සජීවී තොරතුරු පෙලගැස්ම - GR Case - Fri Oct 04, 2019 1:57 pm
ප.ව. 1.33 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වන වගන්තිය බැලූ කල යම් පුද්ගලයෙකුට අමාත්‍යංශ ලේකම්ධූරයක් දැරීම සදහා ඔහු ශ්්‍රී ලාංකික පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය නොවන බව ඉතාම පැහැදිලිය. ඔහු හෝ ඇය එවැනි ධූරයකට තේරී පත්වීමේදී දිව්රුම් ප්‍රකාශයක් සිදුකරන අතර එහිදී තමන් රාජ්‍යට පක්ෂපාතීව කටයුතුකරන බවට පොරොන්දුවේ. නමුත් ශ්රී ලාංකිකයෙකු වීම අත්‍යවශය නොවේ. නමුත් රටේ ජනාධිපතිවරයා වශයෙන් තෙරී පත්වීමට හෝ පාර්ලිමේන්තු මන්තීවරයෙකු වීම සදහා ශ්රී ලාංකිකයෙකු වීම අත්‍යවශ්ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව දක්වා ඇත - නීතීඥ සුරේන් ප්‍රනාන්දු.
ප.ව. 1.13 (පැහැදිලිකිරීම්) - මෙම වාර්තාකිරීම සිදුකරනුයේ විවෘත අධිකරණයේ සිට නොවේය. මෙම තොරතුරු සමබිම වෙත අධිකරණ භූමිය සහ ශාලාවේ සිටින විවිධ පාර්ශව වෙතින් අප වෙත ලැබෙන තොරතුරු කියවා බලා, සුදුසු පරිදි පරිවර්තනය කර එසැනින් යාවත්කාලීනකිරීමකි. ඇතැම්විට අභ්‍යන්තර තොරතරු අපවෙත ලැබීමේ ප්‍රමාදයන් නිසා හෝ ලැබෙන තොරතරුවල විශ්වාසනියත්වය පිළිබද ගැටලු නිසාවෙන් යාවත්කාලීනකිරීම ප්‍රමාද විය හැක. ඒ හැරුණු කොට පක්ෂග්‍රාහීව තොරතරු සගවාගැනිමක් සිදුනොවේ. සමබිම යනු නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නක් මිස දේශපාලකයෙකුගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින්නක් නොවේ.
ඉහළ අධිකරණවල සිදුවන පෙත්සම් විභාග සාමාන්‍ය පාසල් විවාදවලට වඩා බොහෝ සෙයින් වෙනස් බවද සලක්න්න. එක් නීතීඥවරයෙකු ඉදිරිපත්කරන තර්කවලට ප්‍රති තර්ක ඉදිරිපත්කිරීම සිදුවන්නේ බොහෝ සෙයින් සියුම්වය. තර්ක සෘජුවම ආමන්ත්‍රණයකිරීමක් සිදුනොවන තරම් වන අතර බොහෝ විට සිදුවන්නේ පැරණි නඩුතීන්දු දේශපාලන සංසිද්ධීන් භාවිත කර තම සේවාදායකයාගේ ක්රියාවන්හි නිරවද්‍යතාවය ඔප්පුකිරීම, පෙත්සමට අදාළ වන රටේ මූලික නීතියෙහි සහ නීතිමය මූලධර්ම ඒ ඒ පාර්ශවවලට වාසිසහගත වන ආකාරයට නිර්වචනයකිරීම මිස ප්‍රතිපක්ෂයේ තර්ක එකහෙලා බිද දැමීමක්ම නොවේ. ඇතැම් අවස්ථාවක පමණක් ප්‍රති පක්ෂයේ තර්ක අභිබවා යන කරුණු ඉදිරිපත්විය හැකි අතර තර්ක බිද දැමීම් බහුතර ප්‍රමාණයක් නඩුවේ අවසාන භාගයේ පමණක් සිදුවනු ඇත.
ප.ව. 12.58 - පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා යළි කරුණු දැක්වීම සදහා නැගීසිටියි.
ප.ව. 12.45 - පුරවැසි පනතෙහි 19(2) වගන්තියට අනුව දැන් වෙනත් රටක පුරවැසියෙකු වූවද යමෙකුට තමාගේ මුල් පුරවැසිභාවය නැවත ලබාගත හැක. එයින් ඔහු ද්විත්ව පුරවැසියෙකු වන්නේ නැත. සිදුවන්නේ ඔහු සිය මුල් පුරවැසිභාවයට නැවත පිවිසීමක් පමණි. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම යනු වෙනම කාර්යයකි.
අනෙක් අතට ජනාධිපතිවරයා කිසියම් විෂයක් යම් අමාත්‍යවරයෙකුට පවරා නොමැති අවස්ථාවක එම විෂය සම්බන්ධයෙන් ක්රියාත්මක වීමට ඔහුට බලය ඇත. එපමණක්ද නොව එස් ක්රියාත්මක වන අවස්ථාවක එකී ක්රියාව සිදුකළේ අමාත්‍යවරයෙකුද එහිදී අමාත්‍යංශ ලේකම්වරයෙකු එයට සම්බන්ධව තිබේදැයි විමසීම අවශ්‍යව නොවේ. මන්ද යත් එම ක්රියාව සිදුකර ඇත්තේ ජනරජයේ විධායක බලයෙහි මූලය වන විධායක ජනාධිපතිවරයා බැවිනි.
ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා අදහස් දැක්වීම අවසන් කරයි.
ප.ව. 12.41 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යවුරුන් පත්කිරීමටද ඔවුනට විෂයන් පැවරීමට ද බලය ඇත. එකී බලය අමාත්‍ය මණ්ඩලයක් පත්කිරිමට පෙර දින 10 ක් පුරා තමන් ලග තබාගැනීමෙන් ජනාධිපතිවරයා බලය අවභාවිතකිරිමක් සිදුවන්නේ නැත. එවැන්නකට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් විධිවිධාන සලසා තිබෙනවා විය හැක. ඇතැම් විට එයින් ඔබට ඔහුව දෝෂාභියෝගයකට ලක්කිරීමට අවස්ථාව සැලසෙනවා විය හැක. එහෙත් එසේ බලය ලබාගැනීම නිසා රට තුළ සාමාන්‍ය ක්රියාකාරීත්වයට බාධා සැලසීමක් සිදුවන්නේ නැත. යමක් ක්රියාත්මක විය හැකිවූ පමණින් එය ක්රියාත්මක වන්නේ නැත. ජනාධිපතිවරයාට බලය අමාත්‍ය මණ්ඩලයට ලබාදිය හැකිබව සත්‍ය නමුත් එය වහාම සිදුවිය යුතු බවක් කොතැනක හෝ සදහන්ව නැත. - ජනාධිපති නීතීඥ මාරපන මහතා.
ප.ව. 12.31 - 06 වන වගඋත්තරකරු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කරුණු දැක්වීම ආරම්භකරයි.
මධ්‍යහන. 12.00 - එම ප්‍රකාශයත් සමග ජනාධිපති නීතීඥවරයා කරුණු දැක්වීම අවසන් කළ අතර අධිකරන මධ්‍යහන 12.15 දක්වා කල් තැබිණි.
මධ්‍යහන 12.00 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සිදුකරන කරුණු දැක්වීම තවදුරටත් සිදුවේ. ස්වභාවික යුක්ති මූලධර්ම සහ නීතියේ පදනම් මූලධර්මයක් වන "අනෙකාට ද ඇහුම්කන් දෙන්න" (Audi Alterum Partem) වැනි මූලධර්ම පදනම් කරගනිමින් මෙම ගැටලුවෙහි ප්‍රතිඵලය බලපාන්නාවූ සියලු පාර්ශවවලට අධිකරණය සවන් දිය යුතුයැයි සදහන් කළ ජනාධිපති නීතීඥවරයා ඒ අනුව ශ්්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කළ යුතුයැයි දැක්වීය.
මෙම නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කළ නොහැකිවන ආකාරයේ අතුරු තහනම් නියෝගයක් නිකුත්වුවහොත් රටේ මිලියන ගණනක් පුරවැසියන්ගේ අපේක්ෂාවන් ඒ හරහා බිද දැමෙනු ඇත. කිසිම අධිකරණයකට එවැනි ක්රියාවක් හරහා ඇතිවන ප්‍රතිඵල යථා තත්ත්වයට පත් කළ නොහැක.
පෙ.ව. 11.59 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සිදුකරන කරුණු දැක්වීම තවදුරටත් සිදුවේ. මේ දක්වා ඒ මහතා පැය 04 කට අධික කාලයක් පුරා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සිටී.
පෙ.ව. 11.41 - ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ගමන් බලපත්‍රය සහ හැදුනුම්පත යන දෙකම විවෘත ලෙස භාවිත කළහ. ඒවා භාවිත කර ඔහු ගුවන් ගමන්වලද අනෙකුත් නීතිමය කටයුතුවලද නිරතවූහ. නීතිමය නොවන හෝ වැරදි ලෙස එවැනි ලිපිලේඛන ලබාගත් අයෙකුගේ හැසිරීමට වඩා එය හාත්පසින්ම වෙනස්ය.
පෙ.ව. 11.37 - ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා සෑම උදෑසනකම අධිකරණ භූමියට පැමිණ නඩු විමසනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවේ. නමුත් එසේකිරීම සදහා ඔහුට බලයක් නැත්තේද නොව්. ඒ අනුව බලය දැරීම සහ බලය ක්රියාත්මක කරන ආකාරය යනු පැහැදිලිවම දෙකකි. එලෙසින්ම ජනාධිපතිවරයාට ද බලතල ලබාදී ඇති අතර ඒවා පරම වන අතර ජනාධිපතිවරයා අපේක්ෂා කරන ආකාරයකින් භාවිත කළ හැක. එසේ භාවිතකළ පසු ඒවායින් ඇතිවන ප්‍රතිඵල සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේම යම් යම් විධාන ඇති මුත් ඒවා භාවිත කරන ආකාරය සිදුවන්නේ ජනාධිපතිවරයාට අභිමත පරිදිය.- ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා.
පෙ.ව. 11.27 - (අතිරේක තොරතුරු) - ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් කැදවමින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ගාල්ල මහ නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ශේරෂ්ඨාධිකරණයට ඊයේ (ඔක්තෝබර් 03) දින ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගනම ප්‍රතික්ෂේපකිරීමට ශේර්ෂ්ඨාධිකරණය තීරණය කළහ.
පෙ.ව. 11.19 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින් - ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි සහතිකය සදහා හිටුපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අත්සන යෙදූ දිනයේම තවත් එවැනි සහතික 20 කට හිටපු ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇතිබව ජනාධිපති නීතීඥවරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරයි.
පෙ.ව. 10.41 - ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ සිටම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර මැතිවරණවලදී ඡන්දය භාවිත කර ඇත. මෙතක් ඔහුගේ පුරවැසිභාවය පිළිබද නොතිබූ ගැටලුවක් දැන් ඇතිව තිබෙන්නේ කෙසේද? එය කිසියම් අනිසි අරමුණක් ඉෂ්ඨ කරගැනීම සදහා මෙම කාරණය ඉදිරියට ගෙන ඒමක්ද? මෙම පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන කරුණු සත්‍යයනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක ලේකම් තනතුර දැරීමට ඇති හැකියාවත් ඒවායින් අහෝසිවනවා නොවෙද?
පෙ.ව. 10.27 - අධිකරණයේ මුලික කටයුතුවලින් අනතුරුව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම යළි ආරම්භකරයි. ඔහු පෙත්සම් විභාගයේ 05 වන වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටී.
පෙ.ව. 9.55 - ත්‍රි පුද්ගල අභියානාධිකරණ විනිසුරු මණ්ඩලය පෙත්සම් විභාගයේ තුන්වැනි දිනයේ කටයුතු ආරම්භකරයි.
#2019 ඔක්තෝබර් 03
ප.ව. 6.14 - අභියාචනාධිකරණය පෙත්සම් විභාගය ඔක්තෝබර් 04 වන සිකුරාදා (හෙට දින) උදෑසන 9.30 තෙක් කල් තබයි.
ප.ව. 5.56 - ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින්. "මෙම පෙත්සමේ එක්තරා තැනෙක ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලාංකිකයෙකු නොවන බවත් එමනිසා එවැනි තැනැත්තෙකු තෝරා පත්කරගැනීම රටේ ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට පැහැදිලි තර්ජනයකැයි ද දක්වා ඇත. මේ ප්‍රකාශය පැහදිලිවම ඕනෑම පුද්ගලයෙකුගේ ලේ කකියවන ප්‍රකාශයකි. ගෝඨාභය රාජපක්ෂ යනු සෙසු සියල්ලන්ම මේ රට උගසට තබා කටයුතු කරද්දි මේ රට ආරක්ෂා කළ පුද්ගලයෙකි. ඒ නිසාම ඔහුගේ ජීවිතයට අහිමිවීමේ අවදානමක් පවා ඇතිවිය" යැයි දැක්වීය.
ප.ව. 5.43 - (පැහැදිලිකිරීම්) දැනට මෙම පෙත්සම් විභාගය ඉදිරියට යන ආකාරයට අනුව එය ජනාධිපතිවරයා විධායක බලයේ මූලය වන්නේය යන තර්කය සහ ජනාධිපතිධූරය යනු හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එන ප්‍රතිපාදන ක්රියාත්මකකිරීම සදහා පිහිටුවා ඇති ව්‍යූහයක්ය යන තර්ක දෙක අතර ගැටුමක් බවට පරිවර්තනයව ඇත.
ප.ව. 5.25 - ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට යම්කිසි කාලයක් ගනු ලබන්නේද , ඒ සමස්ත කාලය පුරාවටම එකී බලතල ඔහු සතුව පවතින්නේය. මන්ද ඔහු විසින් දෙනු ලබන්නේ ඔහු සතු දෙයක් බැවිනි. ජනාධිපති නීතීඥවරයා ඉදිරිපත් කරන අදහස්වල මූලික සාරාංශය එපරිදිය.
ප.ව. 5.24 - ඕනෑම විෂයක් හෝ කාර්යයක් තමා යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයාට බලය ඇති බැවින් එම විෂය හෝ කාර්යය සදහා අමාත්‍යවරයෙකු පත්කිරීමට ඔහු බැදී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය තීරණය කිරීම හා ඔවුන්ට පැවරෙන විෂයයන් තීරණයකිරීමට බලය පවරා ඇතත්, ජනාධිපතිවරයාට සිය ධූරයේ වගකීම් ඉටුකිරීමට එසේ අමාත්‍යවරුන් පත්කර තිබීම අත්‍යවශය වන්නේ නැත. එසේම 19 වැනි සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු දැරිය නොහැකිවුවත් කවර හෝ අමාත්‍යංශයකට ලැබෙන්නාවූ බලයෙහි මූලය වන්නේ මහජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඔහුට පවරා දෙන විධායක බලයයි.
ප.ව. 5.23 - 05 වන වගඋත්තරකරු වෙනුවෙන් කරුණු දක්වන ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා මහතා 19 වන සශෝධනය ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පැහැදිලිවම දක්වා ඇති පරිදි විධායක බලයෙහි මූලය/ගබඩාව ජනාධිපති ධූරයයැයි දක්වාසිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තියට අනුව ඔහු ජනරජයේ විධායක බලය දරන්නා වන බැවින් "ඔහු විසින් බලය [අමාත්‍ය මණ්ඩලයට] ලබා දෙන අතර ඔහු විසින්ම ඒ බලය අවශ්ය විටෙක ආපසු පවරා ගනී. ඔහු සතුව එවැනි බලයක් නොමැති නම් ඔහුට එය [අමාත්‍ය මණ්ඩලයට] දීමට හැකිවන්නේ ද නැත."
ජනාධිපති නීතීඥවරයා මෙහිදී ඉහත තත්ත්වය පැහැදිලිකිරීම සදහා භාවිත කළ යෙදුම වූයේ President is the repository of the Executive Power යන්නයි.
ප.ව. 5.12 - පෙත්සම් විභාගය අතරතුර මතුකරන ලද ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිශ්චිත මතයක් දැක්විය හැක්කේ ශෙර්ෂ්ඨාධිකරණයට පමණි යැයි ගරු විනිශ්චය මණ්ඩලය පවසාසිටියි.
(පැහැදිලිකිරීම්) ඇතැම්විට විසිනුරු මණ්ඩලයේ ඉහත ප්‍රකාශය ශෙර්ෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා පෙත්සමේ ඇතැම් කරුණු යොමුකිරීමට තමන් කල්පනාකරමින් සිටින බවට ඉගියක් විය හැක.
ප.ව. 4.37 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා විසින් සිදුකළ කරුණු දැක්වීම අතිශය දීර්ඝ එකක්විය. එම කරුණු දැක්වීම අතරතුර එක් වරක් ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා මහතා පෙත්සම් විභාගය අතිශය වැදගත් කරුණක් සම්බන්ධයෙන් හෙයින් විභාගය හැකි ඉක්මනින් සිදුකර අවසන් කළ යුතුයැයි සදහන් කළහ. නමුත් එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති ගරු විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම පෙත්සම් විභාගය කඩිමුඩියේ කළ නොහැකියැයි සදහන් කළහ.
ප.ව. 4.26 - ගෝඨාබය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොම්ෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම අරඹයි.
ප.ව. 4.15 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා කරුණු දැක්වීම අවසන් කරයි. අධිකරණ සුලුවේලාවකට පසු නැවත රැස්වීමට නියමිතයි.
ප.ව. 4.14 - (පැහැදිලිකිරීම්) 1993 මැයි 1 වෙනිදා පැවති මැයි රැළිය අතරතුර එවකට ජනාධිපති ආර්. පෙර්මදාස මහතා කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකට ලක්ව ඝාතනය විය. ඉන් අනතුරුව රැස්වූ පාර්ලිමේන්තුව ජනාධිපති පේරමදාස මහතාගේ ධූර කාලයේ ඉතිරිය සම්පූර්ණ කරන පිණිස එවකට අග්රාමාත්‍යවරයාව සිටි ඩී.බී.විජේතුංග මහතා ඒකමතිකව ජනාධිපතිධූරයට නම් කරන ලදි (මෙය ආණ්ඩුක්රම ව්‍යවස්ථාව පරිදි ක්රියාකිරීමකි).
ප.ව. 4.12 - ජනාධිපති නීතීඥවරයා එයට පිළිතුරු සපයයි. "එවැනි අවස්ථාවක රජයේ ඒ ඒ දෙපාර්තමේන්තුවල ප්රධානීන් තවදුරටත් සිය රාජකාරී ඉටුකරයි. එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. එහෙත් අමාත්‍යවරුන් විසින් අනුමැතිය දිය යුතු ඔවුන් විසින් ක්රියාවට නැංවිය යුතු ඇතැම් කාර්යය කිහිපයක් පමණක් එවැනි කාලයක් තුල සිදු නොවී පවතී. රටේ විධායක ජනාධිපතිධූරය හිස්ව තිබෙන අවස්ථාවක පවා රටෙහි රාජ්‍ය යන්ත්රය ක්රියාත්මකය. නිදසුනක් වශයෙන් 1993 මැයි 01 වන දා හිටපු ජනාධිපති රණසිංහ පෙර්මදාස මහතා ඝාතනය වූ අවස්ථාවේ සිට ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයාගේ පත්වීම තෙක් පැය 03 ක් පමණ කාලයක් ජනාධිපතිධූරය හිස්ව පැවතිනි. ඒ මොහාතේ පවා පොලීසිය ක්රියාත්මක වූ අතර, රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යනු ලැබිනි. ආණ්ඩුවක් රට තුළ නොමැතිවූ පමණින් රජයේ සියලු කටයුතු නැවතී යන්නේ නැත."
ප.ව. 4.11 - මේ අවස්ථාවේදී ගරු විනිශ්චය මණ්ඩලය ජනාධිපති නීතීඥවරයා වෙත ගැටලුවක් යොමුකරයි. මැතිවරණයකින් පසුව හෝ වෙනයම් අවස්ථාවක කැබිනට් මණ්ඩලයක් විසුරුවාහරිනු ලදුව එය යළි පත්කරන තෙක් කාලය තුළ එන අතරතුර කාලයේදී රජයක ක්රියාකාරීත්වය නතරවනවාද?
ප.ව. 4.03 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා විසින් දැක්වූ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් 2018 ශෙර්ෂ්ඨාධිකරණ නඩු තීන්දුව පහත සබැදිය හරහා කියවිය හැකිය.
Link: http://bit.ly/SCFR-351-2018
ප.ව. 3.46 - 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සිය බලතල ක්රියාත්මකකිරීමේදී පාර්ලිමේන්තුවට වගකිවයුතුයැයි දක්වා තිබෙන බව සදහන් කළ ජනාධිපති නීතීඥ චානක ද සිල්වා එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිධූරයේ බලතල පරම සහ කොන්දේසිවලට යටත් නොවන්නකැකි කිව හැකිදැයි ගරු අධිකරණයෙන් විමසා සිටියහ.
ප.ව. 3.42 - මෙම පෙත්සම් විභාගයේ අරමුණ විය යුත්තේ ජනාධිපතිවරයා සතු බලය පරම සහ කොන්දේසිවලට යටත් නොවන එකක්ද (Plenary) යන වග අවබෝධකරගැනීම විය යුතුයැයි ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා කියා සිටී. Plenary යන යෙදුම නිර්වචනය කරන ජනාධිපති නීතීඥවරයා එයින් සම්පූර්න, පරිපූර්ණ, පරම සහ සීමාකිරීමකට යටත් නොවන (full, entire, complete, absolute, unqualified) යන අර්ථය දෙන්නේ යැයි නිර්වචනය කළහ.
ප.ව. 3.39 - ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සදහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්රය හෝ ඒ පිළිබද යම් තොරතුරක් පිළිබද මෙතෙක් කිසිවක් සොයාගැනීමට සිය සේවාදයාකයා වන රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට හැකිව නැතැයි ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා අධිකරණය හමුවේ ප්රකාශ කරයි.
ප.ව. 3.28 - ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා විසින් මේ දක්වා ඉදිරිපත් කර ඇති කරුණුවල මූලික සාරාංශය ගත්කල එය නීතිපතිවරයා නියෝජනය කරමින් මෙතෙක් ඉදිරිපත්ව ඇති තර්කවල වලංගුභාවය ප්‍රශ්න කරන සහ එම තර්ක නිශේධනය කරන ආකරයේ කරුණු දැක්වීමකි.
ප.ව. 3.15 - ජනාධිපති නීතීඥවරයා 2018 වර්ෂයේදී ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව දෙසැම්බර් මස සත් පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිශ්ය මණ්ඩලයක් විසින් ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණයේ අවධානයට ලක්කරයි. එම නඩුව හරහා ජනාධිපතිවරයාගේ බලය පරම නෙවන සහ කිසිදු කොන්දේසියකට යටත් නොවන්නක්යැයි (President dose not have plenary powers ) නොසැලකිය යුතුයැයි අධිකරණය තීරණය කළ බව ජනාධිපති නීතීඥවරයා දක්වයි.
ප.ව. 3.05 - 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ තුන්වැනි සහ හතරවැනි ව්‍යවස්ථා වෙත අවධානය යොමුකරන ජනාධිපති නීතීඥවරයා ජනරජයේ ස්වාධිපත්‍ය බලය පිළිබදව තවදුරටත් පැහැදිලි කරයි. මජනතාව සතු පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව සහ විධායක ජනාධිපති යන ආයතන දෙක හරහාම ක්රියාත්මක වේ. නීති සම්පාදන බලය පාර්ලිමේන්තුව හරහාත් විධායක බලය ජනාධිපතිවරයා හරහාත් ක්රියාත්මක වේ. එබැවින් ජනාධිපතිවරයාගේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු ලිඛිත නීති තුලින්ම පැමිණිය යුතුවේ.
ප.ව. 3.01 - 03 වන වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධූරයේ බලතල දක්වන 42 වන වගන්තිය මූලික කරගෙන ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් තහවුරු කරයි. 1978 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන බව ජනාධිපති නීතීඥවරයා විසින් ගෙනහැර දක්වයි.
ප.ව. 2.51 - රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා (03වන වග උත්තරකරු) වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා සිය සේවා දායකයා වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භකරයි.
ප.ව. 1.53 - පෙත්සම් විභාගයේ දෙවැනි දින කටයුතු ආරම්භ විය. රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් අද දින ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා පෙනී සිටිමට නියමිතව ඇත.
පෙ.ව. 10.01 - පෙත්සම් විභාගයේ දෙවැනි දිනයේ කටයුතු අද සවස 1.30 ට ආරම්භවීමට නියමිතයි.
ඊයේ දින පෙත්සම් විභාගයේ සාරාංශය පහත පරිදි වේ.
පෙත්සම්කරා පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් පෙත්සමෙහි 05 වන විත්තිකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතා යටකී ප්රශ්නගත ද්විත්ව පුරවැසි සහතිකය ලබාගත් ආකාරය නීතියට පටහැනියැයි දක්වා සිටියහ. එහිදි ඔහු ඉදිරිපත් කළ අදහස් වූයේ අදාළ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2005 වර්ෂයේ නොවැම්බර් මස 21 වන දාතමින් යුතුව නිකුත් කරන ලද ද්විත්ව පුරවැසි සහතිකයක් ලබාගෙන ඇති නමුත්, ජනාධිපතිවරණයක් අවසන්ව කැබිනට් මණ්ඩලයක් පත්කර නොතිබූ නොවැම්බර් 17 - 24 දක්වා කාලය තුළ එවැනි සහතිකයක් නිකුත්කිරීම සදහා බලය සහිත අමාත්‍යංශ ලේකම්වරයෙකු අදාළ කාලය තුළ පත්කර නොසිටි බවයි. එබැවින් යටකී ද්විත්ව පුරවැසි සහතිකයේ වලංගුභාවය දිගින් දිගටම ප්‍රශ්න කළ පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා එය පිළිගත නොහැකි සහතිකයක්යැයි සදහන් කළහ.
ඉන් අනතුරුව පෙත්සමේ වලංගුභාවය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මූලික විරෝධතා දැක්වීය. එහදී නිතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැක්වූ අදහස වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයෙකු පත්කර නොමැති ඕනෑම විෂයක් සම්බන්ධයෙන් අධිකාරීබලය ජනාධිපතිවරයා සතු බැවින් ඔහුගේ අනුදැනුම සහ අනුමැතිය යටතේ ඕනෑම අමාත්‍යංශයක නිල කාර්යයන් සිදුවිය හැකිබවයි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය නීතියට අනුකූලව (interms of the law) සහ නිසි බලධාරියාගේ අධිකාරීත්වය යටතේ (intra vires) නිකුත් කරන ලද්දකැයි නීතිපතිවරයා විසින් දැක්වීය.
පෙත්සමෙහි මූලික සාරාංශය පහත පරිදි වේ.
ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්දර්ගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් ගොනු කළ රිට් පෙත්සම එහි 05 වන වගඋත්තරකරු වශයෙන් නම් කර තිබෙන ගෝඨාභය රාජපකෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය නීතිවිරෝධී වශයෙන් සදහන් කළ පෙත්සමකි.
මෙම පෙත්සම හරහා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඉල්ලීම පහතපරිදි විය.
1) යටකී ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස
2) යටකී ද්විත්ව පුරවැසිභාවය පදනම් කරගෙන 05 වන වගඋත්තරකරුවන ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත්කර ඇති ශ්රී ලාංකික ගමන් බලපත්‍රය අහෝසි කරන සර්ටියෝරාරි ආඥාවක් නිකුත් කරන ලෙස
3) එම ද්විත්ව පුරවැසි සහතිකය පදනම් කරගෙන 05 වැනි වගඋත්තරකරුට නිකුත් කර ඇති ජාතික හැදුනුම්පත අහෝසි කරන ලෙස
4) ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම හෝ ඒ අනුව ඔහුට ශ්රී ලාංකික ගමන් බලපත්රයක් නිකුත්කිරීමෙන් හෝ පෙත්සමේ පළමු වගඋත්තරකර්වන ආගමන විගමන පාලකවරයා වලක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
5) ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික හැදුනුම්පතක් නිකුත්කිරීමෙන් දෙවැනි වගඋත්තරකරුවන පුද්ලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වලක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
6) ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින කවරෙකු හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු සේ සලකා කටයුතුකිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
7) පෙත්සම් විභාගය අවසන් වනතුරු 05 වන විත්තිකරු යටකී ප්‍රශ්නකාරී ගමන් බලපත්‍රය හෝ හැදුනුම්පතභාවිත කර කිසිදු නීතිමය ක්රියාවක නිරතවීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස
පෙත්සමෙහි 01 - 04 වග උත්තරකරුවන් යටකී 05 වන වග උත්තරකරු ශ්රී ලාංකිකයෙකු සේ සලකා කිසිදු හෝ ක්රියාමාර්ගයක් ගැනීම පෙත්සම් විභාගය අවසන් වන තෙක් තහනම්කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
#2019 ඔක්තෝබර් 02
ප.ව. 05.00 - පෙත්සම් විභාගයේ අද දිනය සදහා නියමිත කටයුතු අවසන් කළ අභියාචනාධිකරණය පෙත්සම හෙට (ඔක්තෝබර් 03) සවස 1.30 යළි විභාගකිරීම සදහා කැදවීමට නියම කළහ.
ප.ව. 04.52 - (පැහැදිලිකිරීම්) ඇතැම් වෙබ් සහ සමාජ මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලිපිගොනු සිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බවක් ආගමන විගමන පාලකවරයා විශේෂයෙන් සදහන් නොකළහ. ඔහු පොදුවේ සදහන් කළේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සදහ 2007 වර්ෂයට පෙර ඉදිරිපත්වූ කිසිදු ඉල්ලීමක් සම්බන්ධයෙන් ලිපිගොනු තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.
ප.ව. 04.51 - 2007 වර්ෂයට පෙර ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා සිටිමින් ඉදිරිපත්වූ කිසිදු ඉල්ලීමක් සම්බන්ධයෙන් ලිපිගොනු සිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.එස්.පී.බී. රත්නායක මහතා තමන් වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ හරහා අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදි. මෙම ප්‍රකාශය හෙට දිනයේදී නීතිපතිවරයා හරහා ඉදිරිපත්කරන දිව්රුම් පර්කාශ වශයෙන් ලබාදෙන ලෙස අධිකරණය අදාළ වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදි.
ප.ව. 04.33 - (පැහැදිලිකිරීම්) පෙත්සම්කාර පාර්ශව විසින් මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශව 08 න් පාර්ශව 05 ක්ම රාජ්‍ය නිලධාරීන්වේ (ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා වැනි පිරිස්). නීතිපතිවරයා රජයේ ප්‍රධානතම නීතීඥයා වන බැවින් යටකී රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ නීතිමයභාවය අධිකරණයට ඒත්තු ගැන්වීමත් ඔහුගේ රාජකාරිය වේ. ඒ හැර ඉහත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සදහා පුද්ගලික නීතීඥයන් පෙනී සිටිමක් සිදු නොවේ. නමුත් නීතිපතිවරයාගේ උපදෙස් සහ අනුමැතිය යටතේ රජයේ පාර්ශවයේ ඒ ඒ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන් පෙනීසිටී.
ප.ව. 04.33 - නීතිපති දප්පුල ද ලිවේරා මහතා පෙත්සමේ වලංගුභාවය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත්කිරීම ආරම්භ කරයි.
ප.ව. 04.14 - "ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකු ජනාධිපතිධූරය සදහා යම් හෝ හෙයකින් තේරී පත්කරගනු ලැබුවහොත් එයින් රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවයටද කිසිසේත් නිවැරදි කළ නොහැකි හානියක් සිදුවනු ඇත."
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු සිය කරුණු දැක්වීම අවසන් කරයි.
ප.ව. 04.01. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන කරුණු දැක්වීම තවදුරටත්. මේ දක්වා නීතීඥවරයා විසින් ගෙනහැර දක්වන ලද කරුණුවලටවල මූලික සාරාංශය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2005 වර්ෂයේ නොවැම්බර් මස 21 වන දාතමින් යුතුව නිකුත් කරන ලද ද්විත්ව පුරවැසි සහතිකයක් ඉදිරිපත් කර ඇති නමුත්, එවැනි සහතිකයක් නිකුත්කිරීම සදහා බලය සහිත අමාත්‍යංශ ලේකම්වරයෙකු අදාළ කාලය තුළ පත්කර නොසිටි බවයි. ජනාධිපතිවරණයක් අවසන්ව එවකට බලයේ සිටි අග්‍රාමාත්‍යවරයා (මහින්ද රාජපක්ෂ) ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව (2005 වර්ෂයේ ජනාධිපතිවරණය එම වසරේ නොවැම්බර් මස 17 වන දින පැවැත්විණි) නොවැම්බර් 18 වනදා සිට 24 වන දා දක්වාම අමාත්‍යංශ ලේකම්වරුන් පත්කර නොතිබුනි. එබැවින්, එවැනි සහතිකයක් නිකුත්කිරීම සදහා නිසි බලධාරියා වන අමාත්‍යංශ ලේකම්වරයෙකු නොමැති අවස්ථාවක නිකුත් කළ ද්විත්ව පුරවැසි සහතිකයක් වලංගු සහ පිළිගත හැකි සහතිකයක් නෙවේ.
පෙ.ව. 11.34- අභියාචනාධිකරණයේ සෙසු කටයුතුවලින් අනතරුව තරීපුද්ගල විනිශ්චය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද පෙත්සම විභාගය ආරම්භකරන ලදි. පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීම ආරම්භකරයි.
පෙ.ව. 10.20 - මෙම නඩුවෙහි වගඋත්තරකාර පාර්ශව වශයෙන් 1) ආර්. එම්.පී.එස්.බී. රත්නායක මහතා. (ආගමන විගමන පාලක), 2) පී. වියානි ගුනතිලක මහතා (පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්), 3) අමාත්‍ය වජිර අබේවර්ධන (ස්වදේශකටයුතු සහ රාජ්‍ය පරිපාලය අමාත්‍ය), 4) ගාමිනී සෙනෙවිරත්න මහතා (ස්වදේශකටයුතු සහ රාජ්ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්). 5) ගෝඨාභය නන්දසේන රාජපක්ෂ, 6) මහින්ද රාජපක්ෂ, 7) රවී සෙනෙවිරන්ත (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති), ජී. එස්. අබේසේකර මහතා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ), සහ 9) ලලිත දිසානායක (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කොට්ඨාශයේ ස්ථානාධිපති) යන පුද්ගලයන් නම් කර ඇත.
පෙ.ව. 10.00 - අද දිනය සදහා නියමිත අභියාචනාධිකරණ කටයුතු ආරම්භවිය.
පෙ.ව. 9.31 - ගොඨාභය රාජපක්ෂ මහතාගේ ශිරී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා විභායගයට ගැනීමට අභියාචනාධිකරණය මින් පෙර තීරණය කළහ. එබැවින් අද දිනයට නියමිත සෙසු නඩු කැදවා ඒවා සදහා ඉදිරි දින නියමකිරීමෙන් අනතුරුව (keep down) ගොඨාභය රාජපක්ෂ මහතාට සම්බන්ධ පෙත්සම විභාගයට ගනු ඇත.
පෙ.ව. 9.30 - සාමාන්ය ඉහළ උසාවි සම්ප්‍රධායන්ට අනුව පෙරවරු 9.30 වනවිට අභියාචනාධිකරණය ඉදිරියේ නඩු කටයුතු ඇති සියලු පාර්ශව අභියාචනාධිකරණ පරිශ්‍රය තුළ සිටිය යුතුවේ. එදිනට නියමිත නඩු සදහා සහභාගීවන ගරු විනිසුරුවරුන් පෙ.ව.10.00 වනවිට විනිශ්චයාසනය වෙත පැමිණේ.
#2019 සැප්තැම්බර් 30
පෙත්සම සදහා අතුරු සහන ලබාදීම (interim relief) සදහා වන පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 02 සහ 03 යන දිනවල පැවැත්වීමට තීරණයවිය. ඔක්තෝබර් මස 02 වන දින නඩු විභාගය උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිත අතර 03 වැනිදා නඩු විභාගය සවස 2.00ට ආරම්භවුන ඇත.
කෙසේ වෙතත් මෙම නඩුවෙහි ඇති සංකීරණභාවය සැලකිල්ලට ගෙන නඩුව සදහා තුන්වැනි විනිසුරුවරයෙකු නම්කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සදහා ගරු මහින්ද සමයවර්ධන විනිසිරුතුමන්ගෙන් ද සමන්විත ත්‍රී පුද්ගල විනිශ්චය මණ්ඩලයක් (විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සමග) නඩුව සදහා නියමවිය.
මූලික පෙත්සම් විභාගය සිදුකළ ද්වීපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින්ම පෙත්සමේ ඉදිරි විභාග කටයුතු සිදුකිරීම සම්බ්නධයෙන් විරෝධතා කිසිවක් ඇතිද යන වග ගරු අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විමසනු ලැබීය. එවැනි විරෝධතාවයක් නැතිබව වගඋත්තරකාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.
කෙසේ වෙතත් ගරු අධිකරණය මෙම පෙත්සම විභාගකිරීමට තීරණය කළ අතර අදාල ගැටලුවෙහි ඇති ජාතික සංවේදීතාවය සලකා එය ප්‍රමුඛතාවයක් සේ විභාගයට ගැනීමට දින නියම කළහ
වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා යටකී පෙත්සම කූඨ අරමුණක් පෙරදැරි කරගෙන ගොනු කර ඇති බවත් එය පදනම් විරහිතබවටත් කරුණු දැක්වීය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් ගොඨාභය රාජපක්ෂ මහතාගේ යටකී ශ්‍රී ලාංකික පුරවැසිභාවය ප්‍රශ්නකාරී සහ නීතිමය නොවන ආකාරයට ලබාගෙන ඇතැයි පැහැදිලිකරේය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමේ සූදානමක් ඇති බව දැනගන්නට ඇති හෙයින් පෙත්සම පිලිබද නඩු විභාගය හදිසි කාරණාවක් සේ සලකා හැකි වහාම විභාගයට ගන්නා ලෙසද ඒ මහතා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතාද වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ අලි සාබ්‍රි යන මහත්වරුන් පෙනී සිටියහ. පෙත්සම විසින් වගඋත්තරකාර පාර්ශවයක් වශයෙන් නම්කර තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පෙත්සම සම්බන්ධයෙන් මූලික විභාගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ එදිනම විභාගයට ගන්නා ලදි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එකසත් ජනපදයේ පුරවැසිභාවය දරමින්ම 2005 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් ආකාරයේ නීතිමය බව ප්‍රශ්න කරමින් එකී පුරවැසිභාවය පිලිනොගන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාසිටිමින් අභියාචනාධිකරණය වෙත පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා රිට් පෙත්සමක් ඉදිරිපත් විය.