මෙරට ක්‍රියාත්මක බැංකු වලට සම්බන්ධ සමූහ සමාගම්වල අවධානම් අදාළ බැංකු වලටද බලපා හැකි බැවින් එම සමූහ සමාගම්වල අවධානම් සමීපව නිරීක්ෂණය කිරීමට මූල්‍ය වෙළඳ පොළ නියාමකයින් සූදානම් වනබව මහ බැංකු අධිපතිවරයා කීය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ පැවති බැංකු අධ්‍යක්ෂවරුන්ගේ සමුළුවකදී අදහස් දක්වමින් ඒ බව පැවසුවේ මෙසේයි.
“මම දන්නවා, ඔබලාගෙන් බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නෙ බැංකු අංශය ගැන පමණක් නෙවෙයි. අනිකුත් ව්‍යාපාර කටයුතුත් ඔබලාට තිබෙනවා.“
“අනිකුත් ව්‍යාපාර කටයුතු හොඳින් සිදුවන විට එය බැංකු ව්‍යාපාර කටයුතු වලට සහයෝගයක්. නමුත්, අමාරු කාල වලදී සමාගම් සමූහයේ අවධානමෙන් මිදීමට යම් සහතිකයක් පිළිබඳව අවධානය යොමුකළ යුතු වෙනවා.“
මෙහිදී, මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මහ බැංකුව, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව, රක්ෂණ මණ්ඩලය හො කොළඹ කොටස් වෙළඳ පොළ එක්ව අන්තර්- නියාමන කමිටුවක් සකස් කර තිබෙන බවත් ඉදිරියේදී සමාගම් සමූහයන්ගේ අවධානම් පිළිබඳව එම කමිටුව විසින් සමීපව නිරීක්ෂණය කරනු ඇති බවයි.
සමාගම් වර්ධනය වනවිට ඒවායේ අන්තර් සම්බන්ධතා පුළුල් වන බවත් මෙවැනි තත්ත්වයකදී එක් අංශයක කර්මාන්තයක සිට අනිකුත් කර්මාන්ත සඳහා බලපෑම් සිදුවිය හැකි බවත් අධිපතිවරයා කීය.
මෙහීදි, බැංකු අංශයට අවධානමක් ඇතිවුවහොත් එය හුදකලා අවධානමක් නොවන බවත් මේ නිසා, සමාගම් සමූහ වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
කොටස් හිමියන් සඳහා සීමාවන් පැවතියත් මෙරට බැංකු කිහිපයක් විශාල සමාගම් සමූහයන්ට සම්බන්ධ වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1313480223