ක්‍රම ක්‍රමයෙන් කල් පිරෙමින් තිබෙන නිසා සිය භාණ්ඩාගාර බිල්පත් තොගය මහ බැංකුව විසින් විකුණනු ඇතිබව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන අතර මේ තුළින් රුපියල ශක්තිමත්වීම හා විදේශ සංචිතය වැඩිවීම සිදුවන බව ආර්ථික විශේලේෂකයෝ පවසති.
මහ බැංකුව සතුව රුපියල් බිලියන 200 කට මදක් වැඩි භාණ්ඩාගාර බිල්පත් තොගයක් තිබෙන අතර මේවා 2011 හා 2012 ගෙවුම් ශේෂ අර්බුදය පැවති සමයේ මුදල් අච්චු ගසමින් මිලදී ගත් ඒවාය.
මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ඉදිරියේදී මෙම බිල්පත් කල් පිරෙන විට ඒවා වෙළඳ පොළට විකුණා දමන බවයි.
මේ වනවිට, ඒ සඳහා වෙළඳ පොළ හා පොලී අනුපාත තත්ත්වයන් ගැලපෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය සති කිහිපයේදී මෙරට බැඳුම්කර පොලී අනුපාතයන් විශාල ලෙස පහළ වැටුණු අතර මේ සතියේදී යළිත් පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ ගියේය.
පසුගිය කාලයේදී ඩොලරයක මිල රුපියල් 134 ක් වැනි මිලක් දක්වා ඉහළ නැගුණු අතර මේ වනවිට එය රුපියල් 128-129 සීමාව දක්වා පහළ බැස තිබේ.
2008/2009 ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසුවද ඩොලරයට රුපියල් 120 ක් හුවමාරු වුවත් පසුව එය රුපියල් 110 ක් දක්වා පහත වැටුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1652080864