මේ දින 3 කෙටි සතියත් කොළපාටින් අවසන් වුනා සතියම.අරන් බැලුවාම පෙබරවාරී මාර්තු වල බැස්මෙන් ඒකක 700 වඩා අපි අද වෙද්දි රිකවර් වෙලා
මාර්කට් එක ශක්තිමත් වෙමින් පවතින්නේ
VONE EXPO DIPD TKYO HEYL HAYC LFIN ALUM MGT HAYC
වගේ කොටස් අදම උදේ අඩුගාණට විකුණලා හවස ශත 50-75 වැඩියෙන් දීලා ආපහු ගත්තූ අය අපේ කණ්ඩායමෙත් ටිකක් ඉන්නවා
මේ වගේ දවස් වලට තාක්ශණිකව ශක්තිමත් කොටස් කෙටිකාලීන ආයෝජන ලෙස එකතු කරගන්න එක කරනවා වෙනුවට අද සමහරු වික්කා
පස්සේ පසු තැවෙයී
ලාභ වෙන්කර ගැනීමට විකිණීමේ ක්‍රමය හොද දෙයක්
කලබලේට විකුණලා දාන එක අපරාදෙ
වරාය නගරය ඒ පනත යම් යම් සංශෝධන එක්ක ස්තිරවම පාර්ලිමෙන්තුව හරහා සම්මත වෙනවා ටිකක් ප්‍රමාද වෙයි
කොටස් වෙළදපලෙ ආකර්ශනීය බව ඉදිරියට වැඩි වෙයී
ස්තාවර රජය (ඔය දගලන අයට ඇමතිකමක් සහ සල්ලි මල්ලක් දෙකක් දීලා සෙට් කරගන්නවා කරුමේ කියන්නේ ඒ ජනතාවගේ සල්ලි කවුරුත් ගෙදරින් ගෙනාපුවා නෙවෙයි )
තවත් වරාය නගර පනත මේ විරෝධය මුලින්ම ආපු නිසා ශක්තිමත් වෙයි ස්තාවර වෙයි
ඒ වගේම අපනයන අදායම් වැඩි වෙයි ඉදිරියට රජය කෘෂිකර්ම සහ කර්මාන්ත නිපැයුම් වලට තව තව බදු සහන දෙයි
රජයට හිතවත්ම ධම්මික පෙරේරා - ඉශාර නානායක්කාර - දිලිත් ජයවීර - අශෝක පතිරගේ- සුමල් වගේ අපේ රටේ ව්‍යාපාර කරන අයට උදව් කරාවී
ඒකෙ වරදක් දක්කින්න අමාරුයි
ඒ එක්කම චීනයට තියන විශේශ හිතවත්කම තව තව වර්ධනය වේවි
තව වසර 40-50 යද්දීත් රට දියුණුවට පත් කරගන්න අපට බැරිවුනොත් අපි චීන කොළනියක් වේවී
ඒක වෙනම කතාවක්
නමුත් හොරු අතරින් අඩුවෙන්ම හොරකම් කරන රටට යමක්.කරන ගමන් පගා ගහන කට්ටියක් තමයී අපට පාලනය සදහා තෝරා ගන්න වෙලා තියන්නේ
ආසියාවේ දේශපාලන රටාව ඒකයි
නමුත් වරාය නගරය හරහා රටට යමක් කරන ගමන් තමන් දියුණුවට පත් වෙන්න වත් පාලකයෝ හිතුවොත් හොදයි
ඒ තත්ත්වයන් කොහොම වුනත් අපේ කොටස් වෙළදපලෙ ලැයිස්තු ගත සමාගම් අද්විතීය ආකර්ශනීය ආදාය්ම්.වාර්තා තබනා කාලයක් මේක ළඟදී එන සමාගම් ලාභඅලාභ කාර්තු වාර්තා සමහරක් ඉස්තරම්ම ඒවා ලූ අපිට තියන්නේ අන්න ඒ සරු සමාගම් වල එකක දෙකක නෙවෙයි 10-15 ආයෝජනය කරන්න විවිධාන්ගීකරණය වුනු කොටස් ගිණුම් පවත්වාගෙන යන ගමන් මාර්ජින් ණය කලමනාකාරණය වැදගත්
මාර්කට් එක ආපහු 9000 -10000 වෙනකම් දුවන කොට දිනෙන් දින වැඩි.වන මිලයටගැනීමේ ශක්තිය(buying power ) කළමනාකරණය ඉතාම වැදගත්
තමන් සමාගම් වාර්තා කියවා බලා සොයා බලා ආයෝජකයන් කිරීමත් ඉතා වැදගත්
මාර්කට් එක
ASPI 8800 - 9000 වෙනකම් යද්දි අපි පොඩි පොඩි වැටීම් වෙන දවස් වලට බය වෙලා විකුණන එක මෝඩ කමක්
ඉදිරිය සුබයි
පෝර්ට් සිටි නොහොත් වරාය නගරය ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවාමයී
ආයෝජන කරන්න බැන්කු පොළී අනුපාත අවම මේ කාලේ කොටස් වෙළදපලෙ කොටස් අරන් ශක්තිමත් ලාභාන්ශ බෙදා හදා ගන්නා සමාගම් වල හවුල්කරුවන් වීම වැඩී වාසි දායකයි.
ඔබට ජය