Monday, 22 August 2011 10:58
නියාමන අධිකාරීන්ගේ ආන්තික ණය සීමා ලිහිල් කිරීමේ නිර්ණායකයින් පිළිබඳව බොහෝ තැරැව්කාර ආයතන වලට නිවැරදිව නිර්වචනය කර ගැනීමට නොහැකි වීම නිසා ගැටළුකාරී තත්ත්වයකට ඒ ආයතන මුහුණ දී ඇතිබව පෙනී යනබව කොටස් ආයෝජකයෝ පවසති.
ශූද්ධ වත්කම් මත පිහිටා මෙම ණය සීමා ගණනය කිරීම සම්බන්ධයෙන් මෙම උභතෝකොටිකයට ඔවුන් ලක්ව ඇති අතර මෙම තත්ත්වයන් නිරාකරණය කර ගැනීමට දින කිහිපයක් ගත විය හැකි බවද එම තැරැව්කාර ආයතන වලින් කළ විමසීමේදී දැනගත හැකිවිය.
තත්ත්වය එසේ වුවත් මෙම ආන්තික ණය සීමා කිරීමේ උපරිම වාසි සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙමින් ආයෝජනයේ සියයට 50 ප්රමාණ ඉක්මවා අදාල ණය සහන දීමට කටයුතු කිරීමට ඇතැම් ආයතන සැදි පැහැදී සිටින වගද දැන ගන්නට ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළ නියාමන අධිකාරින් පසුගියදා තැරැව්කාර ආයතන වල ශූද්ධ වත්කම් මත පිහිටා ආන්තික ණය සීමා ලිහිල් කිරීමට පියවර ගත්තේය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3047&Itemid=56