ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයකු ඇතුළු නව අධ්‍යක්‍ෂක මණ්ඩලය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද(10) දින පත්කළ බව සඳහන්ය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස තිලක් කොල්ලූරේ මහතා හා අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජිකයන් ලෙස සුසන්ත සිල්වා, හෑන්ස් විජයසූරිය, නලින් පැටිකිරිකෝරාල යන මහත්වරු ගරු අමාත්‍යතුමන් විසින් පත්කර ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය ලෙස කටයුතු කළ දයානන්ද විදානගමාච්චි(හිටපු වැඩබලන සභාපති), ලක්‍ෂ්මන් ගුණවර්ධන, මෙත්සිරි විජේගුණවර්ධන යන මහත්වරු හා චම්පිකා අමරසේකර මහත්මිය ඉල්ලා අස්වී ඇත.
කාලයක් තිස්සේ නිසි ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් ආනයනය කිරීම හේතුවෙන් රථ වාහන විශාල ප්‍රමාණයකට හානි සිදුවූ අතර ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් තෝරාගත් පිරිසකට ඊට අදාළ වන්දි මුදල්ද ප්‍රදානය කෙරිණි.
එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් ප්‍රමිතියෙන් තොර ඩීසල් ආනයනය කෙරුණු අතර ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා විසින් එහි වගකීම හිටපු සභාපති හැරී ජයවර්ධනට පවරනු ලැබිණි.
එහෙත් හැරී ජයවර්ධන මහතා පවසා තිබුණේ සියලු ගනුදෙනු සිදුවූයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ අනුදැනුම සහිතව බවයි.
http://sinhala.adaderana.lk/news.php?nid=26463&mode=beauti