වැලිබල් ෆිනෑන්ස්, වැලිබල් සමූහයේ සාමාජිකයෙක් වන අතර එහි අනෙකුත් සාර්ථක සහ ප්‍රසිද්ධ ආයතන අතර රෝයල් සෙරමික්‌ස්, හේලීස් සමූහය, ඩෙල්මේ- ෙµdaසයිත් ප්‍රධාන තැනක් ගනී. ලාංකීය බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී නාමයන් වන ධම්මික පෙරේරා (සභාපති - සම්පත් බැංකුව), නිමල් පෙරේරා (සභාපති - PABC බැංකුව) සහ සුමිත් ආදිහෙට්‌ටි (කළමනාකාර අධ්‍යක්‍ෂ LB ෆිනෑන්ස්) යන මහත්වරුන්ගේ නිසි මග පෙන්වීම, වැලිබල් ෆිනෑන්ස් ලද සාර්ථකත්වයට හේතුවක් ලෙස දැක්‌විය හැක.
"සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස මූල්‍ය ලොව තුළ ස්‌ථාවරත්වයට පත්වූ අප, දසත විසිරී සිටින අපගේ පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා පහසුකම් සැපයීම පිණිස ඉදිරියේදී රට පුරා අපගේ ශාඛා පිහිටුවීමට සැලසුම් සකස් කරමින් සිටින අතර, එමගින් වඩා ඉහළ ගුණාත්මක බවින් යුතු සේවයක් ඔවුනට ලබාදීමට හැකිවන බව අපගේ විශ්වාසයයි," යනුවෙන් ගම්පහ සේවා මධ්‍යස්‌ථානය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ මොහොතට සහභාගි වෙමින් වැලිබල් ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්‍ෂ ජයන්ත රන්ගමුව මහතා පැවැසීය. එමෙන්ම 2012 වසර ආරම්භයේදී මීගමුව නගරය කේන්ද්‍ර කොට ගනිමින් සේවා මධ්‍යස්‌ථානයක් ආරම්භ කළ අතර මෙම ගම්පහ සේවා මධ්‍යස්‌ථානය ස්‌ථාපිත කිරීමෙන් පසුව තෝරාගත් නගර කිහිපයක මෙවන් සේවා මධ්‍යස්‌ථාන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ජයන්ත රන්ගමුව මහතා වැඩිදුරටත් පවසයි.
වැලිබල් ෆිනෑන්ස් සහ එය අයත් වන වැලිබල් ව්‍යාපාර සමූහය ගම්පහ ප්‍රදේශය තුළ ගොඩනැගෙමින් පවතින ව්‍යාපාරික සුවිශේෂීතාවන් මනාව හඳුනාගෙන ඇති බව පවසන එම ව්‍යාපාර සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා, කෘෂිකාර්මික කටයුතු සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ප්‍රචලිතව තිබූ ගම්පහ ප්‍රදේශය අද වන විට සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු ව්‍යාපාරික ක්‍ෂේත්‍රයන් වලද මනා වර්ධනයක් පෙන්නුම් කරන බව වැඩිදුරටත් පවසයි. ව්‍යාපාරික ලොව දුරදක්‌නා නුවණකින් ක්‍රියා කරන ඒ මහතා, වැලිබල් ෆිනෑන්ස් හරහා වැලිබල් ව්‍යාපාර සමූහය ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව පවසනුයේ ගම්පහ ප්‍රදේශයේ ජනතාවගේ සිත් තුළ බලාපොරොත්තුවේ සිතුවිලි ඇති කරවමිනි.
http://www.divaina.com/2012/06/22/velanda02.html