මේ සඳහා තවමත් ශුද්ධ ද්‍රවශිලතා වත්කමි පදනමින් ආන්තික ණය ලබා දිමේදි තැරුවිකාර ආයතන මුහුණ පා ඇති ව්‍යාකුලතා මත සිදු වන බලහත්කාර විකුණුමි බල පා ඇති බව තැරුවිකාර ආයතන කියයි.
මෙම තත්ත්වයන් සමනය කිරිම සඳහා විනිමය කොමිසම යමි මැදිහත්විමක අවශ්‍යතාවය ද ඹවුන් අවධාරණය කරයි.
උද්ගතව ඇති තත්ත්වයන් මත ඇතැමි තැරුවිකාඑ ආයතන තවදුරටත් අවධාරණය කර සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ පෙර තිබු ස්වර්ණමය තත්ත්වයට යළි නගා සිටුවන්නට නම් තාවකාලිත පැලැස්තර විසදුම් ඉවතලා දැවැන්ත වෙනසකට වෙළෙඳ පොල පත් කල යුතු බවයි.
ඊයේ දිනයේ විශාල වශයෙන් සිදු වු පුද්ගලික කොටස් හුවමරු වෙළෙඳ පොල සක්‍රිය කිරිමට මහගු දායකත්වයක් ලබා දුන් අතර ඒ අනුව HVA, DFCC, JKH, BUKI හා COLO මේ සඳහා දායක වුණි.
එන්වෙයාර්මෙන්ටල් රිසෝර්ස් සමාගම පිළිබඳ ව වු අර්බුද නිමා වු බවට ආරංචි පැතිර යද්දි ඒ පිළිබඳ නිල නිවේදන විනිමය කොමිසමේ වෙබි අඩවියේ පළ කිරිමට නියමිත බවද දැන ගන්නට ඇත.
පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොල පෙරලි සිදු කල මහ පරිමාණ ආයෝජකයින් නිවාඩු සඳහා විදෙස් ගත ව ඇති බවට තොරතුරු වාර්තා වෙද්දි HVA තවමත් සුපුරුදු මිල ඉහළ යාමේ ප්රවනතා පෙන්නුම් කරමින් ඇත.
ඇමෙරිකානු වෙළෙඳ පොළ ඊයේ ඉහළ යනු දක්නට ලද අතර මේ සඳහා මේ සඳහා ලිබියානු තෙල් සම්පත් සඳහා බටහිර ට අතපෙවිමට ඇති ඉඩප්රස්ථා පිළිබඳ බලාපොරොත්තු ඉවහල් විය.
