සෞභාග්‍ය ව්‍යාපෘතිය මගින් ග‍්‍රාමීය කාන්තාවන් අතර කුඩා ව්‍යවසායකත්වය ප‍්‍රචලිත කරමින් ඔවුන් ආර්ථික වශයෙන් ස්වාධීන පුද්ගලයින් බවට පත්වීමට උනන්දු කරවයි.
මෙවර සම්මාන උත්සවයේදි සිය ඉලක්ක සපුරා ගත් ව්‍යවසායී කාන්තාවන් 70 දෙනෙකුට සම්මාන හා ත්‍යාග පිරිනමන ලදි.
සෞභාග්‍ය ශූරීන්ට පිරිනැමු ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 2 ට අධිකය. මෙම අවස්ථාවට එක් වූ යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමේ සභාපති හා කළමණාකාර මණ්ඩලය සහ සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මියද අදහස් දැක්වුහ.
මීට වසර 8 ට පෙර සමෘද්ධි අධිකාරිය සමග එක්ව යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ හරහා ග‍්‍රාමීය කාන්තාවන් කුඩා ව්‍යවසායකයින් බවට පත් කරමින් ඔවුන්ගේ ආර්ථිකය නංවාලීමට කටයුතු කෙරෙයි. යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමේ නිෂ්පාදන එම කාන්තාවන් ජීවත් වන ග‍්‍රාමයේ සෑම නිවසක් වෙතම ගොස් අලෙවි කර එම වෙළදනාම ප‍්‍රචලිත කිරීමේ සෘජු වෙළදනාම ප‍්‍රවර්ධකයන් ලෙස කටයුතු කිරීමට ආවස්ථාව සැලසෙයි.
සෞභාග්‍යා ව්‍යාපෘතිය සමෘද්ධි සමාජ 170 ක කි‍්‍රයාත්මක වන අතර ග‍්‍රාමීය කාන්තාවන් 3000 ක් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්වය වර්ධනයට කටයුතු කරයි.
මෙහිදි අදහස් දැක්වු සෞභාග්‍ය ව්‍යාපෘතියේ කළමනාකරු කුමුදු ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ ,ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් සමාජ හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම මෙන්ම ඒ හරහා රට ශක්තිමක් කිරීමට හැකිවි ඇති බවයි. සෞභාග්‍ය හරහා ග‍්‍රාමීය කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ස්වාධීන කිරීමට හැකි වී තිබෙනවා,
සෞභාග්‍ය ව්‍යාපෘතියේ විසල් පිම්මක් ලෙස ‘ගමට සෞභාග්‍ය වැඩසටහන’ 2011 වසරේදි ආරම්භ කළ අතර එමගින් රටපුරා ප‍්‍රජා ව්‍යාපෘති 35 ක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 2 ක මුදල් පිරිනමා තිබේ.
පාසල් හා පෙර පාසල් අලූත් වැඩියා කිරීම, පානීය ජල ව්‍යාපෘති, මාර්ග සංවර්ධන ව්‍යාපෘති. ප‍්‍රජාශාලා අලූත් වැඩියාව හා පාලම් ඉදිකිරීම මෙම ප‍්‍රජා ව්‍යාපෘති වේ.
මේ සියලූ කටයුතු කිරීමට හැකි වි ඇත්තේ සෞභාග්‍ය සාමාජිකයන් හා සමෘද්ධි අධිකාරියේ සහය හා කැපවීම නිසා බව කුමුදු ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
2012/11 මූල්‍ය වර්ෂය තුළ මෙවැනි නව ව්‍යාපෘති 50ක් ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඔහු මෙහිදි අනාවරණය කළේය.
ජායාරූපය 3 - සම්මාන හා ත්‍යාගලාභී සෞභාග්‍ය දිරිය කාන්තාවන් සමග ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ, යූනිලීවර් ශ‍්‍රී ලංකා සමාගමේ අළවි අධ්‍යක්‍ෂීකා රමණි සමරසුන්දර, සෞභාග්‍ය ව්‍යාපෘතියේ කළමනාකරු කුමුදු ද සිල්වා යන මහත්ම මහත්මීන් සමූහ ජායාරූපයකට පෙනී සිටි අයුරු.
http://sinhala.adaderana.lk/news.php?nid=25411