ලංකා ඔරික්ස් ලීසිං සමාගම (LOLC) තවත් ශාඛා දෙකක් පසුගියදා විවෘත කළේ ය. LOLC සමාගමේ 110 වැනි සහ 111 වැනි ශාඛා එසේ හෝමාගම සහ පිටකොටුවේදී විවෘත වූයේ LOLC සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතාගේ අතිනි.එහිදී කපිල ජයවර්ධන මහතා සඳහන් කළේ ගනුදෙනුකරුවන්ට මූල්‍ය සේවා පහසුවෙන් ලබා ගැනීම වෙනුවෙන් මනා ප්‍රවේශයක් ලබාදීම කෙරෙහි සමාගම ප්‍රමුඛත්වයක් ලබාදෙන බවයි.ඒ සඳහා ශාඛා ජාලය උපක්‍රමීය ලෙස හා වේගවත් අන්දමින් පුළුල් කිරීම අතිශය වැදගත්. අප සමාගමේ ඇතැම් දිගු කාලීන ගනුදෙනුකරුවන් එම ප්‍රදේශවල අයයි. නව ශාඛා විවෘත කිරීමත් සමඟ සියලු ගනුදෙනුකරුවන්ට අපගේ සේවය පහසුවෙන් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් හිමිවේ යැයි ද ඒ මහතා කීය.47, හයිලෙවල් පාර, හෝමාගම සහ අංක 333, මහවීදිය, පිටකොටුව යන ස්ථානයන්හි නව ශාඛා පිහිටා තිබේ.
පිටකොටුවේ ශාඛාව විවෘත කළ අවස්ථාවේදී LOLC සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා, සමාගමේ පුරෝගාමී ගනුදෙනුකරුවෙකු වන යුනියන් ට්‍රේඩිං පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්ට්‍රම් පෙරේරා මහතා වෙතින් පළමු ගනුදෙනුව පිළිගත් අවස්ථාව. http://www.silumina.lk/2011/02/20/ |