Thursday, 18 August 2011 18:21
කොළඹ කොටස් වෙළෙඳ පොළ ගෙවී යන සතියේ තුන්වන දිනයටත් අද සමහර තැරැව්කාරුවන්ට හා ඉහළ ආයෝජකයින්ට යහමින් ක්ෂණික මුදල් උපයා දෙන සූදූ පොලක් බවට පත්වූ බව මධ්‍යස්ථ විචාරකයෝ පවසති.
කලම්බෝ ලෑන්ඩ්,ලංකා හොස්පිටල්ස් ඊයේ හා පෙරේදාත් හා එච්.වී.ඒ ෆුඩ්ස් අද දිනත් මේ කොටස් ජාවාරම්කාර පාර්ශවයේ ග්‍රහණයට හසුවූ කොටස් බවද එම විචාරකයෝ පෙන්වා දෙති.
මෙම කොටස් සියළු ආයෝජන සිද්ධාන්ත පසෙකලමින් ඉතා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙන අතර උද්ගතවෙමින් පවතින තත්ත්වයන් හමුවේ නව නියාමන රෙගුලාසි හඳුන්වා ද“මට සිදු වනබව මේ අතරේ නියාමන ආරංචි මාර්ග උපුටා දක්වමින් තැරැව්කාර ආයතන කියයි.
අද දිනයේ HVA Foods සියයට 77 කින් රුපියල් 33.60 දක්වා ඉහළ ගිය අතර කලම්බෝ ලෑන්ඩ් හා ලංකා හොස්පිට්ල්ස්ද මේ වනවිට ඉතිහාසයේ වැඩිම අගයට ගනු-දෙනු වෙමින් පවතී.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3035&Itemid=56[b]