මේ කාලයේදී පොලී වියදම සියයට 19 කින් වර්ධනය වෙමින් එම ප්‍රමාණය රුපියල් බිලියන 2.97 ක්වී තිබෙන බව මෙම දත්ත වැඩිදුරටත් අනාවරණය කරයි. මේ අනුව, ජුනි කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 3.2 කින් වර්ධනය වී තිබේ.
මීට අමතරව, මේ කාලයේදී බැංකු සමූහයේ ක්‍රියාකාරී ණය ප්‍රමාණය සියයට 21 කින් වර්ධනය වී තිබෙන අතර ක්‍රියාකාරී ණය ප්‍රමාණය රුපියල් බිලියන 149 ක් දක්වා ඉහළ ගියබව හෙළිවේ.