පොල් කටු අඟුරු වලින් ක්‍රියාකාරී කාබන් නිපදවන හේලීස් සමාගම් සමූහයට අයත් හේකාබ් සමාගම, තායිලන්තය පදනම් කරගත් ක්‍රියාකාරී කාබන් නිපදවන සමාගමක් මිලදීගෙන තිබෙන අතර මෙයින් සිය නිෂ්පාදන ධාරිතාවය සියයට 10 කින් වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
හේකාබ් සමාගම විසින් කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ තායිලන්තයේ Ratchburi පදනම් කරගත් Shizuka Co. Ltd සමාගම සිය සමාගමට සියයට 50 ක කොටස් අයිතිය හිමි Carbokarn Co. Ltd සමාගම හරහා මිලදීගත් බවයි.
හේකාබ් සමාගමට ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල පොල් කටු අඟුරු වලින් ක්‍රියාකාරී කාබන් නිපදවීමේ කර්මාන්ත ශාලා තිබේ.
2012 ජුනි වලින් අවසන් වන කාර්තුවේදී සමාගම් සමූහය විසින් රුපියල් මිලියන 179.1 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සසඳන විට සියයට 44 ක වර්ධනයකි.
මේ අනුව, 2012 ජුනි කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 6.03 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1446246388