සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්‌ට් බැංකුව සහ ස්‌ටැන්ඩර්ඩ් චා(ර්)ටඩ් යන බැංකු සමග එළැඹි එකඟතාවට අනුව ආයතනයෙන් ලබා ගන්නා රෝග නිවාරණ පරීක්‍ෂණ සේවා හෝ ප්‍රතිකාර සඳහා ගෙවීම් පියවීමට සේවාලාභීන් මෙම බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ගැනීමෙන් අදාළ පහසුකම ඔවුනට හිමිවේ.
ආයතනයේ සේවාවන් සඳහා අය කෙරෙන රුපියල් 5000 සිට රුපියල් ලක්‍ෂ 3 දක්‌වා වන බිල්පත් අගයන් ගෙවීම සඳහා මාස 3 සිට මාස 26 දක්‌වා වාරික ක්‍රම මෙහිදී පාරිභෝගිකයන්ට හිමිවන අතර වාරික ක්‍රමය සේවාලාභියාගේ ක්‍රෙඩිට් කාඩ්පත අනුව තීරණය වන බව මධ්‍යස්‌ථානය පවසයි.
මේ පිළිබඳ අදහස් දක්‌වන සෙලින්කෝ හෙල්ත්කෙයාර් සෙන්ටර්හි සාමාන්‍යාධිකාරී තාරුක ද සිල්වා මහතා "මෙම පහසුකම දැනටමත් අපෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා පිළිකා රෝගීන්ට ලබාදෙන බැවින් ප්‍රතිකාර සඳහා ගෙවිය යුතු වැය බර මෙම පහසුකම මගින් සැලකිය යුතු තරමින් අඩුවන බව හොඳින් නිරීක්‍ෂණය කළ හැකි වෙනවා. මේ නිසා සුවතා පරීක්‍ෂණ සහ ප්‍රතිකාර සඳහා සෙලින්කෝ හෙල්ත්කෙයාර් සෙන්ටර් වෙත පැමිණෙන අනෙකුත් පාරිභෝගිකයන් සඳහාද මෙම පහසුකම පුළුල් කිරීමට අපි තීරණය කරනු ලැබුවා" යනුවෙන් පැවසීය.
http://www.divaina.com/2012/07/06/velanda02.html