මෙරට විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය පවත්වාගෙන යන කාර්ගීල්ස් සමාගම් සමූහයේ පසුගිය ජුනි කාර්තුවේ ලාභය 2011 ජුනි කාර්තුවට සාපේක්ෂව සියයට 24 කින් අඩුවී රුපියල් මිලියන 245 ක්වී තිබෙන බව හෙළිවේ.
නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ ජුනි කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.10 ක්වී තිබෙන බවයි.
මෙම කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 25 කින් වැඩිවී රුපියල් බිලියන 14.1 ක්වී තිබෙන අතර විකුණුම් පිරිවැය සියයට 25 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 12.6 ක්වී තිබේ. කෙසේවෙතත්, සමාගම දළ ලාභය සියයට 26 කින් වැඩිකර රුපියල් බිලියන 1.46 ක් බවට පත්කර ගැනීමට සමත්ව තිබේ.
නමුත්, පොලී වියදම සියයට 115 කින් රුපියල් මිලියන 274 ක් දක්වා වැඩිවී තිබෙන අතර සමාගම් සමූහයේ වත්මන් ණය මුදල රුපියල් බිලියන 8.7 කි.
පොලී අනුපාතය පහළ ගොස් තිබූ අවදියේදී කාර්ගීල්ස් බීර නිෂ්පාදනය හා විස්කෝතු නිෂ්පාදනයට පිවිසුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1044220170