LAUGFS Gas දියරමය පෙට්‍රොaලියම් ගෑස් (LPG) බෙදාහැරීම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් වේ. LAUGFS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන LAUGFS Gas ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ස්‌වයංපෝෂිත කරමින් ඉතා ශක්‌තිමත්ව වර්ධනය වී ඇත. දියරමය පෙට්‍රොaලියම් ගෑස් (LPG) බෙදාහැරීමේ ප්‍රමුඛයා බවට පත්වී සිටින ඔවුන්ගේ මූලික සැලසුම් වලින් එකක් වන්නේ එම තත්ත්වය තවදුරටත් පවත්වා ගෙන යැමය. මෙය සිදුකිරීමේදී, දිවයින පුරා ඉහළ යන පාරිභෝගික ඉල්ලුමට සේවය සැලසීම සඳහා සිය බර වාහන ඇණිය ශක්‌තිමත් කිරීමේ අවශ්‍යතාව ඔවුහු හඳුනාගත්හ. ඔවුන් බර අධික දැ ප්‍රවාහනය සඳහා අඩු වියදමක් හා අඩු කාලයක් යෙදවිය හැකි වාහනයක් සෙවූ අතර සියලු විකල්පයන් සලකා බලා අවසන මර්සිඩීස් බෙන්ස් Actros ට්‍රක් රථය තෝරා ගත්තේ එහි බලයලත් නියෝජිත වන ඩීමෝ වෙතිනි.
LAUGFS Gas හි සභාපති වෑගපිටිය මහතා පවසා සිටියේ, "නිෂ්පාදනය සහ ආරක්‍ෂාව යන අංශ දෙකෙහිම උසස් තත්ත්වයක් පෙන්නුම් කරනා විශිෂ්ටතම තත්ත්ව නාමය වන්නේ මර්සිඩීස් බෙන්ස්‌ය. අප විශ්වාස කරනවා මෙම ඡරසපැ ඵදඩැර Actros 2636 රථය ලබා ගැනීම තුළින් අපගේ දියරමය පෙට්‍රොaලියම් ගෑස් (LPG) බෙදාහැරීම් ජාලයට වැඩි වටිනාකමක් සහ ආරක්‍ෂාවක් එක් කරනු ඇති බව. මෙම යන්ත්‍රොaපකරණ අපගේ පාරිභෝගික ජනතාවගේ සිත් වලටද සතුටක් එක් කරන බව නොඅනුමානයි." යනුවෙනි.
http://www.divaina.com/2012/07/08/economic03.html