LFIN.N0000)
by KILLER99 Yesterday at 1:51 pm

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by SAGA Yesterday at 12:57 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube


You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට

කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට



කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට Jeff-Bezos-Dhammika-Perera
කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය.
කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ලොව ජන ජීවිතය නව සාමාන්‍යයක් කරා පරිවර්තනය වී ඇති අතර එය ඇතැම් සමාගම් නව මානයන් කරා ගෙන යාමට සමත්ව ඇත. ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ලොව ලොකුම ධනවතා හැටියට සැලකෙන Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 48 කින් මෙම වසරේ මාර්තු සිට ජූනි දක්වා වසංගත කාලය තුළ දී වර්ධනය වී ඇත. එසේම මයික්‍රොසොෆ්ට් හි හිටපු ප්‍රධාන විධායක ස්ටීව් බෝල්මෙර් ගේ ධනය ඩොලර් බිලියන 15.7 කින් හා එලන් මස්ක් ගේ ධනස්කන්ධය ඩොලර් බිලියන 17.2 කින් මෙම වකවානුව තුළ දී වර්ධනය වී තිබේ. මේ අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇමරිකානු බිලියනපතියනගේ සමස්ත ධනස්කන්ධය මෙම 2020 මාර්තු - ජූනි කාලය තුළ දී ඩොලර් බිලියන 637 කින් ඉහළ ගොස් ඇති බවයි.
ඇමරිකාවේ තත්ත්වය එසේ වෙද්දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඊට සමාන ප්‍රවෘත්තියක් අනාවරණය කර ගැනීමට අද දෙරණ Biz සමත් වූයේ, කොවිඩ් අර්බුදය මධ්‍යයේ පවා මෙරට සමාගම් රැසක් සුපිරි කාර්යසාධනයක් අත්පත් කරගැනීමට සමත් වූ ආකාරය ප්‍රකාශයට පත්වීමත් සමඟිනි. මෙම නව සාමාන්‍යකරණය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත ‘බිංදුවටම‘ කඩා වැටීම නිසා ඊට සම්බන්ධිත සමාගම් රැසකට යනඑන මං නැතිව තිබෙන පසුබිමක නොසිතූ විරූ ලෙස  වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයන් හි සමාගම් ගණනාවක් සිය ලාභ දෙතුන් ගුණයකින් නොව ඊට ඉක්මවා උපරිම කර ගැනීමට සමත්ව තිබීම විශේෂයෙන් අවධානය කළ යුත්තකි. මේ හරහා එම සමාගම්වල කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත්, ඒවායේ ආයෝජනය කළ ආයෝජකයින් සුපිරි ප්‍රතිලාභ අත්පත් කර ගැනීමටත් අද වන විට සමත්ව ඇත. විශේෂයෙන්ම මේ වන විට දේශීය වශයෙන් ක්‍රියාත්මක නිෂ්පාදන කර්මාන්තයන් හි නිරත සමාගම් කැපීපෙනෙන කාර්යසාධයනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. රජය විසින් දැඩි ලෙස ආනයන සීමා පනවා තිබීම ද මෙම සමාගම්වලට වෙස් වළාගත් ආශිර්වාදයකි.
මේ ඊට හොඳම උදාහරණයකි.
ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ අංක එකේ ධනවතා ලෙස සැලකේ. නිල වශයෙන් නිකුත් කළ සංඛ්‍යාලේඛන ඇතත් නැතත් එය බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කරුණකි.
මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමූහ සමාගම් දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී සමාගම් වල ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ ඔහුය. 2020 ජූනි 30 වන විට හේලීස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබුනේ කොටස් 38,259,697 (මිලියන 38.25) ක් සමඟිනි. 2020 වසර ආරම්භයේ දී හේලීස් සමාගමේ කොටසක මිල දැක්වුණේ රු. 170.50 ලෙසිනි. වසර ආරම්භයේ දී එසේ සටහන් වූ කොටසක මිල පසුගිය නොවැම්බර් 06 වනදා වන විට සටහන් වූයේ රු. 427.70 ක් වශයෙනි. මේ අනුව 2020 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී පමණක් හේලීස් සමාගමේ කොටසක මිල රු. 257.20 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ධම්මිකගේ හේලීස් සමාගමේ ආයෝජන වටිනාකම 2020 වසර තුළ දී රු. මිලියන 9,840.39 කින් හෙවත් රු. කෝටි 984 කින් වැඩි වී තිබේ.
එසේම ධම්මික පෙරේරා බහුතර කොටස් අයිතිය දරන අනෙක් සමූහ සමාගම වන වැලිබල් වන් පීඑල්සී හි කොටසක මි රු. 17.60 සිට රු. 25.40 දක්වා 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ඉහළ ගොස් ඇත. වැලිබල් වන් පීඑල්සී හි කොටස් 689,726,471 (මිලියන 689.72) ක් හෙවත් 63.478%ක හිමිකාරීත්වයක් ඔහු සතුය. ඒ අනුව වැලිබල් වන් ඔහුගේ ආයෝජන වටිනාකම මෙම වකවානුව තුළ දී රු. මිලියන 5,379.86 කින් හෙවත් රු. කෝටි 537 කින් වැඩි වී තිබේ.
මේ අනුව ධම්මික පෙරේරාගේ සමස්ත ආයෝජනවල වටිනාකම 2020 වසර තුළ දී රු. කෝටි 1,522 කින් මේ වන විට ඉහළ ගොස් ඇත.
2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ හේලීස් සමාගමේ මූල්‍ය ප්‍රකාශය බොහෝ දුරට මෙම සතිය තුළ දී නිකුත් කෙරනු ඇත. 2020 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී සමූහයේ ඒකාබද්ධ බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී රු. මිලියන 73.44 ක අලාභයක සිට රු. මිලියන 561 .76 ක ලාභයක් දක්වා කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇත.
මේ වන විට සමූහයේ ලැයිස්තුගත අනුබද්ධ සමාගම් කිහිපයක නවතම මූල්‍ය ප්‍රකාශ නිකුත් වී ඇති අතර ඒ අනුව 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී අනගිභවනීය කාර්යසාධනයක් ළඟා කර ගැනීමට එම සමාගම් සමත්ව ඇත. එහිදී Haycarb PLC සමාගමේ ඒකාබද්ධ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 355.33 සිට රු. මිලියන 1,137.91 ක් දක්වා 220% කින්, DIPPED PRODUCTS PLC හි සමූහ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 230.49 සිට රු. මිලියන 1,389.70 දක්වා 503%කින්, Hayleys Fabric PLC බදු ගෙවීමෙන් පසු ලාභය ඩොලර් 759,837 සිට ඩොලර් 1,078,233 ක් දක්වා 42%කින් වැඩි වී ඇත.
මේ අතර මෙරට ටයිල් කර්මාන්තයේ පූර්ණ ඒකාධිකාරීත්වයක් ධම්මික පෙරේරා යටතේ නිර්මාණය වී ඇත්තේ ලංකා ටයිල්, රෝයල් සෙරමික්, ලංකා වෝල්ටයිල්, ලංකා සෙරමික්, ස්විස්ටෙක් සිලෝන් යනාදී සමාගම්වල පරම කොටස් හිමිකාරීත්වය ඔහුගේ පාලක කොටස් අයිතිය සතු වැලිබල් වන් පීඑල්සී යටතේ වන හෙයිනි. මෙම සමාගම් සියල්ලම පසුගිය කාර්තුව තුළ දී කැපීපෙනෙන මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කර ගෙන තිබේ. එහිදී රෝයල් සෙරමික් රු. මිලියන 611 සිට රු. මිලියන 1,663 දක්වා, ලංකා සෙරමික් රු.මිලියන 6.75 සිට රු. මිලියන 11.77 දක්වා, ලංකා ටයිල්ස් රු. මිලියන 156 සිට රු. මිලියන 433 දක්වා, ලංකා වෝල් ටයිල් රු. මිලියන 34 සිට රු. මිලියන 147 දක්වා, ස්විස්ටෙක් සිලෝන් රු. මිලියන 52.81 සිට රු. මිලියන 64.98 ක් දක්වා යනා දී වශයෙන් බදු ගෙවීමෙන් පසු ලාභ වාර්තා කිරීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් හේලීස් සමූහය ප්‍රධාන කොටස්කරුවා වන අමායා ලෙසර් පීඑල්සී හෝටල් ජාලය පසුගිය සය මාසය තුළ දී රු. මිලියන 310 ක් කිංග්ස්බරි හෝටලය රු. මිලියන 430 ක් යනා දී වශයෙන් අලාභ වාර්තා කර ඇත.
මේ අනුව ආගන්තුක සත්කාරක අංශය එලෙස කඩා වැටෙද්දී නිෂ්පාදන කර්මාන්ත අංශය වඩාත් සාර්ථක අයුරින් මෙම වසංගත වකවානුවේ දී ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum