හම්බන්තොට වරාය ආශ්‍රිතව ඩොලර් බිලියනයක ආයෝජන කැඳවා ගැනීමේ අරමුණෙන් 2012 අගෝස්තු වලින් අවසන් වන ආයෝජන යෝජනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි.
“දෙවන වරට යෝජනා කැඳවීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ ඩොලර් බිලියනයක පමණ ආයෝජන ගෙන්වා ගැනීමටයි.“
යනුවෙන් අද කොළඹ පැවැත්වෙන වරාය හා නාවික සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම සඳහන් කළේය.
වරාය අධිකාරිය විසින් කැඳවූ පළමු ආයෝජන යෝජනා වලින් ඩොලර් මිලියන 800 ක් වටිනා ආයෝජන යෝජනා 11 ක් සඳහා අනුමැතිය ලබාදී තිබෙන අතර සිමෙන්ති ඇසුරුම් කම්හලක්, සීනි පිරිපහදුවක්, ප්ලාස්ටික් නිෂ්පාදන කම්හලක්, ගබඩා ඇතුළු ආයෝජන මේ යටතේ සිදු කිරීමට නියමිතය.
චීන ණය ආධාර මත ඉදිවන හම්බන්තොට වරාය කාර්මික වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය ඉලක්ක කර තිබෙන අතර මෙම වරාය ඔස්සේ වාහන ප්‍රති අපනයනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1589810962