ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අදාළ කාලය තුළ අපනයන ආදායම් 27.7%කින් ඉහළ ගියත් ආනයන වියදමේ වර්ධනය 51.8%කින්
විදේශ වෙළඳාම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කොට ඇති නවතම දත්ත අනුව වසරේ මුල් මාස 9ය තුළ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7819.9ක්එහෙත් ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 14,685ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව අදාළ කාලය තුළ වෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 6,865.1කි.
අපනයනවලදී රබර් නිෂ්පාදන රෙදිපිළි හා ඇඟලුම් මෙන්ම ඛනිජ ද්‍රව්‍ය අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළත් පෙර වසර හා සැසදීමේදී තේ නිෂ්පාදනය ඉහළ ගොස් ඇත්තේ, 3.2%කින් වීම විශේෂත්වයකි.
ආනයන වර්ධනය සඳහා ඛනිජ තෙල් වාහන ගොඩනැගිලි ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ ආනයන විශාල ලෙස ඉහළ යාම හේතුවී ඇතැයි, මහ බැංකුව පවසයි.
http://www.newsfirst.lk/sinhala-news/Business/?view=news_more&id=4266